කැලණිය ප්‍රාදේශීය සභාවේ කටයුතු පිරික්සීම සඳහා පත් කළ ඒක පුද්ගල කොමිසමේ කටයුතු මාර්තු 27 වැනිදා තෙක් තහනම් කිරීමේ අතුරු නියෝගයක් කොළඹ මහාධිකරණ විනිසුරු ප්‍රීති පත්ම සූරසේන මහතා අද (1) නිකුත් කළේය.
මේ අනුව විශ්‍රාමික මහාධිකරණ විනිසුරු ඩඩ්ලි කරුණාරත්න මහතාගේ නායකත්වයෙන් යුත් කොමිසමේ සියලු කටයුතු අත්හිටැවෙයි.
බස්නාහිර මහ ඇමැති ප්‍රසන්න රණතුංග මහතා විසින් මේ කොමිසම පත් කැරිණි.
කොමිසම නීති විරෝධී බවත් දුෂ්ඨ චේතනාවෙන් පත් කර ඇති බවත් ප්‍රාදේශීය සභාව විසිරවීම එහි අරමුණ බවත් කැලණිය ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරු මේ පෙත්සම ගොනු කළහ.
මාර්තු 27 වැනිදා උසාවියේ පෙනී සිටින ලෙස මහඇමැතිට, කොමසාරිස්ට හා කැලණිය ප්‍රාදේශීය සභා ලේකම්ට නොතීසි ද නිකුත් කැරිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කැලණිය....කැලණිය.... දැන් හැරියට් මාතෘකා වෙනවා කැලණිය....(දී)
යුද්දේ නවත්තලා නැහැ වගේ.(නදී)
යුව රජු තවම ඒ පැත්තේ හොල්මන් කරනවා.(නදී)
තනිකරම දේශපාලන පලිගැනීමක් (ස)
යුවරජුත් නැහැනේ දැන් (දී)