(අංජුල මහික වීරරත්න)
කාන්තාවන්ට විශ්වාසයෙන් යුතුව නායකත්වය ලබා දිය හැකි පරිසරයන් නිර්මාණය කිරීමට නම් ආයතනික සහ බලය බෙදී යන ව්‍යුහයන්හි පරිවර්තනයක් සිදු කළ යුතු බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය පැවැසුවාය.
තීරණ ගැනීමේදී කාන්තාවන් බැහැර කිරීම අහඹු සිදුවීමක් නොවේ යැයි කී අග්‍රාමාත්‍යවරිය එය ස්ත්‍රී පුරුෂ සමාජභාවය අනුව ගොඩනගා ගත් බල ධූරාවලියක ප්‍රතිඵලයක් බව කීවාය.
ස්විට්සර්ලන්තයේ ඩාවෝස් පැවැත්වෙන ලෝක ආර්ථික සංසදයේ 56 වන වාර්ෂික රැස්වීමට සමගාමීව ලෝක කාන්තා මන්දිරයේදී පැවැත්වූ ලෝක කාන්තා ඩාවෝස් න්‍යාය පත්‍රය 2026
(World Woman Davos Agenda 2026) සැසිය අමතමින් අග්‍රාමාත්‍යවරිය මේ බව කීවාය.
"වෙනස්වන ලෝකයට නායකත්වය දෙන කාන්තාවන් (Women Leading the Changing Global Order)" යන තේමාව යටතේ සිය දේශනය සිදු කළ අග්‍රාමාත්‍යවරිය, ලොව පුරා කාන්තාවන් දේශපාලන, ආර්ථික සහ සමාජ ක්ෂේත්‍රයන් නියෝජනය කරමින් සිටින නමුත්, කාන්තාවන් වැටුප් නොලබමින් සිදු කරන රැකබලා ගැනීමේ කටයුතු, අවිධිමත් ශ්‍රම දායකත්වය සහ කෘෂිකර්මාන්ත ක්ෂේත්‍රයේ ඔවුන් ලබා දෙන දායකත්වයන් තවමත් සමාජය හඳුනා ගෙන නොමැති බව පවසා සිටියා ය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බඩගින්නට ඇඳුම් ඇඳගත්ත ගණගෙඩි ආධිපත්‍යය අවසාන කලයුතුයි. අවංකවම තමන්ගේ කාර්යය කරන ගරු කටයුතු අයට නෙවේ මේ කියන්නේ.