2012 නොවැම්බර් 19 | ප.ව. 04:47
බැලුවෝ - {{hitsCtrl.values.hits}}
-
Share
කාවිංග සහ ආක්ෂා ගැන අද ටෙලිනාට්‍ය ක්ෂේත‍්‍රයේ බොහෝදෙනා කතා කරනවා. ටෙලි තිරයේදී විවිධ පෙම්වතියන්ගෙ පෙම්වතා වූ කාවිංග සමග මේ සිටින්නේ ඔහුගේ සැබෑම පෙම්වතිය වීම ඊට හේතුවයි. ආක්ෂා සුදාරි කියන ඇය ගැන බොහෝදෙනා කතා කිරීමට පටන් ගත්තෙ ස්වර්ණවාහිනිය නිසයි. ස්වර්ණවාහිනි ඩාන්ස් ස්ටාර් සහ ෆ්‍රෙන්ඞ්ස් නාට්‍ය සමග කලා ක්ෂේත‍්‍රයට ආ ආක්ෂා ගැන අපට වඩා දැන් නම් කතා කරන්නෙ දමිළ සිනමාව හෙවත් කොලිවුඩයේ අයයි. ඇය කොලිවුඞ් සිනමාවට පිවිස සිටීම ඊට හේතුවයි. ඉතින් අද අපි මේ පේ‍්‍රමාන්විත යුවල සමග පිළිසඳරකට එක්වුණා.
කාවිංග නිළියොත් එක්ක රඟපානකොට මට ඊර්ෂ්‍යා හිතෙනවා - ආක්ෂා-
|
කාවිංග ඔබ ගැන මේ දිනවල වැඩිපුර කතාබහ වන්නෙ?
සේපාලිකා නාට්‍යයේ පැතුම් සහ පියවි (අකලංක), දම්සාරි (විසල්) යන චරිත සහ රූපවාහිනී නිවේදන කටයුතු නිසා කියලා කියන්න පුළුවනි. මීට අමතරව මේ දිනවල වැහිලිහිණි සහ සතුරු මිතුරු, සඳුපමා යන නාට්‍යවල රංගනයෙන් දායක වෙනවා.
ආක්ෂා ඔබ ගැන කොහොමද කියන්න පුළුවන්?
මා ගැන කතා කළොත්, ස්වර්ණවාහිනිය නිසා තමයි මා ගැන වැඩිදෙනා හඳුනා ගත්තෙ. එහි ඩාන්ස් ස්ටාර් සහ ෆ්‍රෙන්ඞ්ස් කියන නාට්‍ය වෙතින් තමයි ක්ෂේත‍්‍රයට ආවේ.
කාවිංග ඔබ ක්ෂේත‍්‍රයට ආවෙත් නාලිකාවක් හරහා නේද?
අනිවාර්යයෙන්ම ඔව්. ජනක රාමනායක මහතා තමයි මැක්ස් ටී.වී. හරහා මාව ක්ෂේත‍්‍රයට හඳුන්වා දුන්නෙ. චමුදිත සමරවික‍්‍රම, ධනුක රාමනායක සහ කෝසල පීරිස්, ශක්ති හෙට්ටිආරච්චි මෙන්ම මහින්ද රාමනායක මහත්වරු තමයි මාව ක්ෂේත‍්‍රයට ගෙනාවෙ. පසුව සන්ධ්‍යා මෙන්ඩිස්, තරංග දිසානායක සහ රවීන්ද්‍ර විජේරත්න නිසා මට පුංචි තිරයට එන්න අවකාශය ලැබුණා. ඒ ආ ගමන තමයි මේ.
ආක්ෂා අද ලංකාවේ අයට වඩා ඔබ ගැන කතා වෙන්නෙ දමිළ සිනමාවේ අය නේද?
ඇත්තටම කුඩා කාලයේ මට ඉන්දියාවේ ගත කිරීමට ඉඩ කඩ ලැබුණා. නමුත් පසුව ඉන්දීය සිනමාවේ දායකත්වය ලැබේවි කියලා නම් හිතුවෙ නැහැ. ෆ්‍රෙන්ඞ්ස් නාට්‍යය රූගත කළේ ඉන්දියාවේ. එහිදී එහි සිටින අධ්‍යක්ෂවරයකු නිසා දමිළ සිනමාවේ දොර විවර වුණා කිව්වොත් හරි. ඇත්තටම මේ සියල්ලට ස්තුතිවන්ත වෙන්න ඕනෑ ස්වර්ණවාහිනියටයි. දමිළ සිනමාවේ විශාල මුදලක් වැය කොට තනන චිත‍්‍රපටයක විශේෂිත ගීතමය ජවනිකා පෙළක් සඳහා මට ආරාධනා ලැබී තිබෙනවා. එය විශේෂිත අවස්ථාවක්. ඒ එක්කම දමිළ සිනමාවේ සහ ශ්‍රී ලංකාවේ රංගන ක්ෂේත‍්‍රයට සම්බන්ධව මම බොහෝ දේ කරාවි.
කාවිංග ඔබ රඟපෑම සහ නිවේදනය කියන දේ අහම්බයකින් තෝරාගත් දෙයක්ද? නැතිනම් අරමුණක් ඇතිව ආ ගමනක්ද?
ඇත්තටම මගේ හීනය වුනේ ගුවන් නියමුවකු වීමයි. ඒ හීනය තවමත් මගේ හිතේ තියෙනවා. පාසැල් ජීවිතයෙන් පසුව වැඩිදුර හදාරා ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ නියමුවරයකුවීමේ අරමුණ තිබුණේ. ඒත් අම්මා අප්පච්චි ඒ කාලයේ ඒකට කැමති වුණේ නැහැ.
ආක්ෂා ඔබගේ අරමුණ වුනේ?
ඇත්තටම මගේ ප‍්‍රධාන අරමුණ මොන දේ කළත් හොඳ ව්‍යාපාරික කාන්තාවක් ලෙස මගේම ව්‍යාපාරයක් පවත්වාගෙන යාමටයි.
කාවිංග සමහරු ඔබ දිහා බලන්නෙ තරමක් සැර පරුෂ චරිතයක් ලෙස නේද?
මුලින්ම මාව දකිද්දී එහෙම වුනාට, දන්නා අය දන්නවා මම එහෙම නැහැ කියලා.
ආක්ෂා රඟපාන්න ඉන්දියා ගියාට මට තහංචි දාන්න බෑ -කාවිංග-
|
ආක්ෂා ඔබට කොහොමද කාවිංග ගැන හිතෙන්නෙ?
ඇත්තටම එයා හරි අහිංසක චරිතයක්. නිහතමානී චරිතයක්. ඒත් ඒ වුනාට ඒ අහිංසකකම ඇතුළෙ බොහෝ දේ තියෙනවා (හිනා)
කාවිංග මේ ඔබගෙ අවංක ආදරයද? ඊට පෙර පෙම්වතියන් ඉඳලා නැද්ද?
අවංකව ආදරය කරලා තියෙනවා. පැරදිලත් තියෙනවා. නමුත් පෙම්වතියන් මාරු කරලා නැහැ. දැන් තමයි මට හරිම පෙම්වතිය ලැබිලා තියෙන්නෙ. ආක්ෂා මට බොහෝ දේ වටහලා දෙනවා. බොහෝ දේ ගැන කියා දෙනවා.
ආක්ෂා ඔබට ආදරය ගැන ඇති අත්දැකීම් මොන වගේද?
පොඩි පොඩි හැඟීම් තියෙන්න ඇති. ඒත් මට දැනිච්ච ආදරය තමයි මේ. කාවිංග අහිංසක විදියට ඇවිත් මගේ හිත දිනා ගත්තා.
කාවිංග ඔබගෙ පෙම්වතිය ආක්ෂා ඉන්දියාවේ ගිහින් රඟපානවට කැමතිද?
චූටි දුකක් තියෙනවා. ඒත් ඇය කරන්නෙ වෘත්තියක්. ඒ නිසා මට තහංචි දාන්න බැහැ. මම අදහන ආගම, දහම, දෙවියන් වගේම ඇය ගැනත් විශ්වාසය තිබෙනවා. ඇයත් මාව තේරුම් අරන් බව මගේ හැඟීමයි.
ආක්ෂා, කාවිංගට රංගනයේදී විවිධ නිළියන් එක්ක රඟපාන්න සිද්ධ වෙනවා. ඔබ ඒකට කැමතිද?
ම්ම්.....ම්.... ඇත්තටම මට වෙලාවකට ඊර්ෂ්‍යා හිතෙනවා. එහෙම නැහැ කිව්වොත් ඒක බොරුවක්. සමහර වෙලාවට ඒ නිසා අපි පුංචි පුංචි රණ්ඩු කරගෙනත් තියෙනවා. ආදරයේ හැටි එහෙම තමයි.
වත්මන් තරුණ පරපුර ගැන කාවිංග ඔබ කොහොමද හිතන්නෙ? වත්මන් නව පරපුරට කරන්න දෙයක් තියෙනවද?
මම පුද්ගලිකව හිතන විදියට රඟපෑම හෝ නිෂ්පාදනය කියන්නෙ දෙබස් මතකයේ තබාගෙන කැමරාව ඉදරියේ පෙනී සිටින දෙයක් නොවෙයි. ඕනෑම දෙයක් හරියට කළොත්, ඕනෑම තැනක වැඩ කරන්න පුළුවන් වේවි. ඒ හැරත් සියල්ල බදාගෙන කළ යුතු නැහැ. එවිට අසාර්ථක වෙන්න පුළුවනි. තමුන්ට කළ හැකි දේ වටහාගෙන කළොත් අනාගතය පැහැදිලියි.
ආක්ෂා ඔබ කොහොමද ඒ ගැන හිතන්නෙ?
ඇත්තටම රඟපෑම කියන්නෙ මොහොතින් මොහොත ඉගෙන ගන්න, හදාරන්න තියෙන දෙයක්. ඒ හැදෑරීම ජීවිතයටත් ආලෝකයක්. රංගනය එතරම්ම සංකීර්ණ විෂයයක්.
සටහන/ඡායාරූප - සඳුන් ගමගේ
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ අය රගපෑම් ගැන දන්නෙ නැති නිසාද හොදින් දන්න පෞද්ගලික දේවල් ගැන අනුන්ට කියන්නේ..!(නු)
අන්න හොදයි..!(නු)
කවුද මේ දෙන්නා (ස)
නියමයි සුභපැතුම් (දී)
දැං කාලෙ අලුතෙන් මතුවෙන නළු නිලියෝ රගපාන්නත් ඉස්සර තමන්ගේ පෟද්ගලික ජීවිතය නිර්ලැජ්ජිතව ලෝකෙට පේනවා..!(නු)
පුවතේ ඇති හැටියට නම් මේ දෙන්නා පෙම්වතුන්. ඒත් ඉතිං අපිට මොකෝ? ඇත්තටම මේ දෙන්නා කවුද? (නි)
සේපාලිකා ඔබට නොගැලපෙන චරිතයක් රගපාන්නේ.. ඉතාමත් අතාත්විකයි..!(නු)
ලැජ්ජා නැතුව කියන හැටි විතරක්... (නි)
සුභපතනවා මම
අනේ මන්දා
ඔබ දෙපලට සුභ පතනවා...වාසනාවන්ත අනාගතයකට දෙදනාගේම රංගනය විශිෂ්ඨයි .(ස)
මේ දෙන්නා රගපාන්නෙ ඉන්දියාවෙ නම් අපි කොහොමද එයාලව දන්නේ? (නි)
සේපාලිකා ටෙලි නාට්‍යෙය් ඔබේ රගපාන්නෙ නම් ඉතාමත් දුෂ්කර වූ චරිතයක්.. එම දුෂ්කර වූ රංගනය අවිනිශ්චිත ආදරයක් බලාපොරොත්තුවෙන් නිර්ව්‍යාජ මනසකින් පීඩා විදින චරිතයක්.. ඔබ තාත්විකව ඉටු කරනවා.. මෙහි ඔබ රගපාන ආකාරය දුටු විට නිධානය චිත්‍රපටයේ ගාමිණී ෆොන්සේකා සිහියට එනවා.. මෙවන් සුවිශේෂී වූ රංගන කෞෂල්‍යයක් හිමි ඔබට අපේ සුභ පැතුම්...!(නු)
මේ අය මොන චිත්‍රපටියෙද රඟපෑවේ (ස)
හ්ම්.............කවුද මේ දෙන්නා (ස)
ඇත්තටම මේ තරම් වැදගත් යැයි කියනා මේ අය කවුරුන්ද ? (ස)
මේ දෙන්නා යම් ජාත්‍යන්තර ඇගයීමකට ලක්වෙලාද? මෙතරම් දේවල් පළ කරන්නෙ... මේ අය රගපාන එක චරිතයක නමක් වත් ලියලා නැහැ ඉතිං කවුද මේ ළමයි..?(නු)
අතිශය පෞද්ගලික දේවල් පවා ලොවට හඩගා කියන මොවුන් කවුද? (නි)
සමහර නිලියෝ පහු වෙනකොට කියන දෙයක් තමයි මහත්තයා සලකන්නේ නෑ කියන එක..මේ අහිංසක කොල්ලට එහෙම කියන්නේ නෑ නේද ආක්ෂා (ස)
මේ වගේ නව පරපුරේ අය තමයි ඉතින් අද ටීවී වල වුණත් ජනප්‍රිය. (නි)
පිටුවක්ම තිබුණට කවුද මේ අය කියලා මටනම් වැටහෙන්නේ නෑ (ස)
සුබ පැතුම් (ස)
මේ දෙන්නා ජාතික වශයෙන් ඇගයීමකට ලක්වූ දෙන්නෙක්ද? (නි)
අනේ ඉතිං අපිට මොකෝ... (නි)
ඔබට සුභ ගමනක් (දී)
ඔබ හරිම සාර්ථක නලුවෙක්. ඒත් සේපාලිකා නාට්‍යයේ චරිතය ඔබට නොගැළපෙන බවයි මගේ නම් හැගිම වෙන්නේ. (නි)
මෙතන ඉන්න ගොඩක් අය ගොඩ කාලෙකින් යාවත්කාලීන වෙලා නෑ..(ස)
කියවනකොට පෙනෙනවා අලුත් නළු නිලියෝ මොනතරම් බුද්ධිමත්ද කියලා.. මේ අය රගපාන චිත1පටය කුමක්ද?(නු)
මේ දෙන්නා ගැලපෙන්නේ නැහැ.. පිරිමි ලමයාට හොද අහිංසක තැන්පත් හොරබොරු නැති කාන්තාවක්.. (නු)
ලස්සන ජෝඩුවක්, සුභ පැතුම්! (නි)
මොනවද මේ කියන්නෙ(දී)
මම හිතන්නේ පෞද්ගලික දේවල් පත්තරයකට කියලා ඡායාරූප තත්තරේක දාගන්නවට වඩා හොදයි දක්ෂකම් පෙන්නලා පුවත් පත් තමන් ළගට ආවාම ඒ හරහා සමාජයට පණිවිඩයක් දෙන එක.. මේ අය නළු නිලියොද කවුද?(නු)
ජනප්‍රිය වෙන්නත් කලිින් පෞද්ගලික ජීවිතය ගැන ඔක්කොම කියනවා.. මේ නළුවන් නාට්‍යවල විතරමද ඉන්නෙ..!(නු)
කවුද මේ වරුණ??? .. සුබ පැතුම් කාවිංග (ස)
මොකක්ද මේකෙන් කියන්න හදන්නේ? (නි)
කවුද මේ දෙන්නා..!(නු)
සේපාලිකා.. ඔයා ලියලා තියෙන්නේ සේපාලිකා ටෙලිනාට්‍යෙය් ගයාන් වික්‍රමතිලක රගපාන පහන් ගේ චරිතය..!(නු)
මෙයාලා රගපෑවේ මොන චිත්‍රපටියේද? (නි)
මේ වගේ හැකියාව තියෙන මේ තරුණ යුවලට මමත් හදවතින්ම සුභ පතනවා..... මේ..., ඔය කුහක කමේන් දාල තියෙන අයටයි මේ කියන්නෙ....., " සාර්ථක කලාකරුවන්ට නිගා කරන්න එපා. මේයාලව අධර්‍ය කරන්න එපා...!" (ස)
මේ ලිපිය කියෙව්වා.. ඇයි ඔය දෙන්නාගේ පෞද්ගලික දේවල් අපිට කියන්නේ? මානසික වෛද්‍යවරයකුට කියන්න අවශ්‍යම නම්..!(නු)
නියමයි..නියමයි.. සුභපතනවා දෙන්නාටම (දී)
මේ දෙන්නා කවුද? (නි)
අලුත් නලු නිලියෝ අපූරු ආදර්ශ දෙනවා. (නි)
අපිනම් මේ දෙන්නා දන්නෙවත් නෑ (ස)
සම්මුඛ සාකච්ඡාවකට දුර්ලභ අවස්ථාවක් හිමි වුණහම මේවද කියන්නේ (ස)
කව්ද මේ? අපිට මොකටද අනුන්ගෙ දේවල්.... (ස)
උණුසුම් සුභ පැතුම් අපි දෙන්නාගෙන්ම (ස)
කවුද මේ ?? ලංකාවේ ඉන්න අයද ?(ස)
සුභ අනාගතයක්! (නි)
අපි බොක්කෙන්ම සුබ පතනවා. අපි ඔයාගේ යළුවෝ (ස)
මේ දෙන්නා ටෙලි නලුවොද? චිත්‍රපට නලුවොද? (නි)
කවුද මේ....? ලංකාවේ රඟපාන අයද ?? (ස)
කවුද මේ අය? (නි)
කේන්දර දෙක එවුවොත් ගැළපෙනවද කියලා බලලා කියන්නම්. (නි)
සුබ පැතුම් කාවිංග !!!!!!!!!!. (ස)
කෙල්ලෝ ගොඩක් එක්ක යාලුවෙලා හිටියා කියන උජාරුව විතරක්? (නි)
මේ අය නළුවොද ඇත්තටම ?? (ස)
මේ අලුත් නළුවෝ දෙන්නෙක් (ස)
කවුද මේ අය? (නි)
මෙය මුදල් ගෙවා ප්‍රචාරය කළ දැන්වීමකි..!(නු)
කවුද මේ දෙන්නා? (නි)
දෙන්නාට දෙන්නා හොදින් තේරුම් ගත් යුවලක් (ස)
මේ අලුත් නළු නිළියෝ මොනවා කියවනවද දන්නේ නෑ (ස)
නියමයි ....නියමයි .... ඔහොම යං (දී)
වරුණ ඔයා අවුරුදු 7 කින් විතර රූපවාහිනිය නැරඹුවේ නැද්ද (ස)
කවුද මේ? (නි)
මේ නළුවන්ට පෙම් පළහිලව් කිහිපයක් තිබෙනවාලු.. ඒක සාමාන්‍ය දෙයක් වගේ අනිත් අයට කියනවා.. අපූරු නළුවො...!(නු)
මම සුභපතනවා