(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)

කාන්තා කොමිෂන් සභාවේ  ස්වාධීනත්වය නැතිකර එය කාන්තා කටයුතු අමාත්‍යාංශය යටතට ගෙන  ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී චෝදනා කළේය.

කාන්තා කොමිස්ම ස්වාධීන කොමිෂන් සභාවක් බවත් එය කාන්තා කටයුතු අමාත්‍යාංශය යටතේ ගැසට් කර ඇති බවත්  ඔහු ප්‍රකාශ කළේය.

ස්වාධීන කොමිෂන් සභාවක් අමාත්‍යාංශයක් යටතේ ගැසට් කීරීම වැරදි බව පැවසූ විපක්ෂ නායකවරයා එය කාන්තා පරපුරට කළ නිග්‍රහයක් බවද සඳහන් කළේය.

කාන්තා කටයුතු ඇමතිනි සරෝජා පොල් රාජ් මහත්මිය

කාන්තා සවිබල ගැන්වීමේ පනත අනුව කාන්තා කමිටුව අහෝසි වීමෙන් කාන්තා කොමිසම පැමිණියා. කොමිසම ස්වාධීනයි. ඊට කාගෙන්වත් බලපෑමක් නැහැ. කොමිසමේ ස්වාධීනත්වය වෙනුවෙන් පෙනී සිටිනවා.කාන්තා කොමිසම අමාත්‍යාංශය යටතේ  ගැසට් කරලා නැහැ.

සජිත් ප්‍රේමදාස මහතා:

මෙන්න ඒ ගැසට් එක

(ගැසට්ටුව සභාගත කරයි).