කහවත්ත කොටකෙතන ගැහැණු ඝාතනයක් සම්බන්ධයෙන් 2009දී සැකපිට අත්අඩංගුවට ගෙන මුදා හළ පතල් සේවකයකුගේ සිරුරක් කහවත්ත ඕපාත පාරේ තිබී අද උදේ සොයා ගැණිනි. කැපුම් තුවාල සහිතව මැරී සිටි මොහු අභය ප්‍රියන්ත (32) වශයෙන් හඳුනාගෙන ඇත. 2009දි ඩබ්ලිව් ඒ ආරියවතී නම් කාන්තාවක මරා දැමීයැයි සැකපිට අත්අඩංගුවට ගෙන මාස කීපයක් රිමාන්ඩ් බාරයේ ද තැබීමෙන් පසු සාක්කි නැතැයි නීතිපතිගේ නිර්දේශ අනුව ඔහු මුදා හැර සිටියේය. කොටකෙතන ගැහැණුන් 15ක් අභිරහස් ලෙස මරා දැමීමෙන්පසු පොලීසිය, හමුදාව, පොලිස් විශේෂ කාර්ය බලකාය, හමුදාවේ විශේෂ බලෑණි ඇතුළු 700ක් පමණ දිවා රෑ ගම මුර කරති. ප්‍රියන්ත මරා දමා තිබුණේ කොටකෙතන සිට කිලෝමීටර් 2ක් ඈත පාරක් අසලය.