කළුතර අධ්‍යාපන කළාප ගුරුවරියන්ගේ දැල්පන්දු පිල රාජ්‍ය සේවා ‘බී’ කොටසේ දැල්පන්දු ශූරතාව දිනාගැනීමට සමත් විය. කළුතර අධ්‍යාපන කළාප ගුරුවරියෝ ටොරින්ටන් ක‍්‍රීඩාංගණයේදී පැවැති අවසන් මහ තරගයේදී පොලිස් විශේෂ කාර්ය බලකා පිල පරාජය කිරීමට සමත් වූහ.
කළුතර පිලේ මනෝරිකා සපුතන්ත‍්‍රි දක්‍ෂතම පන්දු විදින්නිය ලෙස ද, මධුකා විජේකෝන් දක්‍ෂතම මැද පෙළ ක‍්‍රීඩිකාව ලෙස ද, සලෝජා පෙරේරා දක්‍ෂතම ඉදිරි පෙළ ක‍්‍රීඩිකාව ලෙස ද සම්මාන ලැබූහ.
ජයග‍්‍රාහි කළුතර අධ්‍යාපන කළාප ගුරුවරියන්ගේ දැල්පන්දු පිල:
ඉදිරි පෙළ වමේ සිට: අනුෂා ලක්මිණි, රංජනී කුසුමලතා, මධුකා විජේකෝන් සහ සචිත‍්‍රා තිලංකා
පසු පෙළ වමේ සිට: නාලිනී අල්විස් (නායිකා), යසන්ති තුෂාරිකා, සලෝජා පෙරේරා, ජානකි ගුණසේකර (පුහුණුකාරිණි), අශෝකා බියිටිස් (කළුතර කළාප ශාරීරික අධ්‍යාපන අධ්‍යක්‍ෂිකා), සීතා පතිරණ, මනෝරිකා සපුතන්ත‍්‍රි, සකුන්තලා පෙරේරා, ශිරානි දේවිකා සහ චාන්දනී අනගියද්ද

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd