ශී‍්‍ර ලංකා කි‍්‍රකට් පදනමේ නිර්මාතෘ ගාමිණි දිසානායක මහතා අනුස්මරණය කිරීම සඳහා ශී‍්‍ර ලංකා කි‍්‍රකට් පදනම් කණ්ඩායමත් ඉන්දීය කි‍්‍රකට් සම්මේලන කණ්ඩායමත් අතර වාර්ෂික කි‍්‍රකට් තරගාවලිය හෙට (24 වැනිදා) කොළඹ ආර්. පේ‍්‍රමදාස කී‍්‍රඩාංගණයේදී ආරම්භ වෙයි. මෙම කි‍්‍රකට් තරගාවලිය මෙතැන් සිට වාර්ෂික විශේෂාංගයක් වනු ඇත. තරගාවලියේ සමාරම්භක තරගය සඳහා ප‍්‍රධාන ආරාධිතයා වශයෙන් ඉන්දීය කි‍්‍රකට් සම්මේලනයේ සභාපති මෙන්ම ඉන්දීය පාර්ලිමේන්තු මන්තී‍්‍ර වී. හනුමන්තා රා ඕ මහතා සහභාගි වන අතර විශේෂ ආරාධිතයකු වශයෙන් තමිල්නාඩු කි‍්‍රකට් සම්මේලනයේ සභාපති ජේ. එම්. හරූන් මහතා සහභාගි වෙයි.
- ශී‍්‍ර ලංකා කි‍්‍රකට් පදනම් කණ්ඩායම
- ඉන්දීය කි‍්‍රකට් සම්මේලන කණ්ඩායම
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගාමිණී වෙනුවෙන් මෙහෙම දෙයක් කරන එක හොඳයි