
(මනෝප්‍රිය ගුණසේකර)
කොළඹ මහාධිකරණ සහ දිසා අධිකරණ පවත්වාගෙන යන පෞරාණීක ගොඩනැඟිල්ලේ යම් කොටසක් පෙරේදා රාත්‍රීයේ කඩා වැටීම හේතූවෙන් කොළඹ මහාධිකරණයේ සහ දිසා අධිකරණයේ කටයුතු අද අඩාල විය.
මහාධිකරණ සහ දිසා අධිකරණ විනිසුරුවරුන්ගේ නිල මැදිරි සහ දිසා අධිකරණ ලේඛණාගාරය ඇතුළු කාර්යාල කිහිපයක්ම කඩා වැටුණු පෞරාණීක ගොඩනැඟිලි කොටසේ පවත්වාගෙන යෑම නිසා දැඩි අනාරක්‍ෂිත තත්වය හමුවේ අධිකරණ කටයුතු මෙලෙස අඩාල විය.
ලන්දේසි පාලන සමයේ ඉදිකළ බව පැවසෙන මෙම පෞරාණීක ගොඩනැඟිල්ල ගඩොල් වලින් බැඳ ලෑලී සොල්දර මත මහාධිකරණ සහ දිසා අධිකරණ විනිසුරුවරුන්ගේ නිල මැදිරි පවත්වාගෙන යන අතර එහි බිමි මහලේ දිසා අධිකරණ ලේඛණාගාරය ඇතුළු කාර්යාල කිහිපයක් පවත්ගෙන යනු ලැබේ.
මෙම පෞරාණීක ගොඩනැඟිල්ල ගඩොල් වලින් බැඳ ඇති කු`ථණු වල බදාම ඉවත් කර පිළිසකර කටයුතු කරමින් සිට ඇති අතර පෞරාණීක ගොඩනැඟිල්ල එලෙස පිළිසකර කරමින් සිටියදීත් විනිසුරුවරුන්ගේ නිල මැදිරි මෙන්ම දිසා අධිකරණ ලේඛණාගාරය ඇතු`ථ කාර්යාල කිහිපයක් පවත්ගෙන ගොස් ඇති බව පෙන්වා දෙන අධිකරණ නිලධාරින් පුරා විද්‍යා දෙපාර්තමෙන්තුවේ අවසරයක් හෝ නොමැතිව මෙම පෞරාණීක ගොඩනැඟිල්ලේ පිළිසකර කටයුතු කරන බවද පැවසුහ.
අධිකරණ කටයුතු පවත්වාගෙන යන අවස්ථාවේ මෙම අනතුර සිදුවුයේ නම් විනිසුරුවරුන්ගේ” අධිකරණ සේවකයින්ගේ මෙන්ම නඩු කටයුතු වලට පැමිණෙන විශාල පිරිසකගේ ජීවීත වලට හානි වීමට බොහෝ දුරට ඉඩතිබු බව පෙන්වා දෙන අධිකරණ නිලධාරින් මෙම පරීශ්‍රයේ රාජකාරී කිරීම ඉතාම අවදානම් බවද පෙන්වා දෙති.
මෙම පෞරාණීක ගොඩනැඟිල්ලේ ඉතිරි වී ඇති බිත්තිද පුපුරා ඉරිතලා සහ ඇඳ වී ඇති බවද පෙන්වා දෙන අධිකරණ නිලධාරින් එවැනි තත්වයක් තුළ මෙම පරීශ්‍රයේ රාජකාරී කිරීම ඉතාම අවදානම් බවද පෙන්වා දෙති.
මෙම පෞරාණීක ගොඩනැඟිල්ලේ කොටසක් කඩා වැටී ඇති බව වාර්තා වීමෙන් අනතුරුව අධිකරණ අමාත්‍යංශයේ නිලධාරීන් ඇතු`ථ බොහෝ පිරිසක් එම ස්ථානයට පැමිණ අදාළ ස්ථානය නිරීක්‍ෂණය කළ බවද වාර්තාවේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd