(අංජුල මහික වීරරත්න)

"සුඛා සංඝස්ස සාමග්ගි" යන තේමාවෙන් මහ සඟ සමුළුවක් කොළඹ ශ්‍රී ලංකා ප්‍රදර්ශන හා සම්මේලන මධ්‍යස්ථානයේදී (SLECC) හෙට (27) පස්වරු 2.30ට පැවැත්වේ.

ශාසනාරක්ෂක සංඝ සභාව මෙම මහා සංඝ සමුළුව සංවිධාන කරයි.

රට දැය වනසමින් සිටින සකලවිධ මිසදිටු කුමන්ත්‍රණ බලවේගයන්ට එරෙහිව සැබෑ බෞද්ධ බලය පෙන්වීම සඳහා මෙම සඟ සමුළුව සංවිධාන කරන බව ශාසනාරක්ෂක සංඝ සභාව පවසයි.

බෞද්ධ බලය සහ සංඝරත්නයේ ඒකමතිකත්වය ප්‍රකාශ කිරීම මෙම සම්මේලනයේ ප්‍රධාන අරමුණ වී තිබෙන බවද සංඝ සභාව කියයි.

මෙම මහ සඟ සමුළුව සඳහා දිවයිනේ සියලු පෙදෙස් වලින් මහා සංඝරත්නය කොළඹට වැඩම වීමට නියමිත බව ශාසනාරක්ෂක සංඝ සභාව වැඩිදුරටත් සඳහන් කරයි.