(ටී.කේ.ජී.කපිල )

රුපියල් කෝටි 20කට අධික විදි වටිනා " හෂීෂ්" මත්ද්‍රව්‍ය තොගයක් සමග කැනඩා ජාතික පින්තාරු කරුවෙක්   කටුනායක ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තයේ සේවයේ නිරත රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් විසින් අද අලුයම අත් අඩංගුවට ගනු ලැබීය .

මොහු මෙම " හෂීෂ්" මත්ද්‍රව්‍ය තොගය , කැනඩාවේ ටොරොන්ටෝ නුවරින් මිළදී ගෙන  කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි .

එහිදී ඔහු  රැගෙන ආ ගමන් මලු 02 ක් තුළ මෙම ඉස්තරම් වර්ගයේ දුඹුරු පැහැති " හෂීෂ්" මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 20 ග්‍රෑම් 117 ක තිබුණි.