ශිරානි බණ්ඩාරනායක අගවිනිසුරුවරියට එරෙහි දෝෂාභියෝගයේදී ඇය වෙනුවෙන් පෙරමුණ ගෙන ක්‍රියා කළ නීතීඥ ගුණරත්න වන්නිනායක මහතාට පහරදුන් සිද්ධිය හෙළා දකිමින් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ නීතීඥවරුන් හෙට (19) පැයක් වැඩ වැරීමට තීරණය කැර ඇත. ඔහුට පහරදුන් සැකකරුවන් අත්අඩංගුවට ගන්නා ලෙස පොලිස් පතිවරයාට ලිඛිත පැමිණිල්ලක් ඉදිරිපත් කළ බව කොළඹ මහේස්ත්‍රාත් අධිකරණ නීතීඥ සංගමයේ සභාපති නීතීඥ ආර් ඒ පී රණවක මහතා කියයි.
2025 දෙසැම්බර් මස 04
736
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
563
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
453
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
කොළඹ නීතීඥවරු හෙට පැයක් වැඩ වරති
තම්බපණ්නි Wednesday, 19 December 2012 04:07 AM
මට අහන්න තියෙන ප්‍රශ්ණයය නඩු කල් දැමපු දිනවලට දෙපැත්තෙම නීතිඥයෝ සල්ලි ගන්න එක සාධාරණද නැද්ද? සල්ලි ගැනීම ප්‍රතික්ෂේප කළොත් මොකද වෙන්නේ..?(නු)
පුලස්ති Wednesday, 19 December 2012 04:33 AM
දැන්වත් ඕක ඉවර කරන්න. අසරණ වෙන්නේ අහිංසක මිනිස්සු (දී)
නවුෂාඩ් Tuesday, 18 December 2012 06:21 PM
වැඩට ආවත් නඩු ටික කල්දාන එකමනේ ඉතින් කරන්නේ. (නි)
අනුර Tuesday, 18 December 2012 06:27 PM
ලිප්ටන් වට රවුටම ගියාම මුලු ලෝකයම අපේ රටේ නීතිඥ කෙරුවාව දැනගන්නවා. (නි)
වීරසේකරගේ Tuesday, 18 December 2012 06:32 PM
අල්ලයි අල්ලයි... (නි)
යොහාන් Wednesday, 19 December 2012 07:25 AM
නඩුවක් භාරදුන්නහම අහන්නෙත් නැතුවම කල්දානවා. අද මහ ලොකුවට වර්ජන... (නි)
මාතර දුසන්ත යග්ගහවිට Tuesday, 18 December 2012 06:51 PM
නීතිඥ මහත්වරු ඡනතාව අතර අප්‍රසාදයට පත් වනවා. දුප්පත් මිනිහෙකුට අසාධාරණයක් වුණහම කවුරුත් නැහැ. (නි)
ජෙරාඩ් Tuesday, 18 December 2012 07:08 PM
ඔය වර්ජනය දිගටම ගෙනියනවා නම් අහිංසක මිනිස්සුන්ගේ මුදල් ඉතුරු වෙනවා. (නි)
මුතුකුඩ Tuesday, 18 December 2012 07:10 PM
ඒකට ප්‍රශ්නයක් නැහැ. ඔයගොල්ලෝ දිගටම වැඩ වරන්න. අපිට පාර්ලිමේන්තුව තිබෙනවා. එහේ නඩු අහන කටිටියක් ඉන්නවා. (නි)
කිවි Tuesday, 18 December 2012 07:19 PM
අදිකරණයටයි, නීතිඥයින්ටයි අපහාස වෙද්දී මාතර දුෂාන්ත ඉදිරියට එනවද? (නි)
හේරත් Wednesday, 19 December 2012 08:42 AM
හැමදාමත් මග ඉමු. අපි කමු. බොමු. බෝඩ් ලියමු. (නි)
ප්‍රසන්න Tuesday, 18 December 2012 07:58 PM
මම කිවුවේ නැද්ද ඕක පුද්ගලික බස් රථ වර්ජනය වගෙයි කියලා? (නි)
හේරත් Tuesday, 18 December 2012 08:54 PM
මා වවුලෝ පියාඹතී අනෙක් කුරුල්ලෝ නිදතී... (නි)
චන්ද්‍රා Thursday, 20 December 2012 11:59 AM
බලධරයිනේ . වහාම මේ අහිංසකයන්ට කන් යොමන්න (ස)
සඳුනි Tuesday, 18 December 2012 09:29 PM
මාතර දුෂ්‍යාන්ත හරියටම හරි මේ ගොල්ලේ (අ)
චන්දිම Wednesday, 19 December 2012 11:24 PM
ඔය වර්ජනයක් තිබුණු දවසක මාතර කුඩාගොඩේ ඉඩමක ඉඩම් නඩුවක් ඇසීමට නියමිතව තිබුණත් ඒක එදා අහලා නැහැ. හැබැයි පෙරකදෝරු මහත්තයගෙ නියෝජිතයන් වේලාසනින්ම ඇවිත් හැමෝගෙම සල්ලි එකතුකරගෙන ගිහින්ලු. එහෙමයි උන්නැහැලගෙ වැඩ. (නි)
මාලනී Tuesday, 18 December 2012 10:36 PM
දන්නෝ දනිති. මෙයයි ශ්‍රී ලංකාව... (නි)
රාජු Tuesday, 18 December 2012 04:24 PM
රෑට ටීවී එකේ ඉන්න මිනිස්සුන්ව පහුවෙනිදා දවල්ට උසාවි ගේන්න බැරි පොලිසියේ අය ඉන්නකොට, අපි මේවා ගැන කතාකරලා වැඩක් තියෙනවාද? (නි)
අමල් Tuesday, 18 December 2012 04:31 PM
පහර දුන්නේ නැහැනේ . පහර දෙන්න හැදුව. ???(නු)
යොහාන් ඩුබායි Tuesday, 18 December 2012 04:42 PM
පැයක් නෙමෙයි දිගටම කරන්න.. හිරගෙවල්වල අය එහෙමම ඉදියි.. එතකොටවත් නඩුකාර හාමුදුරුවො ඉක්මනට තීන්දු දෙයි.. රටට ගිය කලක්.. (නු)
වරුණ Tuesday, 18 December 2012 04:40 PM
මේකත් කොටි වලිගෙ අල්ල ගත්ත වගේ වැඩක් ...(නු)
මාක් ඇන්තනී Wednesday, 19 December 2012 01:29 AM
මෙයාලා බොරු කියනවා මදිවට වැඩ වර්ජනත් කරනවා.. මේ අය රටේ උගත්තු නේද? ඇයි මේ වගේ වැඩ කරන්නේ.. (නු)