(මනෝප්‍රිය ගුණසේකර)

කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණයේ මහෙස්ත්‍රාත්වරයකු ඉදිරිපිටදීම ගණේමුල්ල සංජීව නමැත්තාට වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට අදාළව විදේශ රටක සැගව සිටියදී අත්අඩංගුවට ගෙන ශ්‍රී ලංකාවට රැගෙනවිත් වසරකට ආසන්න කාලයක් පුරා රහස් පොලිසිය බාරයේ රඳවාගෙන ප්‍රශ්ණ කළ කෙහෙල්බද්දර පද්මේ නමැත්තා ලබන මස 03 වැනිදා දක්වා රිමාන්ඩ් භාරයේ රඳවා තැබීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග බෝදරගම මහතා නියෝග කළේය.

ඔහු සමඟම අධිකරණයට ඉදිරිපත් කළ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු බව කියන නිලංග සම්පත් සිල්වා හෙවත් පානදුර නිලංග නමැත්තාද  ලබන මස 03 වැනිදා දක්වා රිමාන්ඩ් භාරයේ රඳවා තැබීමට ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග බෝදරගම මහතා වැඩිදුරටත් නියෝග කළේය.

රැදවුම් නියෝග මත රඳවාගෙන ප්‍රශ්න කළ සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කරමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කළ ඉල්ලීමක් පිළිගනිමින් මහෙස්ත්‍රාත්වරයා එලෙස නියම කළේය”