IMG-LOGO

2025 නොවැම්බර් මස 14 වන සිකුරාදා


කසුන්ගේ අභියාචනය ඉවතට

තමන්ට එරෙහිව පනවා තිබෙන තරග තහනම ඉවත් කරන ලෙස ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායමේ හිටපු නායකයකු වන කසුන් ජයසූරිය කළ ඉල්ලීමක් ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය විසින් ප‍්‍රතික්ෂේප කරනු ලැබ ඇත. පාපන්දු සම්මේලනයේ විධායක සභාව ඉකුත්දා රැස්වූ අවස්ථාවේදී කසුන්ගේ ඉල්ලීම ඉවත දැමීමට තීරණය කර ඇත. එහිදී කී‍්‍රඩා සමාජ පාපන්දු පුහුණුකරුවන් දෙදෙනකුට හා තවත් කී‍්‍රඩකයකුට විනය කඩ කිරීමේ චෝදනා මත දඬුවම් පැමිණවීමටත් තීරණය කර තිබේ. ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය විසින් කසුන් ජයසූරියට එරෙහිව වසර පහක තරග තහනමක් පනවා ඇත්තේ ශ්‍රී ලංකාව සහභාගිවූ තරග පාවාදීමේ චෝදනාවට වැරැදිකරු කරමිනි. මේ වනවිට වසර දෙකක තහනමක් ගෙවා තිබෙන ඔහු පාපන්දු සම්මේලනයට ලිපියක් යොමු කරමින් ප‍්‍රකාශ කර ඇත්තේ වැරැද්දක් වූයේ නම් ඊට සමාව ගැනීමට තමා සූදානම් බවත් එය සලකා තමන්ගේ තරග තහනම ඉවත් කිරීමට කටයුතු කරන ලෙසත්ය. එහෙත් පාපන්දු සම්මේලනය එම ඉල්ලීම ප‍්‍රතික්ෂේප කරමින් දැනුම්දී ඇත්තේ තහනම ගෙවෙන තුරු ඔහුට පාපන්දු සම්මේලනය සංවිධානය කරන කිසිදු තරගාවලියකට සහභාගිවිය නොහැකි බවය. කෙසේ වුවත් ඔහු රැකියාව කරන ආයතනය නියෝජනය කරමින් රාජ්‍ය සේවා පාපන්දු තරගාවලියට පමණක් සහභාගිවීමට ඔහුට අවසර දීමට පාපන්දු විධායක සභාව කැමැත්ත පළකර තිබේ. මේ අතර තරග අවස්ථාලදී විනිසුරුවන් සමග මතභේද ඇති කර ගනිමින් ඔවුන්ට බැණ වැදුණු බව කියන සෝන්ඩර්ස් කී‍්‍රඩා සමාජයේ පුහුණුකරු මංජුල සිරිසේන හා කළුතර පාක් කී‍්‍රඩා සමාජයේ පුහුණුකරු බන්දුල සිල්වා යන මහත්වරුන්ට වසරක කාලයක් පුහුණුකරු තනතුරු දැරීම තහනම් කරමින් පාපන්දු සම්මේලනයේ විධායක සභාව නියෝග නිකුත් කර තිබේ. එහිදී කළුතර පාක් කණ්ඩායමේ කී‍්‍රඩකයකුටද විනය විරෝධි හැසිරීමේ චෝදනා මත වසරක තරග තහනමක් පනවා තිබේ. කසුන් ජයසූරිය ඇතුළු ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායමේ කී‍්‍රඩකයන් පස් දෙනකුට තරග පාවාදීමේ චෝදනා මත පාපන්දු සම්මේලනය තරග තහනමක් පනවන ලදී. එහෙත් ඊ. බී. චන්න, සදීශ් කුමාර්, අසංග විරාජ් සහ මධුෂ්ක පීරිස් යන කී‍්‍රඩකයන්ට බලපැවැත්වෙන්නේ වසර දෙකක තහනමක් පමණි.



අදහස් (0)

කසුන්ගේ අභියාචනය ඉවතට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 715 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2387 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1749 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site