(උපාලි ආනන්ද)
දැදුරුඔයේ  වැලි ජාවාරමක නියැළෙමින් සිටි ජාවාරම්කරුවන් අත් අඩංගුවට ගැනීමට ගිය රස්නායකපුර පොලිසියේ එවකට හිටපු   ස්ථානාධිපතිවරයාට බරපතල ලෙස  පහරදී එක් ඇසක් අන්ද කර දත් 11 ක් කඩා දමා ඔහු මරා දැමීමට තැත් කිරීමේ චෝදනාවන්ට මීට පෙර  වරදකරුවන් වූ   කොබෙයිගනේ ප‍්‍රදේශීය සභාවේ හිටපු උප  සභාපතිවරයා සහ කොබෙයිගනේ විවිධ සේවා සමූපකාර සමිතියේ  හිටපු සභාපතිවරයා ඇතුළු විත්තිකරුවන් විසි දෙකුට  මීට පෙර අභියාචානාධිකරණය නියම කර තිබූ සක‍්‍රිය බරපතල වැඩ සහිත සිර දඬුවම් යළි ක‍්‍රියාත්මක කිරීමට  වයඔ පළාත් බද මහාධිකරණ විනිසුරු ටිකිරි  ජයතිලක මහතා අද නියෝග  කළේය.  
මෙසේ නියෝග කළේ  අභියාචනාධිකරණය  මගින් තමන්ට නියම කල බරපතල වැඩ සහිත සිර දඬුවම් නියෝගය බල රහිත කරන ලෙස  ඉල්ලා මෙම විත්තිකරුවන් ගොනු  කළ අභියාචනනයක්  ශ්‍රේෂ්ඨාධිකරණය ප‍්‍රතික්ෂේප කර  අභියාචනාධිකරණ ලබාදී ඇති මුල් දඬුවම් නියෝගය යළි තහවුරු කරමින් එම නියෝගය ක‍්‍රියාත්මක කරන ලෙස කුරුණෑගල මහාධිකරණයට කළ නියෝගයක්  සැළකිල්ලට ගනිමිනි.

ඒ අනුව  කොබෙයිගනේ සමූපකාර සමිතියේ එවකට හිටපු සභාපති ආර් ඒ. සිසිර කුමාර රාමනායකට බරපතල වැඩ සහිත වසර 5 ක බරපතල වැඩ සහිත සිර දඬුවම් නියම කළ  මහාධිකරණ විනිසුරුවරයා 6 සිට 9 දක්වා විත්තිකරුවන්ට වසර 4 බැගින් බරපතල  වැඩ සහිත සිර දඬුවම් ද සෙසු විත්තිකරුවන්ට වසර 2 බැගින් බරපතල වැඩ සහිත සිර දඬුවම්ද නියම කරනු ලැබීය.