
අම්බලන්ගොඩ කහව හන්දිය ප්‍රදේශයේදී යතුරුපැදියකින් පැමිණි පුද්ගලයන් දෙදෙනෙකු ඉකුත් 21 වැනි දා පිස්තෝල අවියකින් වෙඩි තබා මනුෂ්‍ය ඝාතනයක් සිදු කිරීමට තැත් කළ බව කියන තරුණයන් දෙදෙනකු බටපොළදී අත්අඩංගුවට ගත් බව මිටියාගොඩ පොලිසිය කියයි.
සැකකරුවන් අවුරුදු 19 හා 22 වයස්වල පසුවන අලුත්වල හා මීටියාගොඩ ප්‍රදේශවල පදිංචිකරුවන් බව ද පොලිසිය සඳහන් කරයි.
මෙම සැකකරුවන් දෙදෙනා පැදිකරු හා වෙඩික්කරු වශයෙන් ක්‍රියා කළ බවට අනාවරණය වී ඇති අතර වෙඩි තැබීම සඳහා යොදා ගත් පිස්තෝල අවිය, එම පතුරම් 10ක්, සැකකරුවන් පැමිණි යතුරුපැදිය හා ඔවුන් පැළඳ සිටි ආරක්ෂිත හිස්වැසුම් 02ක ද විමර්ශන නිලධාරීන් භාරයට ගෙන ඇත.
සැකකරුවන් වැඩිදුර විමර්ශන සඳහා අම්බලන්ගොඩ පොලිස් ස්ථානයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd