(පද්මා කුමාරී කංකානම්ගේ)

කල්පිටිය කන්දකුලිය ඊච්චන්කාඩුව කලපු ප්‍රදේශයේ, අද (6) කල්පිටිය විජය නාවුක කිමිදුම්කරුවන් විසින් කරන ලද විශේෂ සෝදිසි මෙහෙයුමකින්,කළපු පතුලේ තිබී පිස්තෝල,රයිෆල් සහ ටී.56 උණ්ඩ 40 ක් සොයා ගෙන ඇතැයි කල්පිටිය පොලිසිය පවසයි.

ජුනි දෙවන දින එම කළපු ප්‍රදේශයේ මට්ටි ඇල්ලීමේ නිරතව සිටි ධීවරයින්ට,මෙවැනිම උණ්ඩ 53 ක් හමු වූ බැව්,කල්පිටිය පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක අයි.එදිරිසූරිය මහතා පවසයි.

එම කරුණ සැලකිල්ලට ගෙන මෙසේ කිමිදුම්කරුවන් යොදා විශේෂ සෝදිසි මෙහෙයුමක් දියත් කළ බැව්,ඒ මහතා වැඩි දුරටත් පවසයි.උණ්ඩ 93 ක් මේ වන විට හමුවී ඇත.

උණ්ඩ තොගය ඒ වාර්තාවක් මගින් අධිකරණයට ඉදිරි පත් කිරීමට නියමිත ය.