අන්තර් සමාජ පළමු කොටසේ සීමිත ඕවර ක‍්‍රිකට් තරගාවලියේ තෙවැනි දිනයේ තරග ලෙස අද (13) පැවැති තරගවලදී කෝල්ට්ස් ක‍්‍රීඩකයෝ සැරසන්ස් ඉනිම ලකුණු 19 කට සීමා කරමින් කඩුලූ 10 ක පහසු ජයක් ලැබීමට සමත් වූහ. පානදුර ක‍්‍රීඩා සමාජය කඩුලූ 8 කින් කොළඹ ප‍්‍රධානතම ක‍්‍රිකට් සමාජයක් වන සී.සී.සී. පිල පරාජය කරමින් පිට පිටම තෙවැනි ජය ලැබීම කපී පෙනුණි. රාගම ක‍්‍රිකට් සමාජය ලකුණු 4 කින් ප‍්‍රබල එස්. එස්. සී. පිල පරාජය කිරීමට සමත් විය. කොල්ට්ස් පිල වෙනුවෙන් චතුරංග කුමාර (7/5) සහ කනිෂ්ක ඇල්විටිගල (11/4) විශිෂ්ට පන්දු යැවීමක නිරත වෙමින් කඩුලූ 9 ක් බෙදාගත්හ. කෝල්ට්ස් ක‍්‍රීඩාංගණයේදී (කෝල්ට්ස් පිලට කඩුලූ 10 ක ජයක්) සැරසන්ස් පිල ඕවර 10.5 කදී සියලූ දෙනා දැවී 19 (කනිෂ්ක ඇල්විටිගල 11/4, චතුරංග කුමාර 7/5) කෝල්ට්ස් පිල ඕවර 2.2 කදී කිසිවකු නොදැවී 20 (ෂෙහාන් ප‍්‍රනාන්දු නොදැවී 12) පී. සරවනමුත්තු ක‍්‍රීඩාංගණයේදී (පානදුර ක‍්‍රීඩා සමාජයට කඩුලූ 8 ක ජයක්) සී.සී.සී. පිල ඕවර 43.4 කදී සියලූ දෙනා දැවී 158 (ළහිරු වේරගල 19, ගිහාන් රූපසිංහ 46, මිතුන් ජයවික‍්‍රම 24, සුජීව ද සිල්වා 31/2, ඩිල්රුවන් පෙරේරා 41/2, ගයාන් සිරිසෝම 23/3) පානදුර ක‍්‍රීඩා සමාජය ඕවර 38.1 කදී කඩුලූ 2 ට 159 (ලසිත් ප‍්‍රනාන්දු 60, ඉෂාන් මුතාලිප් 71) එස්.එස්.සී. ක‍්‍රීඩාංගණයේදී (රාගම පිලට ලකුණු 4 ක ජයක්) රාගම පිල ඕවර 48.3 කදී සියලූ දෙනා දැවී 221 (ඉයන් ඩැනියල් 52, ළහිරු තිරිමාන්න 79, සමීර සොයිසා 20, මාලිංග බණ්ඩාර නොදැවී 24, සචිත‍්‍ර සේනානායක 29/2, ගීත් අල්විස් 12/4) එස්.එස්.සී. පිල ඕවර 50 කදී කඩුලූ 9 ට 217 (ධනුෂ්ක ගුණතිලක 28, භානුක රාජපක්‍ෂ 22, තිළිණ කණ්ඩම්බි 60, සචිත‍්‍ර සේනානායක 24, චරිත් ජයම්පති නොදැවී 28, ළහිරු ජයරත්න 31/2, කෞෂල්‍ය වීරරත්න 39/3, ධනංජය ද සිල්වා 46/2) එන්.සී.සී. ක‍්‍රීඩාංගණයේදී (එන්.සී.සී. පිලට ලකුණු 127 ක ජයක්) එන්.සී.සී. පිල ඕවර 50 යේදී කඩුලූ 5 ට 318 (නිරෝෂන් දික්වැල්ල 105, ජෙහාන් මුබාරක් 38, ෆර්විස් මහරුෆ් 66, චාමර කපුගෙදර 26, ඇන්ජලෝ පෙරේරා නොදැවී 61, රුවින්ද ශාමෙන් 69/2) බදුරලිය පිල ඕවර 50 යේදී කඩුලූ 7 ට 191 (සෙබස්තියන් පෙරේරා 27, පබසර වඩුගේ 29, නිලූෂාන් නෝනිස් 59, සාලිය සමන් 42, රුවින්ද ශාමේන් නොදැවී 15, තරිඳු කෞෂාල් 26/4) බ්ලූම්ෆීල්ඞ් ක‍්‍රීඩාංගණයේදී (බ්ලූම්ෆීල්ඞ් පිලට ලකුණු 7 ක ජයක්) බ්ලූම්ෆීල්ඞ් පිල ඕවර 47.2 කදී සියලූ දෙනා දැවී 172 (නදීර නාවල 38, සුමින්ද මෙන්ඩිස් 37, තරංග ලක්‍ෂිත 30, රජිත් ප‍්‍රියාන් 25/3, කෞෂල්‍ය ගජසිංහ 37/2) ගාල්ල ක‍්‍රිකට් සමාජ ඕවර 48.3 කදී සියලූ දෙනා දැවී 165 (අනිල් රිදීගම්මනගෙදර 59, ඉරෝෂ් සමරසූරිය 46, චමිදු ඉෂංක 28, රෂ්මි ජිනන් 29/2, තරංග ලක්‍ෂිත 28/2, ඩිල්ෂාන් මුණවීර 21/2) වෙලගෙදර ක‍්‍රීඩාංගණයේදී (ද්‍රවිඩ සංගම් පිලට ලකුණු 130 ජයක්) ද්‍රවිඩ සංගම් පිල ඕවර 50 යේදී කඩුලූ 9 ට 340 (මහේල උඩවත්ත 68, තිලකරත්න සම්පත් 26, රුමේෂ් බුද්ධික 125, සචිත‍්‍ර සේරසිංහ 51, තිළිණ තුෂාර 38, නාරද රත්නායක 66/6, අනුරුද්ධ රාජපක්‍ෂ 59/2) කුරුණෑගල තරුණ පිල ඕවර 43.2 කදී සියලූ දෙනා දැවී 210 (මනෝජ් සරත්චන්ද්‍ර 17, සිරි කුමාර 44, අනුරුද්ධ රාජපක්‍ෂ 23, දමිත් ගුණතිලක 41, නදීක අබේසිංහ 46, සුරංග ලක්මාල් 44/3, විරාජ් පුෂ්පකුමාර 42/3) වැලිසර නාවික හමුදා ක‍්‍රීඩාංගණයේදී (ලන්කන් පිලට කඩුලූ 5 ක ජයක්) නාවික හමුදාව පිල ඕවර 50 යේදී කඩුලූ 9 ට 212 (දුලීක තිස්සකුට්ටිගේ 91, යොහාන් කුමාර 73, රුවන් සම්පත් 30/4, තාරක වඩුගේ 40/3) ලන්කන් පිල ඕවර 46.2 කදී කඩුලූ 5 ට 213 (යොහාන් අරුණමන්ත‍්‍රි 59, ඕෂද ප‍්‍රනාන්දු 25, ඩිල්හාන් කුරේ නොදැවී 56, දේශාන් ඩයස් නොදැවී 39, දුලංජන් මෙන්ඩිස් 41/4) මුවර්ස් ක‍්‍රීඩාංගණයේදී (මුවර්ස් පිලට කඩුලූ 3 ක ජයක්) වරාය අධිකාරිය ඕවර 47.3 කදී සියලූ දෙනා දැවී 190 (ගයාන් මනීෂාන් 31, යොහාන් ද සිල්වා 15, අෂාන් ප‍්‍රියංජන් 52, මුතුමුදලිගේ පුෂ්පකුමාර 49, ඉසුරු උදාන 23, මාලින්ද පුෂ්පකුමාර 31/5, ජනක ගුණරත්න 23/2) මුවර්ස් පිල ඕවර 41 කදී කඩුලූ 7 ට 191 (ෂෙහාන් ජයසූරිය 18, ඉන්දික ද සේරම් 65, චතුරංග ද සිල්වා 50, ඉසුරු උදාන 42/4, සනිත ද මෙල් 39/2) කොළඹ ගුවන් හමුදා ක‍්‍රීඩාංගණයේදී (බී.ආර්.සී. පිලට කඩුලූ 7 ක ජයක්) ගුවන් හමුදා පිල ඕවර 32.4 කදී සියලූ දෙනා දැවී 105 (ටී. නදීර 34, යශෝධ ලංකා 17, නිමේෂ් පෙරේරා 27/2, ගිහාන් දිල්රුක් 11/2, මාලන් මධුසංඛ 16/4) බී. ආර්. සී. පිල ඕවර 15.3 කදී කඩුලූ 3 ට 106 (හෂාන් ගුණතිලක 20, මලිත් කුරේ නොදැවී 26, නිමේෂ් පෙරේරා නොදැවී 43, තරංග රවීන් 25/2) පනාගොඩ යුද හමුදා ක‍්‍රීඩාංගණයේදී (මේරියන්ස් පිලට කඩුලූ 1 ක ජයක්) යුද හමුදා පිල ඕවර 50 යේදී සියලූ දෙනා දැවී 228 (රිෂාන් කාවිංග 49, අරුණ කරුණාතිලක 18, මංජුල ද සොයිසා 15, චරිත් ප‍්‍රනාන්දු 15, අසේල ගුණරත්න 47, සීකුගේ ප‍්‍රසන්න 17, අජන්ත මෙන්ඩිස් 28, ජනිත් සිල්වා 19, නවීන් කවිකාර 33/4, සචිත් පතිරණ 44/3, උමේෂ් කරුණාරත්න 42/2) මේරියන්ස් පිල ඕවර 48.4 කදී කඩුලූ 9 ට 231 (දමිත් ප‍්‍රියදර්ශන 31, සමන්ත ප‍්‍රනාන්දු 16, අසේල ජයසිංහ 25, සචිත් පතිරණ 55, මාලිංග සුරප්පුලිගේ නොදැවී 32, අජන්ත මෙන්ඩිස් 43/2, රවින්ද්‍ර පල්ලියගුරු 22/2)
2025 දෙසැම්බර් මස 04
740
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
565
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
454
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
කෝල්ට්ස් පිල සැරසන්ස් ලකුණු 19 කට සීමා කරයි