කියුබාවේ ජාතික විදුලිබල පද්ධතිය යළි බිඳ වැටුණි. පසුගිය මාසයේදී සිදුවූ දීපව්‍යාප්ත විදුලි බිඳවැටීම් තුනෙන් පසු, එරටින් වාර්තා වන විශාලතම විදුලි විසන්ධි වීම මෙයයි. 

කියුබාව යනු දශක ගණනක පටන්, ඇමෙරිකාවේ උදහසට ලක් වුණු රාජ්‍යයකි. ඇමෙරිකාව කියුබාවට අංශ ගණනාවකින් සම්බාධක පනවා ඇත. මෙය එරට යටිතල පහසුකම් අඩපණ කිරීමට හේතුවක් බව පැවැසෙයි.

කියුබාවේ රාජ්‍ය විදුලි උපයෝගිතා සමාගම සඳහන් කළේ ජාතික විදුලිබල පද්ධතිය ‘සම්පූර්ණයෙන්ම විසන්ධි වී’ ඇති බවය. මේ හේතුව නිසා, කියුබාවේ අගනුවර වන හවානා ද ඇතුළුව සමස්ත කියුබාවේ මිලියන 10 කට ආසන්න ජනගහනයම දැඩි ලෙස පීඩාවට පත්ව ඇතැයි ද පැවැසෙයි.