
(අංජුල මහික වීරරත්න)
රුපියල් බිලියන 73 ක් වියදම් කරමින් කළුතර–කොළඹ ජල සැපයුම ලබා දීමේ ව්‍යාපෘතියකට රජය මුල පුරා තිබේ.
කළුතර සහ කොළඹ දිස්ත්‍රික්ක වල පවුල් ලක්ෂ 5කට පමණ පානීය ජල අවශ්‍යතා සපුරාලීම අරමුණු කර ගනිමින් මෙම කළුගඟ ජල ව්‍යාපෘතිය ක්‍රියාත්මක කෙරෙයි.
ජයිකා ණය ආධාර යටතේ ක්‍රියාත්මක කිරීමට නියමිත මෙම ව්‍යාපෘතිය යටතේ දිනකට ඝන මීටර් 140,000ක ධාරිතාවකින් යුත් නව ජල පිරිපහදු මධ්‍යස්ථානයක්, ජල ගබඩා කුලුනු සහ අවශ්‍ය නළ පද්ධති ඇතුළු යටිතල පහසුකම් රැසක් ඉදිකිරීමට නියමිතය.
අදාළ ව්‍යාපෘතිය පිළිබඳව ශ්‍රී ලංකාවේ ජයිකා ප්‍රධාන සම්බන්ධීකාරක Honzu shigeo මහතා ඇතුළු ජයිකා නියෝජිත පිරිසක් සහ
නිවාස,ඉදිකිරීම් සහ ජලසම්පාදන අමාත්‍ය වෛද්‍ය සුසිල් රණසිංහ මහතා අතර සාකච්ඡාවක් නිවාස, ඉදිකිරීම් සහ ජලසම්පාදන අමාත්‍යාංශයේදී පැවැත්විණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd