රුපියල් විසිපන් ලක්ෂයක් පමණ රට සල්ලි තොගයක් රැගෙන ඩුබායි බලා යාමට පැමිණි කුවේට් ජාතිකයකු කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේදී රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබීය.
අත්අඩංගුවට ගනු ලැබූ විදේශ මුදල් අතර ස්විස් ෆ්‍රෑන්ක් හත්දහසක්, යුරෝ අට දහස් පන්සීයක් සහ එක්සත් අරාබි එමීර් රාජ්‍ය ඩිරාම් පන්සීයක් තුබූ බව රෝගුව කියයි.
අත්අඩංගුවට ගත් කුවේට් ජාතිකයා (75) ව්‍යාපාරිකයෙකි. ඔහු මින් පෙර තුන් හතර වතාවක් ශ්‍රී ලංකාවට පැමිණ ඇති බව රේගුව කියයි.
රේගු අධිකාරී උපාලි අබේවර්ධන මහතාගේ මෙහෙයවීමෙන් නියෝජ්‍ය රේගු අධිකාරී නිෂාන්ත ජයසිංහ සහකාර රේගු අධිකාරීවරුන් වන වන චන්දන රත්නායක, නුවන් බංඩාර, නුවන් අබේනායක සහ චන්දිමා සිල්වා යන නිලධාරීන් විමර්ශන්‍කටයුතු සිදු කළ අතර නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂ කේ මහේන්ද්‍ර මහතා මුදල් තොගය රාජසන්තක කර කුවේට් ජාතිකයා මුදා හැරියේය.
1
ලිංගික අතවර බොරු චෝදනා පාලනයට වත්මන් නීතිය අපොහොසත් ද?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ පව් . පරණ ණයක් ගෙවන්න වෙලා වගේ (ස)
දැන් ඉතින් කරන්න තියෙන්නේ එක දෙයයි. ලංකාවට යන එන අය හිගන්නන් මෙන් පැමිණිය යුතුයි (ස)
එතකොට සමහරු කෝටි ගණනින් මුදල් උපයන්නේ, නොමනා විදියට. ඒවා අල්ලන්නේ නැද්ද? (නි)
කුවේට් ව්‍යාපාරිකයා අත්අඩංගුවට නොගත්තේ මන්ද? ඔහු අත්අඩංගුවට ගත්තත් නොගත්තත් මේ මුදල ඔවුන්ට මුදලක් නොවේ. මන්දයත් කුවේට් රාජ්‍යයේ සිටින බොහෝ පිරිසක් ධනකුවේරයන් වන බැවිනි. (නි)
ෂෙරිෆ්, ලංකාවට එන අය රැගෙන එන සල්ලි ගුවන්තොටුපොළේදී හෙලිදරව් කළයුතුයි. එය කලානම් මෙහෙම වන්නේ නහැ. (ස)
ලෝක හොරු නේද? (නි)
අනේ පවු. මීටපස්සෙ නම් ලංකාව හරහා යන එකක් නැහැ. (නි)
සල්ලි ගෙනියන අලුත් ක්‍රමයක් (දී)
දැන් ඉතින් කරන්න තියෙන්නේ එක දෙයයි. අපේ ලංකාවට යන එන අය හිගන්නෝ වගේ ඇවිත් ගියානම් හරි(දී)
මෙචචර සුලු ගණනකටත් අත්අඩංගුවට ගන්නවද? (නි)
ඒ මනුස්සයා යන්නේ ඩුබායි වලටනේ. ඉතින් අපේ අයට මොකද? (නි)
රු. 2500000 විය යුතුයි නේද ? (ස)
මෙයා දන්නේ නැතුව ඇති අර ක්‍රමයට හංගගෙන ගෙනියන්න (ස)
එනම් මෙහි වටිනාකම ස්විස් ෆ්‍රෑන්ක් - රු970410.00 යුරෝ - රු1423206.00 ඩිරාම් - රු 17283.00(නු)
ලක්ෂ විසිපහක් කියන්නේ අද කාලෙට ලොකු මුදලක් නෙමෙයි.. මෙමගින් ලංකාවටයි අපකීර්තිය..!(නු)