(අංජුල මහික වීරරත්න)

අභියෝගාත්මක අවස්ථාවේ බෙදී වෙන් නොවී එකට එකතු වී අභියෝගවලට මුහුණ දිය යුතු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවැසීය.

අද වන විට රටේ ජනතාව අනාරක්ෂිත අවදානම් අතිභයංකාර අභියෝගවලට මුහුණ දෙන බව කී විපක්ෂ නායකවරයා  ජනතාව ඒ අභියෝගවලින් බේරා ගෙන  මාතෘභූමියේ ඒකීයභාවය, භෞමික අඛණ්ඩතාව, සෛවරීත්වය මෙන්ම දේශපාලන නිදහස සුරක්ෂිත වන ආකාරයේ ගමනකට  මුලපිරිය යුතු බව සඳහන් කළේය.

රටේ තිබෙන්නා වූ දැඩි අවදානම් තත්ත්වය තුළ සුවිශාල අසනයකට පීඩනයකට ලක්ව ඇති ජනතාව සුරක්ෂිත කළ යුතු බවත් දේශීය සහ ජාත්‍යන්තර සිදුවීම් කේන්ද්‍ර කර ගෙන රටේ ජනතාවගේ ජන ජීවිත මහා අසහනයකට පත්ව ඇති බවත් විපක්ෂ නායකවරයා කීය.

මෙවැනි අවස්ථාවල රටේ ජනතාව ජාති ආගම් කුලමල පන්ති පක්ෂ භේදබින්න වලින් තොරව එකට සිට ජනතාවක් ලෙස සහෝදරත්වයෙන් එකමුතුභාවයෙන් සංහිදියාවෙන්  අභියෝග ජයග්‍රහණය කරවන්නට කැපවිය යුතු යැයිද සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කළේය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ මාතර උඩඅපරැක්ක ශ්‍රී සේපාලිකා මහා විහාරස්ථානයේ පැවැති වෙසක් පිංකමට එක්වෙමිනි.