ඉන්දියා ජාතිකයකු ඉන්දුනීසියා ගැහැනියක සමග නිදා ගනු දිටී යැයි කුවේට් රාජ්‍යයේ මන්ගාප්හි ශ්‍රී ලාංකිකයන් දෙදෙනකු කේලමක් දුරදිග ගොස් ඉන්දියා ජාතිකයෝ පිරිසක් ශ්‍රී ලාංකිකයනට පහර දුන්හ. තුවාල ලැබූ ඔවුහු රෝහල් ගත කරනු ලැබූහ. මේ ශ්‍රී ලාංකිකයන් එනතුරු මඟරැක සිට පහරදුන් ඉන්දියා ජාතිකයනගෙන් පිරිස පනැ ගිය නමුත් දෙදෙනකු අල්ලා ගැනීමට කුවේට් ආරක්ෂක නිලධරයෝ සමත් වූහ.
1
මෙට්‍රො බස් සේවාව සහ ප්‍රවාහන ප්‍රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සිංහලයගේ හැටිනේ . එතෙන්ට එකයි මෙතනට එකයි කිය කිය ඇවිදින එක (ස)
කුවේට් වල ඉන්න අපේ ලංකාවේ කට්ටිය ඔය වැඩේ කරනවා. (නි)
අපේ අය වැරදි වුණත් ඉන්දියන් කෙනත් කරලා තියෙන්නේ වැරදි වැඩක්නේ. නේද? (නි)
ඉරිසියාවනේ.... (නි)
බෞද්ධ රටක කොල්ලෝ නිසා කමක් නැහැ. (නි)
ජනාධිපතිතුමත් කිව්වෙ ඕකනේ.. එන්නේම කේලමක් කියාගෙන කියලා.!(නු)
ලංකාවෙ අය කියන්නේම ඕපදූප.. රට ගියත් හොදටම කරන්නෙ ඔය ටිකනෙ..(නු)
ලංකාවෙ අය කියන්නේම ඕපා දූප. රට ගිහිං කරන්නේත් ඕකම තමයි..!(නු)
අනේ නිලූ ඔයා කැමති දෙයක් මට කියන්න , මම තරහ නෑ...ඒ උනත් සිංහලයගේ හැටි කියනකොටනම් මට තරහා යනවා (ස)
ඕක මහ දෙයක්යැයි අපේ අක්කලා, නංගිලා කරන දේවල් දකිද්දී? (නි)
අයියා, ජාත්‍යන්තර ඇත්ත ඇතිසැටියෙන් කියන එකතමයි හොද. නේද? (නි)
නිලූ නංගි , දෙමළ ඩයස්පොරාවේ කෙනෙක් වගේ (ස)
ඇයි හේරත් අයියට රිදුනේ ? (ස)
නිලූ නංගි ඔයත් කරන්නේ ඔය ටිකමනේ (ස)
නිදාගත්තට මොකද වෙන්නේ (ස)
අන් සැපතට ඉරිසියා කරන්න එපා (ස)
පිට ගැහැණුන්ට බැල්ම හෙලන පිරිමි ගොඩක් මැද පෙරදිග ඉන්නවා.. තමන්ට අයිති වැඩේ කරගෙන ගියාම ඉවරයිනේ.. මේ මනුස්සයත් ඔය කාන්තාවසමග මිතුරුවෙන්න උත්සාහ කරන්න ඇති.. තරහට කේලම් කියලා ගුටිත් කාලා.. හොද පාඩම් මේ අයට..!(නු)
නරියා මිදි ඇඹුලයි කියපු කතාවයි , බල්ලා පිදුරු කන්නෙත් නෑ කන කොනාට දෙන්නෙත් නෑ කියන කතාවයි දෙකම එකතුකරලා (ස)
තමන්ගේ ජාතික මෙහෙවර අකුරටම ඉටු කරලා තියෙන්නේ. (නි)
ඇත්ත කියලා පැත්තක් ගියාට කමක් නැතිවුණත්, ඔත්තු බලපු එක නම් ගුටිකන්නම වටින වැඩක්. (නි)
අපේ අයගේ සිරිතක්නේ යන යන තැන ලෙඩ දා ගන්න එක (ස)
හොද වැඩේ
කට හින්දලු මාළුවා නහින්නේ (ස)
අනුන්ගේ කුණු ගොඩවල් හොයනවට හොඳම වැඩේ ...රට ගියානම් තමන්ගේ වැඩක් බලාගෙන කීයක්හරි හම්බකරගෙන ඉන්නේ නැතුව අනුන්ගේ ඒවා හොයන්න යනවා (ස)
ගියතැනක කට පියාගෙන ඉන්න බැරි හැටි . ගුටිකාපු එකමයි හොඳ (ස)
යකුනේ. සල්ලි හොයන්න ගියානම් සල්ලි හොයාපල්ලා. (නි)
මේ කරලා තියෙන්නේ හොද නැතිම වැඩක්. ගහලා මදි, රටේ නමත් කනවා. (නි)
හොඳ වැඩේ , අනුන්ගේ කේලම් කියයන අය තමන්ගේ කුණු ගැන දන්නේ නෑ (ස)