කුරුණෑගල වල්පොල කන්ද ඉහළ ජනපදයේ ගෙවල් 18ක් තුබූ තැනක් වත් සොයා ගැනීමට නැත. පසුගිය 18 වැනිදා අලුයම එම නිවාස යටකරගෙන වල්පොල කන්ද කටා වැටුනේය. ගල් කැට එක දෙක ගැලවී වැටෙන විට මිනිසුන් ඉවත් වූ නිසා ජීවිත හානියක් සිදු නොවීය. ඇතැම් ගෙවල් මීටර් සියයක් තරම් දුරට තල්ලු වී ගොස් යටවී තිබේ. අවතැන් වූවෝ 200ක් පමණ දෙනා වල්පොලකන්ද ආරිය උපෝසතාරාමයේ ලැගුම්ගෙන සිටිති. ඔවුනට ඇත්තේ ඇඳි වත පමණකි. කන්දට වැසී ගිය එක් ගෙයක වටිනාකම රුපියල් ලක්ෂ 50කට අධිකය.
1
“නැවෙන් කටට” දැන් හරහට
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කෝ අපේ මහ ලොකු විද්‍යාඥයෝ? මේවා ගැන හොයලා බලන්නේ නැද්ද? (නි)
ලෝක විනාසේ පටන් ගන්නේ ලංකාවෙන් (ස)
දරුවෝ හැදුවහම දෙනවා කියපු අර සල්ලි වලින් ටිකක් දුන්නොත් නරකද? (නි)
"ජෝස් 2012-12-20 16:32:51 ගෙවල් වල වටිනාකම අනුව නම් දුප්පත්යැයි පැවසිය නොහැක." ඉතින් මොකක්ද ප්‍රශ්නේ? පෝසත් අයට වුණා නම් කමක් නැද්ද? (නි)
ශිෆාන්, ලෝකයේ මොනම දියුණු රටකවත් විද්‍යාඥයින්ට ස්වාභාවික අනතුරු දින ගණන් කල්තබා පුරෝකතනය කිරීමටවත් , එවැන්නක් සිදුවීම වැළැක්වීමටවත් නොහැකි බව මෝඩයෙකුට වුණත් තේරෙයි. ඉරිසියාව සනීප කරගෙන ඉගෙනගත් මිනිසුන්ට අපහාස කිරීමේ ආබාධය සුවකර ගන්න බලන්න. (නි)
ලංකාවට මේ මොකද වෙන්නේ? (නි)
ලෝක විනාශය වෙන්නෙ නැහැ කිවුවට ඒක ගලායන ජලයෙන් වෙනවා වගෙයි. (නි)
කෝ ලංකාවේ විද්‍යාඥයෝ? (නි)
ඇයි මේ දුප්පතුන්ගේ ගමම විනාශ වුණේ (ස)
පොලව නූඋහුලන දරුණූ අපරාද කරණ නිසයි මෙවැනි ව්පත් ඇති වෙන්නේ.....! (ස)
ඔක්කොම එකපාර විනාස වෙන එක හොඳයි මේ වෙන දේවල් , කරන කියන දේවල් දිහා බල බල ඉන්නවට වඩා (ස)
පරණ ගමක් උඩින් අලුත් ගමක් ඉදිවේ කියලා ඉදිරියේදී අහන්න ලැබේවි. (නි)
ගෙවල් වල වටිනාකම අනුව නම් දුප්පත්යැයි පැවසිය නොහැක. (නි)
මොන ධර්මයකට අනුව කවුරුන් ජීවත්වුවත් ස්වභාව ධර්මයට අපට පිටුපාන්නට නොහැක. (නි)
ස්වභාව ධර්මයේ දඩුවම් වැළැක්විය නොහැක. (නි)
ඇත්තටම මැති ඇමතිවරු පවා හොදටම බය වෙලා ඇති මේ වෙන දේවල් දැක්කහම. (නි)
වරුණ...ලෝක විනාසේ කවදාවත් වතුරෙන් වෙන්නේ නෑ (ස)
අනේ දෙවියනේ මිනිස්සුන්ට මොකුත් වෙන්න දෙන්න එපා (දී)
පොළව නුහුලන අපරාධ... (නි)
ධර්ම රාජ්‍යයේ මිනිස්සු ධර්මය රකින්නැති නිසා තමයි මෙහෙම වෙන්නේ (ස)
සේරම විපත් සිදුවන්නේ දුප්පතුන්ට... අහිංසකයින්ට.... (නි)
කොහොමද වැස්සේ තරම (දී)
කොහොමද විනාසය (දී)
කෝ දැන් 21 වෙනිදාට මොකුත් වෙන්නේ නැහැ කියපු අය (දී)