
(රෝෂන් තුෂාර)
පහ වසර ශිෂ්‍යත්වය සමත් සුදුසුකම්ලත් දරුවන් සිටියදී අධ්‍යාපන චක්‍රලේඛ උල්ලංඝනය කරමින් අඩු ලකුණු ලබාගත් ළමුන් කුලියාපිටිය විශාඛා බාලිකා විද්‍යාලයට ඇතුළත් කර ගනිමින් දූෂණය නම් වරද සිදුකළේ යැයි අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ කුලියාපිටිය කලාප අධ්‍යාපනය අධ්‍යක්ෂවරිය ඇප මත මුදා හැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම මහතා අද (27) නියෝග කළේය.
කුලියාපිටියේ විශාඛා බාලිකා විද්‍යාලයේ හිටපු විදුහල්පතිනි චන්දනී රූපිකා සත් කුමාර නැමැති සැකකාරිය මෙසේ ඇප මත මුදා හළ මහේස්ත්‍රාත්වරයා සැකකාරියට රුපියල් ලක්ෂ 5 බැගින් වූ ශරීර ඇප දෙකක් නියම කරමින් විදෙස් ගමන් තහනම් කරන බවට නියෝග කළේය.
සැකකාරිය අධිකරණයට ඉදිරිපත් කරමින් අල්ලස් කොමිසම කියා සිටියේ 2022 පහ වසර ශිෂ්‍යත්වය සමත් සුදුසුකම් ලත් ළමුන් සිටියදී 2023 හය ශ්‍රේණිය සඳහා අඩු ලකුණු සහිත ළමුන් හත් දෙනකු බඳවා ගනිමින් දූෂණය නම් වරද සිදුකිරීමට එරෙහිව සැකකාරිය අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන බවය.
අදාළ ක්‍රියාව තුළින් ශිෂ්‍යත්වය සමත් ළමුන්ට අවාසියක් සිදු කරමින් තවත් පිරිසකට වාසි සිදු කිරීම සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන සිදු කරන බවද පැවසීය.
සැකකාරිය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණයට කරුණු දක්වමින් කියා සිටියේ ළමුන් ඇතුළත් කර ගැනීම අධ්‍යාපන අමාත්‍යාංශයේ අනුමැතිය පරිදි සිදුකර ඇති බවය.
ඊට ප්‍රතිචාර දැක්වූ අල්ලස් කොමිසම කියා සිටියේ පාසලේ හය වසර ශ්‍රේණිය සඳහා පුරප්පාඩු 19ක් ඇති බවට ලිපියක් සකස් කරමින් අඩු ලකුණු සහිත ළමුන් ඇතුළත් කරගැනීම සඳහා අනුමැතිය ලබාගෙන ඇති බවය . එම අනුමැතිය ලබා ගැනීමේදී අධ්‍යාපන චක්‍රලේඛ අනුගමනය නොකරමින් අඩු ලකුණු ළමුන් සහිත ළමයින්ගේ නම් ද ඊට ඇතුළත් කර ඇති බවද පැවසීය.
දෙපාර්ශවයේ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා සැකකාරියට ඇප නීයම කරමින් විමර්ශන ප්‍රගතිය අගෝස්තු 25 දින අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට නියෝග කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd