ව්‍යවස්ථාදායකය, විධායකය හා අධිතරණයේ ගැටුම් හේතුවෙන් අවාසනාවන්ත ලෙස රට ප්‍රපාතයට වැටෙන ලකුණු පහළ වී ඇතැයි යහ පාලනය හා යටිතල පහසුකම් ජ්‍යෙෂ්ඨ ඇමැති රත්නසිරි වික්‍රමනායක මහකා පවසයි.
කාපට් අතුරා සංවර්ධනය කැරුණු හොරණ බොරළුගොඩ මඟුරුවෙල මාර්ගය විවෘත කරමින් වික්‍රමනායක මහතා එසේ පැවසුවේය.
ආර්ථික සංවර්ධන අමාත්‍යංශය එම මාර්ගය සංවර්ධනය කිරීම සඳහා වැය කළ මුදල රුපියල් දෙකෝටියකි.
‘අද මේ වෙලාවේ ලංකාවේ සතුටු වෙන්න බැරි තත්ත්වයක් උදාවීගෙන යනවා. ලංකා ව්‍යවස්ථාව රඳා පවතින්නේ කුළුනු තුනක් උඩ. ව්‍යවස්ථාදායකය, විධායකය හා අධිකරණයයි. මේ කුළුණු තන එක සමානව වැඩ කළ යුතුයි. අවබෝධයෙන් වැඩ කළ යුතුයි.
නැති නම් අනවශ්‍ය ගැටුම් ඇති වෙනවාත ඒ ගැටුම් ඇති වූ විට එහි පල විපාක ඇති වන්නේ සමාජයටයි. රට පස්සට යනවාත සංවර්ධන සැලැස්මවල් පස්සට යනවා. මම කියන්නේ නැහැ කවුරුත් හරියි වැරදියි කියා. නමුත් අවාසනාවන්ත ලෙස රට ඉතා ප්‍රපාතයට වැටෙන ලකුණු පෙනෙනවා. මේකෙන් කොහොමද අපි බේරෙන්නේ, මා ගාව නම් විසඳුම් නෑ.‘
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ආනේ! හුග කාලෙකට පස්සේ... (නි)
අයියෝ සල්ලි
අපි ඔබට ස්තූති කරනවා. (නි)
පැදුරෙන් බිමට වැටෙන එක අපේ අයට එච්චර ගාණක් නෙමෙයිනේ. (නි)
විසදුම් නැති ප්‍රශ්න මේ ලෝකයේ නැහැ ඇමතිතුමනි. (නි)
නියමයි ධනුක. මමත් ඔයාට එකගයි. (නි)
ඇත්තටම නිවැරදි කතාවක්. එතුමා හැමදාමත් කතා කළේ ඇත්ත. (නි)
ඔබතුමා තෝරාබේරා ගත් දේ තේරුම් නොගත් අය සිටීම මුලු මහත් ජාතියේම අවාසනාවක්. (නි)
ඔබතුමා කොහොමත් කෙළින් කතාකරනවා. මුදලට කෑගහන අයට මේවා ගැන වැටහීක් නැහැ. (නි)
මූලික අයිතිවාසිකම් සහ ජනතාවගේ ඡන්ද බලය කොහොමත් කට්ටියකට පෙනෙන්නෙ නැහැ. (නි)
ඉතාම බුද්ධිමත් කතාවක්. එහෙත් විධායකය සහ ව්‍යවස්ථාදායකය, අධිකරණය පාලනය නොකළ යුතුයි නේද? (නි)
අධිකරණය දූෂිතයැයි කවරෙකු හෝ චෝදනා කරන්නේ නම් ඒ ගැන සොයා බැලීමට කුමන හෝ යාන්ත්‍රණයක් තිබිය යුතුයි නේද? (නි)
කවුරුත් දන්නවා දෝෂාභියෝග එන්න හේතු..!(නු)
විසදුම් නැත්නම් කතා කර පළක් නැත. (නි)
ඔබතුමාට බොහොම ස්තුතියි... කරපු පැහැදිළි කිරීමට..(නු)
අපිට ඔබතුමා කියන දේ පිළිබදව වටහාගන්න පුලුවන්. (නි)
ඔබතුමාගේ කතාව සත්‍යයයි. (නි)
එදා ඩී.බී. විජේතුංග මහතා වගේ කෙලින් කතා කරන කෙනෙක් ඇත්නම් ඒ ඔබ පමණි. යුද්ධය අවස්ථාවේදීත් ඔබ කෙලින් හිටියා. එක අපට සතුටකි. පැත්තක් ගියත් ඇත්ත කීම නියම සිංහලකමයි. (නි)