විදුලි සංඥා කණු ඇති ස්ථාන අසල පොලිස් නිලධාරීන් රථවාහන හැසිරීමේ රාජකාරි වල නොයොදවන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය කියයි. රියදුරන් සංඥාවලට අවනත වෙමින් ඒ අනුව ගමන් කළ යුතු බවත්, විදුලි සංඥා නොමැති ස්ථානවල පමණක් පොලිස් නිලධාරීන් රථවාහන හැසිරීමේ රාජකාරි සිදු කරන බවත් පොලීසිය පවසයි.
1
මෙට්‍රො බස් සේවාව සහ ප්‍රවාහන ප්‍රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අයියෝ සල්ලි
ලොකු දෙයක්. කලර් ලයිට් ළග ට්‍රැෆික් අඩුවෙයි. (නි)
මිනිස්ස හොයන්නේ පොලිසියෙන් ඉන්නවාද කියලා තමයි
දඩුවම් දෙන්න ක්‍රමයක් නැද්ද
කමක් නැහැ .....
එකමදේ කරන්න දෙන්නෙක් එක තැනට අවශ්‍ය නැහැ (දී)
බලන්නකෝ කටුගස්තොට කොහොමද කියලා. (නි)
එහෙම හරියන්නේ නැහැ
ලොකු දෙයක්. හෙට ඉදලා ට්‍රැෆික් එක ගොඩක් අඩුවෙයි. (නි)
ඒක දැන්වත් තේරුනා (ස)
දැන් ඉතින් ඔපිස් ගිහින් හමාරයි. අපේ මිනිස්සු පාරෙ යන හැටි දිහා බැලුවහම පොලිසිය නැති තැන අකුරටම ලයිට් එක පිළිපදින හැටි මැවිලා පේනවා! පොලිසිය මිනිස්සු කියන හැම පදේටම නටන්න යන්න නරකයි. අන්තිමට වෙන්නෙ අර තාත්තයි පුතයි බූරුවා පොළට ගෙනිච්චා වගේ වැඩක්. (නි)
මම් මේ දන්නැති නිසයි අහන්නෙ. එතකොට ඔපිස් ට්‍රැෆික් එන වෙලාවටත් නිකම් වෙලාවටත් එකම විදිහටද ලයිට් පත්තු වෙන්නෙ? ඒක ප්‍රායෝගික නෑනෙ? කලින් කරා වගේ ට්‍රැෆික් වෙලාවට පොලිසිය දාලා කොළඹ පැත්තට යන එන වාහනවලට මුල් තැන දීලා පාලනය කළොත් හොදයි නේද? (නි)
ඕක නොකියා කරන්න තිබුණේ.දැන් ඉතින් නැති බව දැනගෙන ගාල කඩාගෙන යයි . (නි)
වැරදි කරන අය අල්ලන්න ටිකක් ඈතට වෙන්න පොලිසිය හිටියොත් හොදයි. (නි)
24 පැයේම විදුලිය තියෙන රටක් නිසා ඔය නීතිය හොදයි. (නි)
නමුත් මාර්ග සංඥා කඩකරමින් ධාවනය කරන රියදුරන් ඇල්ලීමට විධිමත් ක්‍රියාමාර්ගයක් ගත යුතුයි. දැනට සීසීටීවී කැමරා භාවිතයට හුරු නිසා , පිටරටවල වගේ , රතු එළිය පැන්නොත් වහාම කැමරාවකින් වාහනයේ අංකය වැටෙන පරිදි පින්තුරයක් වැදී එය වහාම පොලිස් රථවාහන අංශයට වාර්තා වීමටත් ක්ෂණිකව දඩ මුදලක් සහ අනෙකුත් දඩුවම් වාහනය ලියාපදිංචි කළ පුද්ගලයට තැපැල් කිරීමටත් ක්‍රමයක් ස්ථාපිත කළ යුතුයි. ඒ වගේම ඒ සදහා ඇපීල් කිරීමටත් මහජනයාට අයිතියක් පිහිටවිය යුතුයි. බොහෝ රටවල මේ ක්‍රමය ඉතා සාර්ථකව සිදු වේ. රතු එළිය පැන්නොත් දඩ පමණක් නොව නැවත රියදුරු පුහුණුවකුත් ලැබීමට සිදු වෙයි. අධිවේගී මාර්ගවල පැයට සැතපුම් 65-70 වේගය අධිකව ඉක්මවා ධාවනය කරන්නන් ඇල්ලීමට රේඩාර් උපයෝගී කර ගනියි. පොලිස් හෙලිකොප්ටර් නිරතුරුවම වාහන තදබද හැසිරවීමට යොදා ගනී. (නි)
පොලිසිය හිටියට ට්‍රැෆික් අඩු වෙන්නෑ කියන්නෙ ප්‍රධාන නොවන පාරවල් වල යන කට්ටිය විතරයි. ට්‍රැෆික් වැඩි වෙලාවල් වලට කොහොමත් හංදි වලදි වැඩිපුර වාහන යන ප්‍රධාන පාරවල් වලට ප්‍රමුඛතාවක් දෙන්න ඕනි. එතකොට අනෙක් පාරවල් වල යන ටික දෙනාට වැඩි වෙලාවක් ගතවෙන එක වළක්වන්න බෑ. එහෙම් නොකළොත් ඔයිටත් වඩා වැඩි වාහන ගොඩක් ගොඩ ගැහෙනවා. සමහර මෝඩ මිනිස්සුන්ට ඕක තේරෙන්නැති නිස තමයි ඒ ක්‍රමේ විවේචනේ කරන්නේ. පොලිසියත් ඒ හැම කෙනාම කියන දේ කරන්න යනවනෙ ඉතින්... (ස)
අනේ මං දන්නෑ මහ මග තමයි ඉතින්.(ස)
හොද දෙයක්. මොකද පොලිස් ඉන්නකොට කොහොමත් ට්‍රැෆික් වැඩියි. (නි)
ඒ වැඩේ නම් හොදයි
එකෙක් දෙන්නෙක් එප්ප ගත්තොත් ඉන්නවෙයි ඉතිං පැයගානක් බලාගෙන . සී. ටී. සී. වී. කැමරා හයිකරලම ට‍්‍රැෆික් රාළහාමිලා අයින් කළා නම් නේද හොඳ? (නි)
ඒක නම් හොදයි
අයියෝ සල්ලි
මිනිස්සු නීති ගරුක වෙන්න ඕනේ
හරි ශෝක්. ඊයෙ මම බොරැල්ලේ ඉඳන් තලවතුගොඩට එන්න පැය 2 ක් ගියා! (ස)
මහ කකුලුවෝ පොඩි එවුන්ට කෙළින් යන්න කියලා දෙනවද? (නි)
අම්මෝ ලොකුම දෙයක්. මේ ටිකේ පාර්ලිමේන්තු පාරේ , බෞද්ධාලෝක පාරේ යන්නම බැහැ. මොකද කලර් ලයිට් ඕෆ් කරලා පොලිසියෙන් වැඩ. වෙනදා විනාඩි 10 ගමනට දැන් විනාඩි 30යි. (නි)
ඒක නම් ලොකු දෙයක්. (නි)
අයියෝ සල්ලි නියමයි
වැඩේ හොද උනාට ප්‍රයෝගික නැහැ
සන්තෝසයි
කිරුලපන හතරමන් හන්දියේ කලර් ලයිට් කවදාද නිවැරදි කරන්නේ? පදිකයන්ට පාර මාරුවීමට කොළ පාට පෙන්නන වෙලාවට වාහන වලට බේස්ලයින් පාරෙන් නුගේගොඩට යන්න කොළ පාට පෙන්නනවා. මගේ ඇස් වලින්ම දැකලා තියෙනවා . කවුරු හරි වගකිවයුතු නිලධාරියෙක් මේක ගැන හොයා බලනවද? එහෙමත් නැත්නම් දන්නා කියන කෙනෙක්ට කියන්න කිරුලපන කලර් ලයිට්ස් නිරීක්ෂණය කරන්න කියලා.ලොකු පිනක්.. (නි)
ජනතාවනම් කැමති වෙයි
ලොකු දෙයක් .(ස)
හොදට තියෙයි
හොද තීරණයක්