(ගයාන් සූරිය ආරච්ච්)

මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවරම් කරුවකු හා සංවිධානත්මක අපරාධ කරුවකු වන "දෙවින්ද" නැමැත්තාගේ ගෝලයකු ලක්ෂ 16 කට අධික වටිනාකමක් ඇති මත්ද්‍රව්‍ය තොගයක් සමග මොරටුව, කුරුස හන්දිය ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බළකායාය පවසයි.

විශේෂ කාර්ය බලකාය විශේෂ මෙහෙයුම් I ඒකකයෙහි නිලධාරීන් කණ්ඩායමක් මෙම වැටලීම සිදුකර ඇත.

සැකකරු සන්තකයේ තිබී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 77, මිලි ග්‍රෑම් 240, හෙරොයින් ග්‍රෑම් 52, මිලි ග්‍රෑම් 520, මත්කරල් 430, කඩු 02, මන්නා පිහි 01, විද්‍යුත් තරාදියක් හා දුරකථන 02 ක් සමග සැකකරුවකු අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා මොරටුව පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.

තවද වැඩිදුර විමර්ශන සිදු කිරීමේ දී මෙම සැකකරු සංවිධානාත්මක අපරාධ හා මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන "දෙවින්ද" නැමැත්තාගේ මත්ද්‍රව්‍ය ජාලයට සම්බන්ධ පුද්ගලයෙකු බවට තොරතුරු අනාවරණය වී ඇත.