
(ටී.කේ.ජී.කපිල)
රුපියල් දෙකෝටි පනස් ලක්ෂ පනස් දහසක් වටිනා " කුෂ්" මත්ද්‍රව්‍ය තොගයක් කටුනායක ගුවන් තොටුපොළ වෙත රැගෙන විත් , ඒවා ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තයේ කිසිවක් ප්‍රකාශ කිරීමට නොමැති " හරිත මාවත " (Green Channel) ඔස්සේ පිට කර ගෙන යාමට තැත් කළ ශ්‍රී ලාංකික ගුවන් මගියෙකු අද (25) අලුයම , රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන තිබේ .
මොහු කොළඹ ප්‍රදේශයේ පදිංචි 33 හැවිරිදි වියේ පසුවන ජායාරූප ශිල්පියෙකි .
එහිදී ඔහු විසින් රැගෙන ආ ගමන් මල්ල තුළ , වියළි පළතුරු අඩංගු පැකට් තුළ , ඒවා ඉවත් කර , මෙම " කුෂ්" මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 02 ග්‍රෑම් 505 ක ප්‍රමාණය සූක්ෂම ලෙස අසුරා , සගවා ගෙන තිබුණි .
මේ පිළිබද වැඩිදුර විමර්ශන කටයුතු සදහා මෙම ගුවන් මගියා සහ ඔහු විසින් රැගෙන ආ මත්ද්‍රව්‍ය තොගය කටුනායක ගුවන් තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් වෙත භාර දීමට පියවර ගෙන තිබේ .
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd