
(රෝෂන් තුෂාර)
මිනිස් ඝාතන, කප්පම් ගැනීම්, කොල්ලකෑම්, ආයුධ ළඟ තබාගැනීම් ඇතුළු අපරාධ රැසක සැකකරුව වසර තුනක් තිස්සේ ඩුබායි හි සැඟව සිට ඉන්දියාවේදී අත්අඩංගුවට පත් මත්ද්‍රව්‍ය ජාවාරම් සහ පාතාල කල්ලි සාමාජිකයෙකු යැයි කියන හේවාපේඩිගේ දිනූෂ චතුරංග නොහොත් ‘කෙසෙල්වත්තේ දිනූෂ’ පොලිසියේ රඳවා ප්‍රශ්න කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම මහතා (27)අවසර ලබා දුන්නේ ය.
කටුනායක ගුවන් තොටුපළේදී අත්අඩංගුවට ගත් සැකකරු දින 90ක් පොලිසියේ රඳවා ප්‍රශ්න කිරීමට ආරක්ෂක අමාත්‍යාංශ ලේකම්වරයාගේ අනුමැතිය ලබා ඇති බවත්,අපරාධ සම්බන්ධයෙන් තවදුරටත් සැකකරුගෙන් ප්‍රශ්න කර තොරතුරු අනාවරණය කර ගැනීමට අවශ්‍ය බැවින් ඊට අවසරය ලබා දෙන ලෙසට කෙසෙල්වත්ත පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සුජිත් ප්‍රියන්ත මහතා කළ ඉල්ලීමක් සලකා බැලීමෙන් පසුව ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා මෙම අවසරය ලබා දුන්නේය.
සැකකරු සම්බන්ධයෙන් සාක්ෂි සම්පින්ඩන වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කළ ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා සඳහන් කර සිටියේ සැකකරු මේ වන විට කොම්පඤ්ඤවීදිය පොලිසියේ රඳවා ප්‍රශ්න කිරීමට යොමු කර ඇති බවය.
සැකකරුට එරෙහිව පවතින අපරාධ නඩු සම්බන්ධයෙන් ලේඛනයක්ද අධිකරණයට ඉදිරිපත් කළේය.
සුජිත් ප්‍රියන්ත මහතා කරුණු දක්වමින් මෙසේද පැවසීය.
අපරාධ විමර්ශන රැසක සැකකරුවකු ලෙස නම්කර ඇති දිනූෂ වසර තුනක් තිස්සේ ඩුබායි හි සැඟව සිට ඇති බව තොරතුරු අනාවරණය වෙනවා.සැකකරුගේ අතක අස්ථි ශල්‍ය කර්මයක් සිදු කිරීම සඳහා ඉන්දියාවට පැමිණි අවස්ථාවේදී රතු වරෙන්තු ලබා සිටි සැකකරු අත්අඩංගුවට පත්ව ඇති බවද පැවසීය.
සැකකරු සන්තකයේ ඉෂාර පහළ ගලගේ නමින් පෙනී සිටි ව්‍යාජ විදේශ ගමන් බලපත්‍රයක් තිබී ඇති අතර සැකකරු වෙනත් නමකින් පෙනී සිට ඇති බවද පැවසිය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd