ගලෙන්බිඳුණුවැව කිව්ලේකඩ වැව අද දෙවැනිවරටත් කැඞී මහ කන්නයේ වගා කළ කුඹුරු අක්කර 2000ක් පමණ වැනැසී ගියේය.
වැව කැඞීයාමත් සමග ගොවීහු නොසන්සුන්වූහ. අද සවස 5.30ට පමණ වැව කැඞී ඇත්තේ 2011 දී වැව කැඞී තාවකාලිකව පිළිසකර යෙදූ ස්ථානයෙනි.
ගංවතුරත් සමග වැව පිරීම නිසා වැඩි වතුර පිටවීමට කැපූ ස්ථානයකින් වතුර ගලාගොස් බැම්ම කැඞී ගිය බව ගොවියෝ කියති.
2011 දී වැව් බැම්ම හරියට පිළිසකර නොකිරීම ඊට හේතුව බව ඔවුහු කියති.
නොසන්සුන් ගොවීන් හමුවීමට යන බව වාරිමාර්ග ඉංජිනේරු ලලින්ද අල්විස් මහතා කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හැමදාම තාවකාලික පියවරනේ ඉතින් ගන්නේ. දැන් ඉතින් හාල් ගබඩාවේ තිබුණත් අපේ වෙළෙන්දුන්ට අවුරුදු. හිතුමතේට මිළ ඉහළ දමයි. (නි)
ඉස්සර ට්‍රැක්ටර් නෑ . බුල්ඩෝසර් නෑ. ටිපර් නෑ . විදේශ ණය නෑ. විදේශීය ඉන්ජිනේරුවොත් නෑ. අවුරුදු දහස් ගණනක් පවතින්න වැව් හැදුව. අද විදේශ වලින් හිගාකාල ණය අරගෙන විදේශීය ඉංජිනේරු උපදෙස් අරන් මහා දැවැන්ත යන්ත්‍ර යොදාගෙන හදල කන්න දෙකක් වැඩ කරන්න ඉස්සර කැඩිලා යන්නේ ඇයි ??? (ස)
අනේ ඉතින් මොනවා වුණත් අපි දේශප්‍රේමී ජනතාව හොදේ. (නි)
මෙච්චර විපතක් වුණහම නොසන්සුන් නොවෙන්නේ කවුද? මේ හේදිලා යන්නේ අහිංසක ගොවියන්ගේ දහඩිය මහන්සියෙන් ගොඩනාගාගත් දේ නේ.. ඒත් හැමදේම කලබල වෙලා විසඳගන්න බෑ. (ස)
මේ වෑව ගොඩ කරලා කාර් රේස් යන්න ට්‍රෑක් එකක් හෑදුවනම් හරි. (නි)
වාරිමාර්ග ඉංජිෙන්රැ මහත්තයා පරිස්සමින් දැන් ඒ ගොවියෝ සහ මහජනතාව නොසන්සුන් වෙලා ඉන්නෙ... සංසුන්වුවාට පසුව යන්න.(නු)