රත්නපුර ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී රංජිත් පද්මසිරි ගාල්ලට ද කහවත්ත පොලිස් ස්ථානාධිපති නිරන්ජන් අබේවර්ධන පොලිස් ක්ෂේත්‍රබලකා මූලස්ථානයට ද මාරු කරනු ලැබ සිටිති. කොටකෙතන පොලිස් මුරපොළ භාරව සිටි උප පොලිස් පරීක්ෂකවරයා ද කොටකෙතන ඝාතනසම්බන්ධ පරීක්ෂණ පැවැත්වමට කොළඹ අපරාධ කොට්ඨාශ ඒකකය කහවත්තට යවන ලද රොහාන් ඕලුගල මහතා ද කොළඹට කැඳවා ඇත. මේ සිව්දෙනාම කහවත්ත ඝාතන සම්බන්ධ පරීක්ෂණ කරමින් සිටි අයයි. කහවත්ත ඝාතන ගැන පරීක්ෂණ පවත්වමින් සිටි පොලිස් නිලධාරීන් මීට පෙර ද මාරු කරනු ලැබූහ. ගාල්ල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී වාස් ගුණවර්ධන මහතා රත්නපුරයට මාරු කැර ඇත.
1
මෙට්‍රො බස් සේවාව සහ ප්‍රවාහන ප්‍රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හයියෝ සිල්වාට එකවත් තේරිලා නැහැ. එතුමා මැදිවෙලා නේන්නම් තියෙන්නේ. (ස)
සිල්වා, දැන් රටේ ඉන්න බුද්ධිමතුන් සුළුතරයත් මුදලට යටවෙලා ඉවරයි. (නි)
සරත් පොන්සේකා මහත්තයාටවත් කියල බලමුද? (අ)
ගුණවර්ධන හොදයි.. නමුත් ඕලුගල එහෙ ඉන්නවානේ එයා හොදයි..!(නු)
පිටිපස්සෙන් ඉන්න කෙනා ගැන අපි නම් දන්නවා. (නි)
එල්ටීටීඊ ය විනාශ කලේ කියලා කියවනවා.. ඒත් තවම කහවත්තෙ ඉන්න මිනීමරුවො අල්ලගන්න බැරිව දගලනවා.. හිටපු හමුදා නායක එස්.එෆ් වගේ කෙනෙක් නැති එකේ අඩු පාඩුව දැනෙන්නේ දැං නෙමේ තව ඉදිරියටයි. (නු)
පිටිපස්සෙන් ඉන්න කෙනා හොයා බැලිය යුතුයි..!(නු)
වාස් මහතාට මෙය විසදීමට හැකිවේවිද? (නි)
වාස් මහත්තයාට මේ අභිරහස විසදන්න පුලුවන් බව ස්ථිරයි. (නි)
එදා දෙවියන්ට ඕවා බලන්න වෙලාවක් තිබිලා නෑ..දේවාලේ තෙමෙනවා කියලා වහල හදලා (ස)
මේ සේරම පිටුපස දේශපාලන හස්තයක් ක්‍රියාත්මක වෙන බවයි මගේ හැඟීම (ස)
කට්ටිය කලබල වුණාට මීට වඩා හොඳ කෙනෙක් දැම්මා වෙන්නත් පුළුවන් නේද ?? (ස)
දේශපාලන බලයක් ක්‍රියාත්මක වේද ?? (ස)
ඕලුගල කියන්නේ කලිනුත් රත්නපුරේ හිටපු දක්ෂ පොලිස් නිලධාරියෙක්.. මෙහෙම මාරු කරනකොට කොහොමද මේ අපරාධකරුවන් සොයන්නේ.. මේක රටේම කරුමයක්..!(නු)
අශෝක කියලා රජ කෙනෙක්නම් හිටියා (ස)
මේ අපරාධ පිළිබඳ ලොකු සැකයක් රටේ පවතින්නේ.. (ස)
මේ වගේ නීතිය අතට ගන්න අයව ඉස්සරලාම අත්අඩංගුවට ගත යුතුයි.. ඒ කියන්නේ නීතිය හරියට කරන නිලධාරින්ට මාරැකරන ඕනම කෙනෙක් හිරභාරයට ගත යුතුයි..(නු)
රෝහණ, ඕලුගල කියන්නේ දක්ෂ නිලධාරියෙක්. (නි)
කුමන්ත්‍රණ හෙළිවේය යන බියෙන් දේසපාලුවෝ කරන වැඩක් .ඔලුගල මහතා වැනි දක්ෂ අය මාරු කිරීම අපරාදයක් (ස)
ජනාධිපතිතුමාට මේකටත් මැදිහත් වෙන්න කියලා ඉල්ලා සිටියොත් හොඳයි (ස)
අසෝක ඒ දෙවියොද ?? (ස)
මේ පළාතේ ඉන්න මිනිස්සුන්ව එලවන්න කරන වැඩක්ද දන්නේ නෑ...භූමි සම්පත් වලට ප්‍රසිද්ධ පළාතක්නේ (ස)
අවංක දක්ෂ නිලධාරින්ට දේශපාලන රාමුව තුල සමහර බලපෑම් ඝෘජුව අපට ප්‍රකට නොවූවත් බොහොමයක් තර්ජනාත්මක ලෙස ජීවිත වලට බලපෑම් කරනවා..!(නු)
මම දන්න තරමින් ඕලුගල කියන්නෙ දක්ෂ පොලිස් නිලධාරියෙක්.. දක්ෂයන්ට කොහොමත් තැනක් රටේ නැහැ...(නු)
උඩ ඉන්න කෙනා හැමදේම බලාගෙන ඉන්නේ (ස)
අපි දන්නවා ඒක වෙයි කියලා..!(නු)
රසික ඔයා හරි වෙන්න පුළුවන් ගොඩක් දුරට. ඕවට ඉන්නවනේ දෙවි කෙනෙක් ! (ස)
රසික, දයා ඇත්තටම සැකකටයුතු දෙයක් තමයි. (ස)
හිසේ අමාරුවට කොට්ටේ මාරු කරාම හරියනවා කියලා හිතන අය අපේ රටේ ඉහළ තැන්වල ඉන්න එක තමයි ලොකුම ගැටළුව..!(නු)
මටනම් හිතෙන්නේ මේ මිණීමැරුම් පිටිපස්සේ ලොකු දේශපාලන බලයක් තියෙනවා...කරන කලට පව් මිහිරිය මීසේ..... (ස)