ඉතාලියේ පාදෝවා නුවර ජිවත්වන අමිබලන්ගොඩ තේනහන්දි රෝහිණි(34) මහත්මියට කුළුදුල් දරු ප‍්‍රසුතියෙන් පසු පාදෝවා මහ රෝහලේ වෛද්‍යවරුන් තමාට නැවත දරුවකූ බිහිකිරිමට නොහැකිවනසේ තමාගේ හෝ පවුලේ කිසිවකුගේ අනුදැනුමකින් තොරව තම ගර්භාෂය ඉවත් කිරිමට එරෙහිව අධිකරණ ක‍්‍රියාමර්ගයක් ගන්නා බව කියයි. දෙසැමිබර් 21 වැනිදා අලුයම1. 19ට ඇය කුළුදුල් දරුවා බිහිකළාය. සමාන්‍ය ආකාරයෙන් බිහිවු දරුප‍්‍රසුතියෙන් පසු ප‍්‍රධාන වෛද්‍යවරුන් පසෙකින් සිටීයදි ආධුනිකයින් අතින් මැහුමි දමන අයුරුත් කැඩෙන මැහුමි නැවත නැවත දමන අයුරුත් තමාට ඇසුණු බව ඇය කියයි. කිලෝග‍්‍රෑමි තූනක් බරැති තම දරුවා බිහිවීමෙන් පසු තමා හොද සෞඛ්‍ය තත්වයකින් පසු වු බවත් ආධුනිකයින් අතින් මැහුමි දැමිම සිදුවන අතර තූර තවත් කිහිප දෙනකු උදරය තදින් මිරිකූ බවත් ඵ් අතර තූර දැනුණු තද වේදනාවත් සමග තමාට සිහිය නැති වූ බව ඇය පවසයි. තමාගේ ගර්භාෂය ඉවත් කර ඇතැයි දින හයකට පසු රෝහලේ වෛද්‍යවරයකු පවසන තරුත් තමා මේ බව නොදැන සිටී බව ඇය ලංකාදීප ඵසෑණට කීවාය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ රටවලට ආපු අයට මෙහේ භාෂාව බැරි නම් කිසිම දෙයක් කරන්න බැහැ. (නි)
මේක පිළිගන්න අමාරුයි වගේ..!(නු)
මේවාට ලංකා රජය මැදිහත් විය යුතුයි..! මොකද ලංකාව වෙග් පොඩි මිනිසුන්ගෙන් මෙයලා අත්හදා බැලීම් කරනවා..!(නු)
නීතිමය පියවරක් ගන්න..!(නු)
මේ අය කියන ඒවා අහල හිත් අමාරු කරගන්න එපා . සමහරුන්ගේ අදහස් නිසා ප්‍රශ්නය තවත් වැඩි වෙනවා. (ස)
සිංහල ජාතිය වද කිරීමේ කුමන්ත්‍රණයක්වද්ද? (නි)
සුරංග ඔබ හරි..!(නු)
එහෙම දෙයක් වෙලා නම් නීතිමය කටයුතු කරන්න ඉතාලියේ අවශ්‍ය පහසුකම් ඕනෑතැම් තියෙනවා. (නි)
මේවට නීතිය තියෙන්නෙ...?(නු)
නිවැරදිවම එහෙම වෙලානම් නීතිමය කටයුතු කරන්න ඉතාලි රටේ හැකියව පහසුවෙන්ම තියෙනවා..!(නු)
නීත්‍යානුකූලව කටයුතු කරන්න..!(නු)
මේකෙ තව අපහැදිලි තැන් තියෙනවා. සාමාන්‍යයෙන් වෛද්‍යවරු හේතුවක් නැතිව ඒවගේ වැඩ කරන්නෙ නැහැ..!(නු)
අධිකරණ ක්‍රියාමාර්ගයක් ගන්න බලන්න. ඔබට සාධාරණය ඉෂ්ට වෙයි. (නි)
අසේල , හරියටම හරි. (නි)
මේක පිළිගන්න අමාරු කෙනෙක් ඉන්නවානම් පාදෝවා ඇවිත් අපිව හමුවන්න..!(නු)
ආනන්ද සහ මුතුකුඩ ඇයි මේ අම්මලාට මේ වගේ කැත විහිළු කරන්නෙ.. පාසල් ගිහිං නැද්ද?(නු)
තරංග නිවැරදියි. (නි)
මමත් නෝනත් පාන්දර හතර වෙන කම් රෝහලේ හිටියා.. අපට නොකියා මේ ගර්භාෂය ඉවත් කරලා..!(නු)
සමන් ඔයාට පිළිගන්න අමාරු නම් ඇවිත් බලන්න.. අපි නීතිමය පියව්ර ගන්නවා..!(නු)
මේක නම් කොහොමටවත් විය හැකි දෙයක් නෙමෙයි. ගර්භාශයක් ඉවත් කිරීම වගේ දෙයක් එහෙම අනුදැනුමකින් තොරව කොහොමටවත් වෙන්නේ නෑ. ලංකාවේ වගේ නීතියේ හිල් මෙහේ නෑ. එම රෝහලට වෙන අගෞරවය වෙනුවෙන් නඩු පැවරෙන්නත් පුළුවන්. (නු)
අසේල, නිකන් මනස්ගාත නොකියා ඉන්න. (නි)
මම හිතන්නේ ඉතාලි භාෂාව තේරෙන්නේ නැතිව ඇති... මොකද එහෙම දේවල් ගොඩක් වෙනවා... හැමදේටම හා කියලා අනිතිමට උනාට පස්සේ කෑ ගහනවා.. කරුණාකර භාෂාව ඉගෙනගන්න උනන්දුවෙන්න..!(නු)
චන්ද්‍රසිරි හරි (ස)
මේක හරිම අසාධාරණයි. කුමක් හෝ නීතිමය පියවරක් වහාම ගන්න. (නි)
මේ සම්බන්ධයෙන් ඔබට නීතිමය පියවර ගතහැකියි. මගේ සහාය ඔබටයි. (නි)
හරි හේතුව නොදැන කලබල නොවී ටිකක් හොදින් සොයා බලන්න. (නි)
ගර්භාෂය ඉවත්කර ඇත්තේ මවගේ ජීවිත ආරක්ෂාව වෙනුවෙන් වියහැක. (නි)
මෙය බොරුවක් විය නොහැකියි. මීට පෙරද මෙවන් සිදුවිම් මට දැනගැනිමට ලැබී තිබෙනවා. (නි)
තරංග, ඔයා හිතන දේ වැරදි වෙන්නත් පුලුවන් (නි)
මේ වගේ දේවල් වෙලා තියෙනවා මිලානෝ වලත්.. නීතියම පියවර ගන්න..!(නු)
මේ වගේ රටවල එක එක වර්ගයේ මාෆිටා තියෙන බව අමතක කරන්න එපා.. අපි වගේ රටවල දියවැඩියාව රෝගීන් වැඩි ඇයි? බෙහෙත් සමාගම් මුලදිම වෙනත් රෝගවලට දෙන බෙහෙත්වලින් මේවා ශරීර ගත කරනවා.. (නු)
සාමාන්‍ය දරු ප්‍රසුතියකින් පසුව කරණ මැහුම් දැමීමයි, ගර්භාෂයක් ඉවත් කරන්න කරන ශල්‍යකර්මයයි අතර ලොකු වෙනසක් තියෙනවා.සමහරවිට මේ මවගේ යම් වෙනත් අසනීපයක් නිසා දරුවා ලැබුණු පසු මේ දේ කරන්න ඇය රෝහල්ගත කරන මොහොතේ අත්සන් කරන ලියවිලි මගින් එකග වුණාද දන්නේ නැහැ. (නි)
මොනවා වුණත් හොදට හොයලා බලන්න ඕනෑ. (නි)
ප්‍රසූතිය සාමාන්‍ය ආකාරයෙන් සිදු වුණා නම් දරු ගැබ ඉවත් කරන්න තරම් තත්වයක් සිදු වුණේ කොහොමද?ලේ යාමක් හරි අවදානම් තත්වයක් ආවත් බාරකාරයෙකුට දන්වන සිරිතක් නැද්ද? පුහුණුවෙන අයට ප්‍රැක්ටිකල් දෙන්නෙ මේ විදිහට වෙන්නත් පුලුවන්. වැඩේ වරද්ද ගත්තහම පුහුණු වෙන අයගේ අනාගතය බේරගන්න කළ විස්කමක් වෙන්නත් පුලුවන් ..... (නි)
මහා අපරාධයක් නේ ඒ වැඩේ (දී)
මේක කරලා තියෙන්නේ ලේ ගිහිං වැඩිවෙලා ජීවිතේ බේරගන්න බව ඉතා පැහැදිළියි.. ඒකට ස්තුතිය මේකද? සිහි නැත්නම් හදිස්සියේ අහන්නේ කාගෙන්ද? ඉතාලියෙ හිටියත් සිංහලයන්ගේ හැටි මෙහෙමයි..!(නු)
මම දන්න කෙනෙකුගෙ ගර්භාෂය මහලා තිබුණා.. වෛද්‍ය වාර්තා බලලා ඒ අනුව නීතිමය පියවර ගන්ත..!(නු)
සිංහලයින් අඩුකරන්න තවත් උත්සාහයක්ද? (නි)
මේ මොන අපරාධයක්ද මේ (දී)
ගර්භාෂය ඉවත් කරන්න නම් යටි බඩේ අඟල් කිහිපයක් කපා විවෘත්ත කරන්න ඕන. ඒ කියන්නේ ඔපරේෂන් එකක්. එම මැහුම් දැමීමක් නැත් නම් බොරු චෝදනා වට ඔබ අමාරුවේ වැටෙන්න පුළුවන්. ප්‍රසුතියේදී ඉතා කලාතුරකින් ගර්භාෂය තුවාල වී හෝ පැලී ලේ යාම නවත්වාගැනීමට බැරි වෙලා මවගේ ජීවිතයට තර්ජනයක් වෙලා ගර්භාෂය ඉවත් කරන්න උනාද කියලත් හොයා බලන්න . එවැනි අබාධයකදී එසේ කරන්න අවසර දී අත්සන් කළා වෙන්න පුළුවන්. (ස)
ප්‍රවේශම් වන්න. (නි)
ඩොනල්ඩ් මහත්තයා අපට කණගාටුයි.. උපරිම පියවර ගනන්..!(නු)
මාර රටක්නේ..!(නු)
කොතැන හෝ වරදක් වී ඇති බව පැහැදිලියි. (නි)
දැන් කාලේ කිසි දෙයක් පරිස්සම් කර ගන්න බෑනේ (ස)
අදික ලෙස ලේ වහනයකදී,ජීවිතය බේරා ගෑනීමට මෙය කලා වන්නට ඈත. එහිදී අනුමෑතිය අවශ්ශ නෑත.මෙය ලංකාවේද කරනු ලබයි.(නු)
මෙවැනි දේ ගැන රජය විසින් වගකීමෙන් යුතුව සොයාබලා නිසි ක්‍රියාමාර්ග ගතයුතුයි. (නි)
මේ කරපු වැඩේට උපරිම පියවර ගන්න. (නි)
මේකේ අපහැදිලි තැන් ගොඩක් තියෙනවා. ඒත් මේ දවස්වල ලෝකය පුරාම මිනිස් අවයව හොරකම් වෙනවා. ඒ නිසා පිටරට රෝහල් වලින් ප්‍රතිකාර ගැනීමේදී පිළිගත් තැනකින් පමණක් ප්‍රතිකාර ගන්න. පසුගිය දිනයක ලෙඩෙක් බලා ගන්න ඉන්දියාවට ගිය කාන්වකට ගෙදර එන්න වුනේ මිනී පෙට්ටියෙන්. බලද්දී ශරීර අවයව ගලවගෙන ඒ නිසා ප්‍රවේශම් වෙන්න. (ස)
ඉතාලියේ මෙහෙම දෙයක් සිදුඋන කිඋවහම පුදුමයි. මටත් බබා ලැබුනේ මෙහෙ සිසේරියන් සැත්කමකින් .කිසිම ප්‍රශ්නයක් උනේ නැ .අපිට හමු උනේ දෙවිවරු වගේ අය .අපි දන්නා ළමයි කිහිප දෙනෙක්ගේ බරපතල සැත්කම් මෙහෙ කරලා තියනවා .මේ අය වැඩ කරන්නේ ඉතාම වග කීමෙන් .හාෂාව නොතේරන අයට පරිවත්කයෙකුත් දෙනවා.විශාල ලියැකියවිලි ප්‍රමාණයක අත්සන් කරන්නත් සිදු වෙනවා.ඒ වගේම යම්කිසි අතපසු වීමක් සිදුඋනොත් ඔවුන්ට ගෙවන්න වෙන වන්න්දිය අතිවිශාලයි .ඉතාලියේ ජීවත් වෙන කෙනෙක් ගේ යුතුකමක් හැටියටයි මේ සටහන කලේ...(නු)
බැරිද ඔය "පරෙස්සම" කියන වචනේවත් වෙනස් කරන ක්‍රමයක් හොයාගන්න? (නි)
මේ වාගේ දේවල් වලටත් විහිලු කරන අය ඉන්න රටක් මේක. වෙලා තියෙන දේ හොයන්නේ නැතිව සතුටු වෙන්න හදන්නේ. බය නැතුව වැඩ කරන්න. සාධාරණය ඉටුවේවි. (නි)
ජීවිතය බේරා දුන්නාට දෙවියන් වහන්සේට ස්තූති කරන්න. ඉතිරිය උන්වහන්සේ බලාගනීවි. (නි)
මෙය පිළිගන්න අමාරුයි. වහාම මේ ගැන පරීක්ෂා කරන්න. (නි)
ආශ්චර්යමත් රටේ ඉදලා මොකටද ඉතාලි ගියේ..?(නු)
මේකේ සත්‍යතාවය හරියටම දැනගන්න පුළුවන් වෙන්නේ ඉතාලිවලම ජීවත් වෙන අපේම ලාංකිකයන්ගෙන්මයි (ස)
මෙච්චර හොද රටේ ඉදලා ඇයි ඉතාලි ගියේ..!(නු)
මවගේ විසතරයේ හැටියට , ප්‍රසුතිය සාමාන්‍ය ලෙස සිදුවුවත් , පශ්චාත් ප්‍රසව ලේ ගැලීමක් සිදුවෙලා තියෙන්න පුළුවන්. ගර්භාශයෙන් රුධිරය ගැලීම පාලනය කිරීමට උදරය තදකිරීම කරන්නට ඇති .කොහොම උනත් හේතුවක් නැතුව ගර්භාශය ඉවත් කරන්නේ නැහැ.සාමාන්‍ය ආකාරයට දරු ප්‍රසුතිය කට පසුව වුවත් අසාමාන්‍ය ලෙස ගර්භාෂයෙන් රුධිරය ගැලීමක් කලාතුරකින් සිදුවන අතර , එවිට මවගේ ජීවිතය බේරා ගැනීමට හදිසි ශල්‍යකර්මයකින් ගර්භාෂය ඉවත් කිරීම කරනවා. (ස)
ඉතාලියෙ සාමාන්‍ය විදියට ළමයෙක් හම්බවෙනවානම් වෛද්‍යවරයෙක් ඒ අසළටවත් යන්නෙ නැහැ.. (නු)
ජීවිතය බේරා දුන්නට දෙවියන් වහන්සේට ස්තූති කරන්න ඉතුරු ටික දෙවියන් වහන්සේට භාර දෙන්න. ඔබේ ගැටළු සියල්ලටම ඉක්මනින් විසඳුම් ලැබේවි (ස)
හොරෙන් ඉවත් කරලා තියෙන්නේ ගර්භාෂයනේ.. ගැබ නෙමෙයිනේ?(නු)
අවවාදයයි. ඉතාලියේ ඉන්න කාන්තාවන් හැබ් හොරුන්ගෙන් ආරක්ෂාවන්න..!(නු)
බොදු බල සේනාවනි, ඔන්න ඔබට අවස්ථාවක්, යමක් කරනවා නම්. (නි)