(සනත් ගමගේ)
ගිං නිල්වලා වාරිමාර්ග යෝජනා ක්‍රමය ක්‍රියාත්මක කරන්නේම් මාතර ජල ගැලීම් වලට හා හම්බන්තොට ජල හිඟයට විසඳුමක් ඇති වන බව ජාතික ඒකාබද්ධ ගොවි සංවිධායේ ප්‍රචාරක ලේකම් ශෂී එදිරිසූරිය මහතා නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියි.
ගිං සහ නිල්වලා ගංඟා වල වැඩි ජලය හම්බන්තොටට රැගෙන යෑම සඳහා අදාළ යෝජනා සකස් කර වසර ගණනාවක් ගතවී ඇතැත් විවිධ බලපැම් හා විවිධ මත හමුවේ ක්‍රියාත්මක මට්ටමකට සිදු නොවූ අතර එහි බරපතලම ඛේදවාචකය මෙවර ජලගැලීම් වලින් විඳීමට සිදු වූ බවද එම නිවේදනයේ සඳහන් වේ.
2014 වසරේ සැප්තැම්බර් මස 30 දින කැබිනට් තීරණයක් ලෙස ගෙන ඇති ගිං නිල් වලා යෝජනා ක්‍රමය ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය සක්‍යතා අධ්‍යයන කටයුතු සිදු කර අවසාන වශයෙන් ක්‍රියාත්මක කිරීමේ තැනට පත්ව තිබිණි.
මෙම ව්‍යාපෘතිය යටතේ ගිංගඟ පිටදෙණිය ප්‍රදේශයෙන් හරවා සිංහ රාජය හරහා උමං මාර්ගය ඔස්සේ කොටපල දෙසට ගෙන ඒමට නියමිතව තිබිණි. කොටපලදී නිල්වලා ගඟේ ජලයද ගෙන අම්පානගල ජල හැරවුම් ඒකකයෙන් හම්බන්තොට වීරකැටිය මුරුතවෙල ජලාශයට ජලය එක් කිරීම සිදු කෙරේ. වර්තමානයේ දී ජල හිඟය හේතුවෙන් මුරුතවෙල ජලාශයේ පිටපිට කන්න හතරක් වගා කිරීමට නොහැකිව ගොවි පවුල් 4000 ක් පමණ අසරණ වී වන්දි ලබාදෙන ලෙසට ඉල්ලීම් කර ඇත.
මුරුතවෙල ජලාශයෙන් මෙම ජලය ඇඹිලිපිටිය චන්ද්‍රිකා වැවට ගෙනවිත් උඩවලව වම් ඇල මගින් හම්බන්තොට මයුර පුර දැනට වගා කිරීමට නොහැකි ප්‍රදේශ වගා කිරීමට හැකිවේ.උඩවලව වම් ඇල සිට මවු ආර ජලාශයට ජලය ලබා දීමට හැකි වන අතර දැනටමත් ජල හිඟය පවතින බදගිරිය වැවට මෙමගින් ජලය ලබා දීමට හැකිවනු ඇති බව යෝජනා ක්‍රමයේ සඳහන් වන බව නිවේදනයේ සඳහන්වේ.
මුරුතවෙල ජලාශයට ජලය එක් කිරීමෙන් පසු විරකැටිය,තංගල්ල, කටුවන යන ප්‍රදේශවල පානීය ජල හිඟයටද පිළියම් ලැබෙනු ඇත.කොටපලදී සහ අම්පානගලදී මාතර දිස්ත්‍රික්කයේ කොට්ඨාස 15 කට පානීය ජලය ලබා දීමට හැකි ව්‍යාපෘති සකස් කිරීමට ද හැකියාව පවතී.
මෙම ව්‍යපෘතිය සඳහා ඇමෙරිකානු ඩොලර් මිලියන 696 ක් ඇස්තමේන්තු කර තිබූ අතර එය ක්‍රියාත්මක කිරිම සිදු නොවීය. වර්තමාන රජයද මේ සම්බන්ධව සොයා බලා ගිං නිල්වලා ව්‍යාපෘතියේ 2014 වර්ෂයේදී අමාත්‍ය මණ්ඩලය විසින් දෙන ලද අනුමැතිය පරිදි, ගිං - නිල්වලා හැරවුම් ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම ආරම්භ කරනු ලැබ ඇත.
ඒ අනුව, ගිං - නිල්වලා හැරවුම් ව්‍යාපෘතිය ඇමරිකන් ඩොලර් මිලියන 696ක පිරිවැයකින් ක්‍රියාත්මක කිරීම පිණිස වන ඉංජිනේරු, ප්‍රසම්පාදන හා ඉදි කිරීම් කොන්ත්‍රාත්තුව චීන සමාගමක් වෙත පිරිනමනු ලැබ තිබේ. එසේ වුවද, චීන අපනයන හා ආනයන බැංකුව සමඟ වන ණය ගිවිසුමේ කටයුතු අවසන් කරනු ලැබ නොමැති බැවින් මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක වී නොමැත. ඒ අනුව, මෙම ව්‍යාපෘතියට අදාළව පහත කරුණු සම්බන්ධයෙන් විමර්ශනයක් සිදු කිරීම පිණිස අමාත්‍ය අනුකමිටුක් සහ ඊට සහාය වීම පිණිස ජ්‍යෙෂ්ඨ නිලධාරින්ගෙන් සමන්විත කමිටුවක් පත් කිරීම පිණිස මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතා 2016-12-06 ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී:
* මෙම ව්‍යාපෘතියට අදාළව එළඹුණු කොන්ත්‍රාත් ගිවිසුම රජයට කිසිදු අතිරේක පිරිවැයක් දැරීමට සිදු නොවන පරිදි ක්‍රියාත්මක කළ හැකිද යන්න පිළිබඳව.
* කිසියම් පාර්ශ්වයකට ගිවිසුම ඒකපාර්ශ්විකව අවසන් කිරීමට අවශ්‍ය වේ නම්, එහි අහිතකර බලපෑම් හා පිරිවැය තක්සේරු කිරීම.
* මෙම කරුණට සම්බන්ධ නිලධාරින් විසින් මුදල් රෙගුලාසි, රජයේ කාර්යපටිපාටීන් හා චක්‍රලේඛ උපදෙස් කිසිවක් උල්ලංගනය කර තිබේද යන්න පිළිබඳව.
* කිසිදු අහිතකර ප්‍රතිඵලයකින් තොරව අත්තිකාරම් ගෙවීම් ප්‍රතිපූරණය කරගන්නේ කෙසේද යන්න පිළිබඳව. මෙහිදි යෝජනා වශයෙන් ඉදිරිපත් වි ඇත.
ගිං නිල්වලා ගංඟා පිට ආර ගැලීම නිසා මාතර දිස්ත්‍රික්කයේ විශාල ප්‍රදේශයක් ජල ගැලිමට ලක්විමෙන් ජනතාව විපතට පත් වී දේපල විශාල වශයෙන් හානි ඇති වූ හෙයින්ද අදටත් හම්බන්තොට දිස්ත්‍රික්කයේ ජල හිඟය හේතුවෙන් මුරුතවෙල, විරකැටිය, තංගල්ල, බෙලිඅත්ත හම්බන්තොට බදගිරිය වැනි ප්‍රදේශවල කුඹුරු අක්කර දහස් ගණන් වගා කිරීමට නොහැකි වී තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගිං, නිල්වලා වාරිමාර්ග යෝජනා ක්‍රමය ක්‍රියාත්මක කරන්නේ නම් මාතර ජල ගැලීම් වලට විසඳුමක් ලැබෙන්නේ යැයි කීම මුසාවකි. පිටදෙණිය, කොටපල, අම්පානගල පිහිටා ඇත්තේ ධාරා ප්‍රදේශවල ඉහල කොටසේය .මෙම හැරවුම් යෝජනාව වාරිමාර්ග නිලධාරීන් සකස් කර ඇත්තේ එකල සිටි ජනාධිපති මහින්ද මහතා සතුටු කිරීමට හුදෙක් හම්බන්තොට ඇති ජල හිගය අඩු කර ගැනීම මුල් කර ගෙනය. එය ගං වතුර පාලනය කල හැකි එකක් නොවන්නේ මෙම ගංගා වලින් හරවනු ලබන ජල ප්‍රවාහය සහ පරිමාව මාතර පහළ කොටසේ ගංවතුර ප්‍රවාහය සහ ගං වතුර පරිමාව හා සැසඳූවිට සැලකිල්ලට ගත නොහැකි ඉතා කුඩා ප්‍රමාණයක් නිසාය .එම ජලාශ වල ධාරිතාවයද කුඩාය .තවද ගිං සහ නිල්වලා ද්‍රෝණිවල පහල කොටසේ ඇති ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ ජල සැපයුම් වලට වියළි කාලයේදී ගංගාවල ජල ප්‍රවාහය අඩු බැවින් කරදිය ඇතුළු වේ. මෙසේ වියළි කාලයේදී ගංගාවල ඉහල ජලය හම්බන්තොටට යැවීම නිසා ගීං නිල්වලා දෝණි වල පානීය ජල අර්බුදය තවත් උග්‍රවේ. ගං වතුර පාලනයක් මේ මගින් සිදුවෙන්නේ නැත ...
ඇමතිවරුන්ට කෝටි ප්‍රකෝටි ගණන් වියදම් කරලා වාහන ගේන එක රටේ වැදගත් කියලා හිතාගෙන මේ වගේ ව්‍යාපෘතියකට උනන්දුවක් නැති වීම රටේම අභාග්‍යයක්.... මොනතරම් වටිනා වාරිකර්මාන්තයක් ද මේ. මොරගහකන්ද හැදුවා වගේ කරමු බලන්න මේකත්... හැබැයි ඔන්න හොරකම් කරන්න නම් බැහැ.
ශෂී මහතා සිංහරාජය හඳුනා ගෙන නැත. ගඟේ පහළ කොටසෙන් වතුර පොම්ප කරන්න.
කළු ගඟේ ජලය වලවේ ගඟට හරවන්න පුළුවන් නේද? එහෙම නම් රත්නපුර, කළුතර, මාතර, ගාල්ල ගංවතුරෙන් යටවීම මේ ව්‍යාපෘති 2න් නවත්තන්න පුඵවන්...