2012 දෙසැම්බර් 16 | ප.ව. 04:10
බැලුවෝ - {{hitsCtrl.values.hits}}
-
Share
”අමිල සහ තේජා” යන මේ යුවළ දන්නා හඳුනන මිතුරෙක් හිටියා. ඒ මිතුරා නිසා තමයි අමිලට තේජාවත්, තේජාට අමිලවත් හඳුනාගන්න ලැබුණෙ. ඒ විදියට මේ දෙන්නා හඳුනා ගත්තෙ 2003 අවුරුද්දෙයි. ඒ හඳුනාගැනීම කොච්චර නම් දුර දිග ගියා ද කිව්වොත් 2010 වසරේ දී මේ දෙදෙනාගේ විවාහය සිදු වුණා. මේ අමිල කවුද කියලා ඔබට අමුතුවෙන් කියන්න ඕනෑ නැහැ. පුංචි තිරේ පෙම්වතා ලෙස නිරන්තරයෙන් හමුවන චරිතයක්. මේ දිනවල අමිල ගැන වැඩිපුර කතා වන්නේ ”මුතුවරුසා” නාට්‍ය මාලාව නිසයි. අමිලගෙ ආදරණීය බිරිඳ තේජා නම් විවාහයෙන් පසුව අපට හමුවන ප‍්‍රථම අවස්ථාව මෙයයි. වෘත්තියෙන් ගුවන් සේවිකාවක වන ”තේජා” ඒ නිසාම තරමක් කාර්ය බහුලව සිටින බව කියන්න පුළුවනි. කොහොම වුණත් පසුගිය දවසක මේ දෙන්නා අපට හමුවුණා. හමුවෙලා තේජා අමිල ගැනත්, අමිල තේජා ගැනත් කියූ දේ සටහන් වන්නේ මේ විදියටයි.
අමිල- තේජා හමුවූ මොහොතක්...
|
තේජා අමිලව තෝරා ගැනීමට එදා විශේෂ හේතුවක් තිබුණා ද?
ඒක හරි අමාරු ප‍්‍රශ්නයක්. කෙනෙක්ට හිතගියේ මෙන්න මේ වගේ දේ නිසා කියලා එක පාරටම කියන්න බැහැ. ඒත් අමිල කතා කරපු විදිය මට දැනුණා. ඒක බොරුවට පෙන්වන දෙයක් නොවන වග තේරුණා. ඒ වගේම තවත් ගොඩාක් හේතු තිබුණා. හැබැයි මේ විදියට විවාහය ගැන එක පාරටම හිතුවෙ නැහැ. අපි මිතුරන් ලෙස කාලය ගත කරද්දි අපි දෙන්නට-දෙන්නා ගැළපෙන බව තේරුම් ගියා.
අද ඒ තෝරා ගැනීම ගැන හිතන්නෙ කොහොමද?
හරිම සතුටුයි. එයා, එයාගෙ වෘත්තියෙන් ඉදිරියට ගිහින් ස්ව උත්සාහයෙන් එදාට වඩා දියුණු වෙලා. ජීවිතය අවබෝධයෙන් ගත කරන බව පෙනෙනවා. ජීවිතයට අවශ්‍ය එයයි.
කොහොම වුණත් නළුවකුට පෙම්වතාගෙ චරිතයෙන් ඈත්ව සිටින්න බැහැ. ඔහු නිරන්තරයෙන් කැමරාව ඉදිරියේ පෙම්වතා වන විට, ඔබට ඒ ගැන දැනෙන්නේ කොහොමද?
ඒ අවබෝධය ඇතිව තමයි මම විවාහ වුණේ. ඒක එයාගෙ වෘත්තිය. රඟපෑමට බාධා කරන්න ගියොත්, එයාට එය හරියට කරන්න බැරිවෙනවා. මානසික නිදසහට බාධා කරන්න මම කැමති නැහැ. එයා මේ ක්ෂේත‍්‍රයෙන් ඉදිරියට යන්න නම් එයාට ගැළපෙන චරිත සමග රඟපාන්න වෙනවා. කොහොම වුණත් මුල් කාලයේ දී මට මේ ගැන අවබෝධයක් තිබුණෙ නැහැ. ඒත් දැන් නම් ඒ ගැන ප‍්‍රශ්නයක් නැහැ. එයා ටෙලි නාට්‍යයේ රඟපාන චරිතය ගෙදරට ගෙනෙන කෙනෙක් නෙවෙයි. ගෙදරට රඟපාන දේවල් ගෙනාවොත් මට එය දරාගන්න බැරිවෙයි. එය නළුවකුට විතරක් නෙවෙයි ඕනෑම කෙනෙකුට එහෙමයි.
සාමාන්‍ය ජීවිතේ සැලසුම් කරලා තියෙන්නේ කොහොමද?
අමිල වගේම මාත් මගේ වෘත්තිය රැකියාව එක්ක කාර්යබහුලයි. එදිනෙදා කරන රැකියාවලට වඩා අපි දෙන්නගෙ රැකියා වෙනස් වුණාට, අපි සැලසුමක් ඇතිව කටයුතු කරන්නෙ. ගිය මාසයේ අමිල මෙල්්බර්න් ගියා. එවිට මම එහේ ගියා. එක්කො අමිල මම ඩුබායි සිටිනවා නම්, එහෙට එනවා. ඒ නිසා අපි දෙන්නා දුරස්ථ නැහැ.
දෙන්නට දෙන්නා හමුනොවන අවස්ථාවල?
එතකොට නම් ටිකක් දුකයි. ඒත් අපි නිවාඩුව ලැබුණ හැටියෙ දෙන්නාම ඒ නිවාඩුව එකට ගත කරනවා. එතකොට පාළු නැහැ.
කොපමණ හොඳින් ජීවිත ගත කළත්, බොහෝ වෙලාවට අද ඕපා-දුප කියන දේ සහ කටකතාවලටත් මුහුණ දෙන්න වෙනවා. කොහොමද ඒවා විඳ දරාගන්නේ.
නළුවකුට ඒ නළුකම නිසා සමාජයෙන් හොඳ පිළිගැනීම් සහ අවස්ථා ලැබෙන බව ඇත්ත. ඒත් ඒ සියල්ලට සාපේක්ෂව කටකතා අහන්නත් සිද්ධ වෙනවා. ඒ වෘත්තියට අදාළ දෙයක්. ඒවා සම සිතින් විඳ දරා ගන්න වෙනවා. කොහොම වුණත් අනෙක් රටවල් හා සසඳද්දි ලංකාව හොඳයි. හැබැයි අපෙන් කිසිවක් නොවිමසා බොරු දානවා නම් ඒක හරිම වැරදියි.
සැමියකු හැටියට අමිල ගැන ඔබ හිතන්නේ කොහොමද?
හොඳ සැමියෙක්. බිරිඳකට අවශ්‍ය ආදරය, රැකවරණය ඒ සියල්ල ඉටු කරන සැමියෙක්. මම ගෙදර නැති දිනවල ගෙදර සියලූ වැඩ ටිකත් එයාම කරනවා. ඇත්තටම එයා හමුවෙච්ච මුල් දවස්වලදී මෙයා මෙච්චර වගකීම් දරන කෙනෙක් කියලා හිතුවෙ නැහැ. වගකීම් දරන්න පුළුවන්, වගකීම් ඉටු කරන ජීවිතය ගැන අවබෝධයක් ඇති කෙනෙක්.
වැඩිපුර කාටද කේන්ති යන්නෙ?
එයා හරි සංවේදියි. ඒ නිසාම ද කොහෙද එයාට ටිකක් තරහා යනවා වැඩියි. හැබැයි ටික වෙලාවකට විතරයි.
එයා හොඳ හින්දි ගීත රසිකයෙක් නේද? කොහොමද ඒ රසිකත්වය ඔබ දකින්නේ.
ඔව්, ඇත්තටම අමිල සතුව හින්දි ගීත එකතුවක් තියෙනවා. මාත් ගීත අහන්න ආසයි. හැබැයි අමිල හින්දා ඒ රසිකත්වය වැඩිවෙලා. මෙයා අහන සෑම ගීතයකටම වාගේ අද මාත් කැමතියි.
ඔබ බොහොම සුන්දරයි කියලා ගොඩාක් අය කියනවා නේද? ආසා නැද්ද රඟපාන්න?
මම හිතන්නේ මා කරන රැකියාව හොඳින් කිරීම තමයි හොඳම දේ. සැමියා රඟපාන නිසා මාත් එය කරන්න ඕනෑ නැහැ.
තේජා රඟපෑම ගැන එහෙම කියද්දි අමිල ඒ ගැන කිව්වෙ මේ විදියටයි.
මේ ක්ෂේත‍්‍රයේ දී එක එක කතා අහන්න වෙනවා. සමහර මිනිස්සු නිළියන් දිහා බලන්නෙ වැරදි මත දරාගෙන. මගේ බිරිඳ ඒ වගේ හිස් අදහස් ඇති අයගෙ ගොදුරක් වෙනවට කැමති නැහැ. හේතුවක් නැතිව චරිත ඝාතනය කරනවා. ඉතින් එවැනි තැනකට ඇවිත් කාගේවත් කතා අහන්නෙ මොකටද? ඇත්තටම කිව්වොත් අපි දෙන්නට ඊර්ෂ්‍යා කාරයින් වැඩියි. අපි දෙන්නා හරි සතුටින් ඉන්න එක ඒකට හේතුවක් වෙන්න ඇති. ගොඩාක් අය පවුල් අවුල් කරගෙන ඉන්න යුගයක් මේක. මම ඉන්නෙ කට කතා හැදෙන උල්පත වගේ තැනක. ගුවන්සේවිකා වෘත්තියටත් මිනිස්සු එක-එක දේ කියනවා. හැබැයි එකදෙයක් කියන්න පුළුවන්. මගේ බිරිඳ මුලින් රැකියාව කළේ ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ. දැන් එමිරේට්ස් ආයතනයේ. ඒත් කවදාවත් එයා නම කැත වෙන විදියට හැසිරුනේ නැහැ. මම ඇත්තටම එයා ගැන ආඩම්බර වෙනවා.
සටහන/ඡායාරූප - සඳුන් ගමගේ
|
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
විශ්වාසා පරමා ඥාතී... විශ්වාසවන්තයා උතුම්ම ඥාතියා බව බුදුන් වහන්සේ දේශනා කළහ. විශ්වාසය නැතිතැන ආදරය ද නැත. ඔබ දෙපලට වාසනාවන්ත යුගදිවියකට ආශිර්වාද කරමු. බුදු සරණයි! (නි)
ඉතා නිහතමානී තරුණයෙක්. දක්ෂ නලුවෙක්. සුන්දර බිරියක්... (නි)
ඔබ දෙපළට සුබ නව වසරක් වේවා (ස)
සුබ පැතුම් අමිල (ස)
දෙදෙනාටම සුභ අනාගතයක්! (නි)
ඔබට සුබ අනාගතයක්. මම ආසම කරන රංගන ශිල්පියෙක් (ස)
තාම අලුත් සාමාජිකයෙක් එහෙම නෑ වගේ (ස)
සුභම සුභ අනාගතයකට ආසිරි! (නි)
සුභම සුභ අනාගතයකට ආසිරි! (නි)
එහෙම නොවී ඉන්න හැටි දැක්කම ඔබ අපිට ආඩම්බරයක් (දී)
මම ඔයාට ගොඩක් කැමතියි සහෝදරයා (ස)
ඔය රැවුල කැපුවනම් නේද හොඳ (ස)
ඔබ දෙපළට සුභ අනාගතයක් වේවා! (නි)
ඔබ දෙපළට මගේ සුභ පැතුම්! (නි)
දක්ෂ නලුවෙක්. හොද බිරිදකුත් ලැබිලා තිබෙනවා. ගැළපෙන ජෝඩුවක්. (නි)
සුබපැතුම් ඔබට (දී)
හොඳ නළුවෙක් , මම කැමතිම කෙනෙක්. (නි)
අමිල, ඔයා රගපාන ටෙලිනාට්‍ය මම අනිවාර්යයෙන්ම බලනවා. සුභ පැතුම්! (නි)
අමිල, ඔබ ඉතාම කඩවසම් (නි)
හැමොටම ආදර්ශයක් වෙන්න. විශ්වාසය සහ අවංකකම හැමදම රකින්න (ස)
ඔබ තමයි මගේ හොදම කලාකරුවා. (නි)
මම ඔබට සුභ පතනවා (දී)
ටෙලි නිළියන්ට වඩා මෙයා ගොඩක් ලස්සනයි (ස)
ඔබ දෙපළටම මගේ උණුසුම් සුභ පැතුම්! (නි)
සැලෝලයිඩ් පටිවල පමණක් රගන නිළියක් නොවී, ජීවිතය පුරා ආදරයෙන්, සෙනෙහසින් රගන නිළියක් වීම ගැන අපිට සතුටුයි. (නි)
හොඳ නළුවෙක් , මම කැමතිම කෙනෙක් අමිල ඔයා (ස)
මම ආසම නළුවෙක් " සුබ පැතුම් (ස)
අපේ ක්ෂේත්‍රයේ සමහරු වගේ මඩ ගා ගන්න නම් එපා. (නි)
රැව්ුල කපල දැම්මනම් නරකද අමිල කොලුවෝ... (ස)
දෛනික ජීවිතයෙ බාධක අඩුවේවා ජීවන වෘත්ති නිසි අයුරින් සැලසේවා ආදර්ශමත් ජීවිත දෙව් රැකදේවා ඔබ යුගදිවිය යසඉසුරින් වැඡඹේවා (ස)
මම ගොඩක් කැමතියි අයියේ ඔයාගේ රඟපෑමට (ස)
ඔබට සුභ පතනවා. (නි)
මේ එක්වීම සදාකාලික වේවා කියලා පතමු. (නි)
දැන් ඒක විලාසිතාවක් වෙලා (දී)
අමිල, ඔයා රඟපාන ටෙලිනාට්‍ය මම අනිවාර්යයෙන්ම බලනවා. සුභ පැතුම් (ස)
ඔබට සුභපැතුම් (දී)
ඔබ දෙපළට සුභාසිරි! (නි)
ඔබ දෙන්නට සුභ පතනවා! (නි)
අනවශ්‍ය ඇගිලිගැසීම් නිසස් තමයි මේ දේවල් වෙන්නේ (දී)
ඔබ දෙදෙනාට මම සුභ පතනවා.මගේ ප්‍රියතම කලාකරුවා ඔබයි.පුළුවන් නම් මට පින්තූරයක් එවන්න.(ස)
ඔයාලා අනිත් අයගේ ජීවිත අවුල් කරන්න එපා. අපි ඔයා ඉන්න ටෙලි නාට්‍ය බලන්න හරිම ආසයි (ස)
මමත් ඔයාලට සුභ පතනවා! (නි)
ඔබ දෙපලට සුභ පැතුම්. මම හරිම ආස රංගන ශිල්පියෙක්. දෙදෙනාට දෙදෙනා අවබෝධයෙන් ජීවත් වෙන්න. ජිවිතය පරාජය කරගන්න එපා (ස)
සුබපැතුම් ඔබට (දී)
අමිලගේ අනාගතයට මම සුභ පතනවා. (නි)
අනේ පින් සිද්ධ වේවි අමිල කොලුවෝ වෙන් වෙන්න නම් එපා, ඔබට ජයෙන් ජය (ස)
සතුටුයි ඔබ දෙපළ ගැන. (නි)
සුබ පැතුම් (ස)
ඔබ දෙදෙනාට සුභ පතනවා! (නි)
මම නම් කැමති අමිලගේ පොකුටු කොණ්ඩෙට. (නි)
දෙවි පිහිටයි (දී)
මගේ උණුසුම් සුභ පැතුම්! (නි)
හිටියොත් හොදට හැදී දෙවියොත් නමට වදී... (නි)