කහවත්ත කොටකෙතනේදී පසුගිය ජනවාරි 31 වැනිදා  නයනා නිල්මිනී (52) හා කවිද්‍යා චතුරංගි (18) යන මවත් දියණියත් මරා දැමීයැයි සැක මත ඇප පිට සිටි ත්‍රීරෝද රියදුරු සනත් නන්දන නම් පුද්ගලයා වැලිවේරිය, හේනේගම, විළිඹුලදී පැහැර ගෙන ගොස් ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ප්‍රිෂාන්ත ජයකොඩි මහතා පැවසීය.

ඔහු කහවත්ත ඕපාත පදිංචිකරුවකු වන ඔහු බිරියගේ නැගනියගේ ගෙදර සිටියදී අවිගත් පිරිසක් ඔහු පැහැරගන්නට ඇතැයි පොලීසියට පැමිණිලි කැර ඇත.