කුරුණෑගල මල්කඩුවාවේ පෞද්ගලික දුරකතන සමාගමකින් ඉදිකරන දුරකථන කළුනට විරෝධය පා ප්‍රදේශවසීහු අද උද්ඝෝෂණයක් පැවත්වූහ. කරුණෑගල - මිගමුව මාරගයේ ටයර් පුළුස්සම් පැවැති මෙම උද්ඝෝෂණයට ප්‍රදේශවාසිහු පිරිසක් එක්වූහ.
1
මෙට්‍රො බස් සේවාව සහ ප්‍රවාහන ප්‍රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙහෙම දෙයක් තියෙනවා.සාමාන්‍යන් දුරකථන කුළුණක් ඉදිකර අවසන් වූ පසු අදාළ දුරකථන සමාගමත් දුරකථන කුලුන නිර්මාණය කල සමාගමත් එක්ව කරන තත්ත්ව පරීක්ෂාවකින්(PAT) පසුවයි සම්ප්‍රේෂණ කටයුතු සදහා මුදා හරින්නේ.මෙම පරීක්ෂනයෙදී මෙහෙ භූගත කිරීමේ තත්වය හොදින් පරීක්ෂා කෙරෙනවා. කුලුනේ පාද 4 හෝ 03 හිම ඇති තඹ පටි මගින් මෙම භූ ගතකිරීම් සිදු කෙරෙනවා.එක තඹ පටි මගින් සිදු කෙරෙන භූ ගත කිරීම් කුලුනෙන් මීටර 6ක් පමණ ඈතින් වළලනු ලබන මීටර 3ක් පමණ දිග තඹ දණ්ඩක ආධාරයෙන් පොළොවට මුදා හරිනවා.මෙහිදී පවතින ගැටලුව මෙම කුළුණු වල පාදයන්හි ඇති තඹ පටි ඇතැම් පුද්ගලයින් විසින් කපාගෙන යෑමයි.මේ හේතුවෙන් නිසි ලෙස භූ ගත නොවෙන අකුණු අවට නිවෙස් සදහා බලපාන අවස්ථා දක්නට ඇත.කලයුත්තේ මෙවන් සොරුන්ගෙන් මේවා බේරා ගැනීමයි..(ස)
අයියෝ සල්ලි
ලක්මාල්, තාරක යන අයගේ පැහැදිලිකිරීම හොදයි .(ස)
මේ කුළුණක්නේ , මම හිතුවේ දේවස්ථානයක් කියලා (ස)
මේ උස කුළුණු වලට ඇදෙන අකුණු භූමිය ඇතුළට උරා ගන්නා පරිදි භූගත වීම් සිදු නොවුණහොත් භූමිය මතුපිට දිවයන ගිනි බෝල වැනි බිහිසුණු අනතුරුදායක තත්ත්ව ඇතිවේ. (නි)
කුළුණකින් මීටර් 3000ක් පමණ දුරට සංඥා විහිදෙනවා. මීටර 250ත් -500ත් අතර ඉන්න අයට මේකේ බලපෑම සෑහෙන්න වැඩියි. ගිගාහර්ට්ස් 1කින් ඔබ්බට තියෙන තරග කියන්නේ ක්ෂුද්‍ර තරංග. මේවායෙන් මිනිස් ශරීරයට අහිතකර බලපෑම් සෑහෙන්න ගණනක් ඇති වෙනවා. පුරුෂ වඳ භාවය, පිළිකා ඇතිවීමේ අවධානම, අංගවිකල දරු උපත්, වැනි උපද්‍රව ඇතිවෙනවා. ඒ වගේම ඒ අවට තියෙන ගෘහ විදුලි උපකරණ වලට සෑහෙන්න අලාභහානි සිද්ධ වෙන්න ඉඩකඩ වැඩියි. කුළුණ නිසා අකුණු ගහන කතාවේ ඇත්ත ස්වරූපය කියනවා නම්, සාමාන්‍යයෙන් කුළුණ ඉදිකරන්න යන්නේ රුපියල් මිලියනයක් විතර. නමුත් මේ අකුණු සන්නායකය නිවැරදිව සවි කිරීමට රුපියල් මිලියන 10ක පමණ මුදලක් වැය වනවා. එය ලංකාව වගේ රටක නිසි ආකාරව සිද්ධ වෙනවා කියලා හිතන්න බැහැ. (නි)
ලක්මාල්ට ස්තූතියි. (නි)
වැනිසියා. මෙහි නියම තත්තවය මේක නෙමො පැය 24 පුරාම නිකුත්වෙන මයික්‍රො තරංග පිලිකා හැදෙන නිසායි (අ)
මෙය හදන්නේ නිවාස පිරුණු තෑනක. යම් අනතුරකදි බලපෑම් වෑඩියි. (නි)
අයියෝ සල්ලි
දන්න කාටහරි පුලුවන්ද පැහැදිලි කරලා දෙන්න කුළුනින් ඇතිවන අවදානම සහ කුළුණේ සිට කොපමණ දුරකින් සිටින අයටද එය බලපාන්නේ කියලා. (නි)
අනේ මන්දා අප්පා
කුළුනට දෙන්න බැරි වුණොත් කළු ගල් කොරියකට හරි විකුණයි ඇතුගල අපේ අයියලා .(ස)
මෙය ඉදිකරන්නේ කුමණ සමාගමකින්ද ?? ප්‍රදේශවාසීන් මෙයට අකමැති වන්නේ ඇයි කියාත් අපව දැනුත් කරන්න .(ස)
ප්‍රශ්න ...ප්‍රශ්න ... ප්‍රශ්න ...
අයියෝ සල්ලි
මේ කුලුණු ඉදිකිරීමේ දී භූගත කිරීම් නිසි පරිදි සිදු නොවුනහොත් අකුණු පහරවල් පොලව මතුපිට විසිරීයාම නිසා ජීවිත විනාශ වන්නේ අහිංසක මිනිසුන්ගේය.(ස)
කුළුණු ගහන එකේ හොදක්නම් මම දකින්නේ නෑ..වර්ෂා කාලෙට දේපල වැඩි හරියක් විනාශ වන්නේ සංඥා කුළුණු වලින් ඉවතට විසිකරණු ලබන අකුණු නිසා..නමුත් දුරකථන කුළුණ අසල ගෙවල් වලටනම් මේකෙන් වාසියක් තියෙනවා....(ස)
දැන් ලංකාවේ හැම එකටම උද්ඝෝෂනනේ (ස)
අකුණු වදිනවට බයේ වෙන්න ඇති. . කුළුණු අකුණු අද්දනවලුනේ. එතකොට වටේ ඉන්න අයගේ ජීවිත අනතුරේ .(ස)
මොනවද මේ කරන වැඩ? (නි)
මොකද්ද මේ විරෝධයට හේතුව? (ස)
කුළුනක් ගහන එක කොච්චර හොඳද -ඒත් ජංගම දුරකථන වලින් සිදුවන අපචාර වැඩ අවම කරගන්න වෙන්න ඇති උද්ඝෝෂනේ...(ස)
ඉස්සර කුරුණෑගලට හලෝ කියන්න 10 වරක් විතර කතා කරන්න ඕනි. හොඳ වැඩකඩ ඇයි කෑ ගහන්නේ .(ස)