(ඩී.ජී.සුගතපාල සහ සුමතිපාල දීයගහගේ)

මත්ද්‍රව්‍ය පානය කිරිමේ චෝදනාව මත ගාල්ල දිස්ත්‍රික්කයේ පොලිස් ස්ථාන දෙකක කොස්තාපල්වරුන් සිව් දෙනෙකුගේ සේවය ඊයේ සිට ක්‍රියාත්මක වන පරිදි තහනම් කල බව ගාලු දිසා බාර නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය පවසයි.

මෙසේ වැඩ තහනමට ලක්කර ඇත්තේ අම්බලන්ගොඩ පොලිසියේ කොස්තාපල්වරුන් තිදෙනෙක් සහ අහුංගල්ල පොලිසියේ කොස්තාපල්වරයෙකි.

පොලිස් නිලධාරින් පිරිසක් මත් ද්‍රව්‍ය පානය කරණ වට ලැබුන තෙතාරතුරක් අනුව අම්බලන්ගොඩ‘.අහුංගල්ල, බෙන්තොට, ඇල්පිටිය යන පොලිස් ස්ථානවල කොස්තාපල්වරුන් කම දෙනෙකු ඇල්පිටිය මුලික රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා වෙත ඉදිරිපත් කර ඇත.

එහිදි අධිකරණ වෛද්‍ය නිලධාරියා තහවුරුකර ඇත්තේ මෙම කොස්තාපල්වරුන් හතර දෙනා ගංජා පානය කර ඇති බවය. ඒ අනුව අම්බලන්ගොඩ සහකාර පොලිස් අධිකාරිවරයා විසින් මෙම වැඩ තහනම සිදුකර ඇත.