
(මනෝප්රිය ගුණසේකර)
විභාග අක්රමිකතාවයන් කර තමන්ගේ කාලය, ශ්‍රමය හා මුදල් නිරපරාදේ නාස්ති කිරීම හේතුවෙන් කොළඹ විශ්ව විද්‍යාලයේ පාලනාධිකාරියෙන් රුපියල් ලක්ෂ 50ක වන්දියක් අයකර දෙන්නැයි ඉල්ලා කොළඹ විශ්ව විද්‍යාලයේ සිසුවකු පවරා ඇති නඩුව සඳහා උත්තරවාද ගොනු කිරීමට එම නඩුවේ වගඋත්තරකරුවන් වශයෙන් නම් කර සිටින කොළඹ විශ්ව විද්‍යාලයේ උපකුලපතිවරයා ඇතුළු කථිකාචාර්යවරුන්ට නුගේගොඩ දිසා විනිසුරු ආර්.ඒ.එන්. රාජපක්ෂ මහතා අද නියම කළේය.
නඩුවේ වගඋත්තරකරුවන් වශයෙන් නම් කර සිටින කොළඹ විශ්ව විද්‍යාලයේ උපකුලපතිවරයා ඇතුළු කථිකාචාර්යවරුන් වෙනුවෙන් පෙනී සිටි නීතීඥ දිනුෂා ලොකුසුරිය මහත්මිය කළ ඉල්ලීමක් පිළිගනිමින් දිසා විනිසුරුවරයා එලෙස නියම කළේය.
කොළඹ සරසවියේ කළමනාකරණ හා මූල්‍ය පීඨය මගින් පවත්වනු ලබන ව්‍යවසායකත්ව හා කුඩා ව්‍යාපාර කළමනාකරණ උසස් ඩිප්ලෝමා පාඨමාලාව හදාරන සිසුවෙකු වූ සනත් කුමාර අතුකෝරළ මහතා මෙම වන්දි නඩුව ගොනු කර ඇත.
සනත් කුමාර අතුකෝරළ මහතා මෙලෙස නඩු පවරා ඇත්තේ කොළඹ විශ්ව විද්‍යාලයේ කළමනාකරණ හා මූල්‍ය පීඨයේ කථිකාචාර්යවරුන් වන ඩී.සී.එල්. දියගුආරච්චි, ඩබ්ලිව්.පී. ප්‍රේමරත්න, එහි අංශ ප්‍රධානී සෂිකා අබේධීර මනෝරත්න, පීඨාධිපති එච්.එම්. නිහාල් හෙන්නායක, විභාග අංශයේ අතිරේක ලේඛකාධිකාරී වජිරා හපූහින්න ජයරත්න, කොළඹ විශ්ව විද්‍යාලයේ හිටපු උපකුලපති එච්.ඩී. කරුණාරත්න, උපකුලපති ඉන්දික මහේෂ් කරුණාතිලක යන මහත්ම මහත්මීන්ට සහ නීතිපතිවරයාට එරෙහිවය.
නීතිඥ දනෝෂා පෙරේරා මහත්මිය මගින් සිය පැමිණිල්ල ඉදිරිපත් කරන සනත් කුමාර අතුකෝරල මහතා කොළඹ විශ්ව විද්‍යාලයේ කළමනාකරණ හා මූල්‍ය පීඨය මගින් පවත්වනු ලබන ව්‍යවසායකත්ව හා කුඩා ව්‍යාපාර කළමනාකරණ උසස් ඩිප්ලෝමා පාඨමාලාව 2022/2023 හැදෑරීම සඳහා කළ ඉල්ලීමකට අනුව එම පාඨමාලාව හැදෑරීම සඳහා කොළඹ විශ්ව විද්‍යාලයෙන් තමන් බඳවා ගත් බවත් පාඨමාලාවේ පළමු තෙස්තමේන්තුවේදී කිසිදු අර්බුදයක් උද්ගත නොවූ නමුත් දෙවැනි තෙස්තමේන්තුවේදී 508 විෂය වශයෙන් හඳුන්වනු ලබන ‘කුඩා ව්‍යාපාර සඳහා මෙහෙයුම් කළමනාකරණය’ සහ 510 විෂය වශයෙන් හඳුන්වනු ලබන ‘ව්‍යාපාර උපායමාර්ග හා තිරසාරභාවය’ විෂයන්වලදී තමන්ට විශාල අසාධාරණයක් වූ බවත් සඳහන් කර ඇත.
508 විෂය ඉගැන්වූ කථිකාචාර්ය ඩී.සී.එල්. දියගුආරච්චි මහත්මිය එක් අවස්ථාවක සිසුවකු මාර්ගයෙන් මුදල් හදිස්සියක් බව පවසමින් ඇගේ ගිණුමට රුපියල් 80000/-ක මුදලක් බැර කරන ලෙස තමාගෙන් ඉල්ලා සිටි නමුත් තමා ඊට එකඟ නොවූ බව පෙත්සම්කාර සනත් කුමාර අතුකෝරල මහතා සඳහන් කර ඇත.
එම සිද්ධියෙන් අනතුරුව 2024 මැයි 18 සහ 19 වැනි දිනවල කිරිඇල්ල ‘විජය රිෂෝට්’ ආයතනයේදී පාඨමාලාවට අදාළ දෙදින වැඩමුළුවක් සංවිධානය කර තිබූ බවත් එම වැඩමුළුවට විශ්ව විද්‍යාලයට කිසිඳු සම්බන්ධකමක් නැති දියගුආරච්චි මහත්මියගේ සැමියාද පැමිණ සිටි බවත් සඳහන් කරන අතුකෝරල මහතා එක් සිසුවකු පැමිණ දියගුආරච්චි මහත්මියගේ සැමියාට තමාගේ කාමරයේ නවාතැන් ගැනීමට ඉඩදෙන ලෙස කළ ඉල්ලීමට තමා විරුද්ධත්වය පළ කළ බවත් මෙම සිදුවීම් වලින් අනතුරුව කථිකාචාර්ය දියගුආරච්චි මහත්මිය තමා සමඟ වෛරයක් ඇතිකරගත් බවත් සඳහන් කර ඇත.
මෙම සිදුවීම් වලින් අනතුරුව පැවති විභාගයේදී 508 විශේෂ සඳහා ඇය නියමිත ලකුණු දීමේ ක්‍රියාපටිපාටියෙන් බැහැරව ගොස් අසාධාරණ” අත්තනෝමතික හා පළිගන්නා අන්දමින් තමන්ට අගතිදායක වන ලෙස අඩු ලකුණු ලබා දී තමන් විභාගයෙන් අසමත් කර ඇතැයි පවසන පෙත්සම්කාර සනත් අතුකෝරල මහතා විභාගය පැවැත්වීමට පෙරම ඇය විභාගයේදී එන ප්‍රශ්න මොනවාද? යන්න වෙනත් සිසු කණ්ඩායමකට හෙළි කර ඇති බවටද චෝදනා කර සිටි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd