(රන්ජන් කස්තුරි)
අවම සාමාන්‍ය ශේෂය රුපියල් 1000ට වඩා අඩු ඉතිරි කිරීමේ ගිණුම්වලින් රුපියල් 25ක මාසික ගාස්තුවක් අඩුකර ගැනීමට වාණිජ බැංකු කටයුතු කරමින් තිබේ.
ඒ අනුව රුපියල් 1000ට වඩා අඩු ඉතිරිකිරීමේ ගිණුම්වලින් මාසයෙන් මාසයට රුපියල් 25ක බැගින් අඩුකර අවසානයේ ගිණුම අහෝසි කෙරෙන බවද වාණිජ බැංකු කියයි.
සාමාන්‍ය අවම ශේෂය රුපියල් 1000 හෝ ඊට වඩා අඩු ඉතිරිකිරීමේ ගිණුම් පවත්වාගෙන යාම අපහසු හෙයින් මෙම පියවර ක්‍රියාත්මක කරන බවද වාණිජ බැංකු සඳහන් කරයි.
ඒ අනුව රුපියල් 1000ක සාමාන්‍ය ඉතිරි කිරීමේ ගිණුමක් මාස 40න් අහෝසි වී යන අතර අතරමැදදී ඊට මුදල් බාරකළහොත් ගිණුම සාමාන්‍ය පරිදි ක්‍රියාත්මත කෙරෙන බවද වාණිජ බැංකු කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොකද බැංකුව එකවුන්ට් එක උස්සගෙන ඉන්නවද?
පව්නේ, නැති මිනිහගෙන් තව කපන එක..!!!
මොකද බැංකුව එකවුන්ට් එක උස්සගෙන ඉන්නවද?
වැඩේ හරි. මුලු ලෝකෙම බැංකුවලින් කරන දෙයක් මේක. හැබැයි මේ කාලේ වෙනකොට ගොඩක් බැංකු මේ වලින් ඈත්වෙලා තියෙන්නේ. බැංකුව ගිණුම උස්සන් ඉන්නවද කියලා අහන අය ඉතින් දෑනගන්න ඕනේ, සතයක් තිබ්බත් ඒක අප්ඩේට් කරන්න සේවකයන් ඕනේ කියලා... ඒ අයට පඩි ගෙවන්නේ මේතන ටෝක් දාන කස්ටියද? ගිනුම් එපානම්, සල්ලි ටික ගෙදර මුට්ටියක හරි, කැටේක හරි දාගන්න
ඉස්සර අපි පොඩි කාලේ අපිව හුරු කරවනවා ඉතුරු කරන්න. නමුත් දැන් ඉතුරු කරන්න මුදල් නැතිකම එකක්. කොහොම කොහොම දුප්පත් මනුස්සයා හරි අපහසුවෙන් ඉතුරු කරන මුදලටත් විදිනවා. බැංකුවක මුලික පරමාර්ථය අමතක කර මහා පරිමාණ හොරුන්ට පමණක් සේවය කරන තත්වයට ඇවිල්ලා. මෙවන් නීති ගෙනෙන පුද්ගලයින් මේ මහා හොරුන්ගේ තැරව් කරුවන් නොවේද?
මේ වැඩෙන් වෙන්නේ බැංකුවලින් ජනතාව ඈතට යන එක... බැංකුවට ඕනඕන විදිහට සල්ලි දාන්න මිනිසුන්ට බැහැ වගේම නැහැ. මිනිසුන්ගේ සහයෝගය වැඩිපුර අවශ්‍ය නම්, ඔවුන්ගේ මුදල්වලට ගෙවන පොලිය වැඩි කරන්න. මිනිසුන්ගේ සල්ලිවලට අඩු පොලියක් ගෙවන ගමන් ඔවුන් ගන්නා ණයවලට අධික පොලියක් අය කරනවා. රටේ මිනිසුන්ගේ මුදල්වලින් බැංකු සහ සේවකයන් සුරසැප විඳිනවා. ඒත් මිනිසුන් දිවි ගෙවන්නේ දහසක් ප්‍රශ්න මැද.. මේ බැංකු ඒකාධිකාරය වළකා ගනුදෙනුකරුවන්ගේ මුදල්වලට බැංකු උපයන අධික ලාභයන්ගෙන් කොටසක්ද ගෙවිය යුතුයි. මෝස්තර නිර්මාණකරුවන් කෙලෙසක බැංකු කටයුතු පාලනය කරන්නේද?
දුප්පත් ජනතාවට අසාධාරණයකි..
පිස්සු හැදීගෙන එනවා වගේ... දුප්පත් මිනිහටම තමයි කෙලින්නේ.
කොහොමත් කපනවා ඒක අළුත් දෙයක් නෙවෙයි. මිනිස්සු දන්නේ නැති එක විතරයි...
ආණ්ඩුවත් එකයි බැංකුත් එකයි. මිනිස්සුන්ට නොදැනෙන රුපියලක් දෙකක් වගේ කපා ගත්තා නම් කවුරුත් මොනවත් කියන්නේ නෑ. එහෙම නැතිවුණාම පොඩි පොඩි මිනිස්සු බැංකුවලින් ඈත්වෙනවා. හැබැයි මාතර නිරෝශන්ට කෝටි ගණන් ණය දෙන්න නම් පුලුවන් කුඩ්ඩෝ පස්සේ ඉන්න නිසා නේද ! මේවා ගැන හොයන්න වහාම !
ශේෂය 1000ට අඩු ගිණුම්වලට ගාස්තු අය කිරීමට ප්‍රථම, ගිණුම් හිමියන්ට කරන සාධාරණයක් ලෙස, එම මුදල් ගිණුමෙන් ඉවත් කර ගන්නට යයි ලිපියක් මගින් දැන්විය හැකිද? නමුත්, ලංකාවේ බැංකු සැමවිටම මාන බලන්නේ පාරිභෝගිකයා සූරාකන්නේ කෙසේදැයි බැවින්, ලංකාවේ බැංකු මගින් එවැනි දෙයක් සිදු වෙතැයි සිතිය නොහැක.
ලංකාවේ මිනිසුන්ට සල්ලි නැහැ කියලා හිතන් හිටියේ බැංකුවල දාන්න. බලපුවම මෙතන නම් කී දෙනෙක් ඉන්නවද?
ලංකා බැංකුවේත් මහජන බැංකුවේත් මේ විධියට ගිණුම් වලින් මුදල් කපනවා. විශ්‍රාම වැටුප එන්නේ මේ බැංකුවලට. විශ්රමිකයට ලැබෙන සොච්චමෙන් කන්නයි, බෙහෙත් ගන්නයි වියදම් කලහම ඉතිරි කරන්න දෙයක් නැහැ. මෙහෙම මුදල් කපාගත්තොත් අනිවාර්යයෙන් විශ්‍රාමිකයින්ගේ ගිණුම් වහන්න වෙනවා. ඉස්සර වගේ තැපැල් කන්තෝරුවෙන් විශ්‍රාම වැටුප ගන්න වෙනවා.
ඒ කියන්නේ රජයට මහේන්ද්‍රන්, අැලෝසියස්ට වඩා, රටට බදු ගෙවන දුප්පත් මිනිස්සු..
ලංකාවේ ගොඩක් මිනිස්සු තාම හිතාගෙන ඉන්නේ ලංකාවේ තියෙන බැංකුවල අයිතිය ලංකාවේ ආණ්ඩුවට එහෙමත් නැත්තන් ව්‍යාපාරික සමාගම් වලට කියලා. එහෙම නැහැ. වැඩියක් ඕනේ නැහැ ලංකාවේ මහබැංකුව පවා නිකුත් කරන විදේශ ණය බිල්පත් සහ ණය අරගෙන තිබෙන්නේ ඇමෙරිකානු නැත්නම් බ්‍රිතාන්‍ය ධනපතීන් විසින්. උදාහරණ ලෙස ජාත්‍යන්තර මුල්‍ය අරමුදල තනිකරම පාලනය වෙන්නේ ධනකුවේරයෝ කීපදෙනෙක් මත. එහි අධ්‍යක්ෂක මණ්ඩලයේ සිටින්නේ බටහිර සහ චීන රාජ්‍ය නිලධාරීන් 4 හෝ 5 පමණයි. ඉතින්, මේ සියලු බැංකු අයිති එක්කෝ ක්‍රෙඩිට් ස්විස්, ස්ටෑන්ඩර්ඩ් චාර්ටඩ්, මෝර්ගන් ස්ටැන්ලි වගේ ආයතන... ඔවුන්ට ඕනේ ඉතිරිකිරීම් ගිණුම් අඩුකරලා, ඒවා ජංගම ගිණුම් බවට හරවන්න. මන්ද, ඒවාට දෙන පොලිය අඩුයි. ඒවායින්, ඔවුන් ඩොලර් මිලියන ගණනක් ලාභ ගන්නවා. මහ බැංකුව දැනුවත්ව තමයි මේ සියල්ල සිදුවන්නේ...
හෙටම උදෙන්ම බැංකුවට ගිහිල්ලා රුපියල් 500ක් දාලා ගිණුම 1500 කරලා සවස 1ට ගිහිල්ලා රුපියල් 499ක් ආපසු ඇරගෙන ගිණුම 1001 කරනවා. බලමු 25ක් කපන හැටි. මාත් එක්ක කොහෙද ඒවා...?
මහබැංකුව කොල්ල කාපු අයගෙන් උපදෙස් ගත්තා නම් හොඳයි.
මේක දැනටමත් ක්‍රියාත්මක වෙන දෙයක්නේ.. අලුත් දෙයක් නෙමේ..
වෙනත් රටවල ඉතිරි කිරීමේ ගිණුමක් පවත්වාගෙන යන්න නම් අවම බැලන්ස් එකක් නියම කරලා තියනවා... එ්කෙන් යටට ගියොත් ලොකු ගාණක් දඩයක් විදිහට කැපෙනවා.
මේ ආන්ඩුව මොනවද දුප්පත් මනුස්සයට නොකලේ ඒකත් කරන්නකෝ. හොදයි.. මෙහෙම බැංකුවලට මුදල් දාන්න හොඳ නැහැ. මනුෂ්‍යයාගේ මානසික තත්ත්වය නොබලන බැන්ක් ? ඔනේම නැහැ
එ්කෙනුත් වදින්නේ දුප්පත් මිනිහටමනේ... දෙවියනේ මහා ලොකුවට ඇමතිකම් අරගෙන අහිංසක, දුප්පත් ජනතාවගේ සල්ලි වලින් සුර සැප විඳිනවුන්ට වැහි නැති අකුණු පුපුරාවි මේ කරන දේවලට...
පොඩි ම්නිහගේ දාහටත් තට්ටු කරන වැඩක්
මහාබැංකුව කාපු හැතිකරේ යහතින් ඉන්නවා. ඔවුන්ට හෙනයක් වත් නෑ. ඒ කාපුවා තමා දැන් අහිංසක මේ වගේ ගන්නේ... එකෙක් බදු ගගහ බඩු මිල වැඩි කරනවා. දුප්පත් අහිංසක මිනිස්සුන්ගෙන්ම අරන් කාපියව්...
සම්පත් බැංකුවෙත් ලොකුම හොරකමක් වෙලා. සල්ලි තිබ්බොත් හොරු ගන්නවා. සල්ලි අඩුවෙන් තිබුනොත් බැංකුවෙන් ගන්නවා. අරුම පුදුම බැංකු