අන්තර් සමාජ පළමු කොටසේ සීමිත  ඕවර ක‍්‍රිකට් තරගාවලියේ පස්වැනි දිනයේ තරග ලෙස අද (23) පැවැති තරගවලදී සී.සී.සී. පිල හමුවේ ලකුණු 23 කින් (ඩක්වත් ලූවිස් න්‍යාය) පරාජය වීමෙන් කෝල්ට්ස් පිලේ අපරාජිත වාර්තාව බිඳ වැටුණි.
ලන්කන් පිල ලකුණු 2 කින් (ඩක්වත් ලූවිස් න්‍යාය) කොළඹ පැරණි ක‍්‍රීඩා සමාජයක් වන බී.ආර්.සී. පිල පරාජය කිරීමට සමත් විය.
 එන්.සී.සී. පිලේ ඇන්ජලෝ පෙරේරා (නොදැවී 113) සහ ජෙහාන් මුබාරක් (නොදැවී 102) පස්වැනි දිනයේ ශතක ලාභීහු බවට පත්වූහ. යුද හමුදා පිල වෙනුවෙන් විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ සීකුගේ ප‍්‍රසන්න ලකුණු 15 කට කඩුලූ 5 ක් දවාගැනීමට සමත් විය. 

.කෝල්ට්ස් ක‍්‍රීඩාංගණයේදී (සී.සී.සී. පිලට ලකුණු 23 ක ජයක්)
සී.සී.සී. පිල  ඕවර 49.2 කදී 218 (සමීන් කදනාරච්චි 29, ළහිරු වේරගල 20, ගිහාන් රූපසිංහ 86, ගයාන් විජේකෝන් 17, ඉෂාන් ජයරත්න 23/3, සජීව වීරකෝන් 28/2, හර්ෂ විතාන 30/2)
කෝල්ට්ස් පිල  ඕවර 41.4 කදී කඩුලූ 9 ට 185 (ෂෙහාන් ප‍්‍රනාන්දු 29, කුසල් ජනිත් 63, චතුරංග කුමාර 34, අරෝෂ් ජනෝද 47/3, මධුක ලියනපතිරණ 17/4)

. මුවර්ස් ක‍්‍රීඩාංගණයේදී (මුවර්ස් පිලට කඩුලූ 10 ක ජයක්)
පානදුර පිල  ඕවර 32.2 කදී 125 (ලසිත් ප‍්‍රනාන්දු 28, චන්දන අරවින්ද 35, විමුක්ති පෙරේරා 31/2, මාලින්ද පුෂ්පකුමාර 53/3, අනෝජ් කැතිපිටියආරච්චි 16/3)
මුවර්ස් පිල  ඕවර 24.5 කදී කිසිවකු නොදැවී 126 (ෂෙහාන් ජයසූරිය නොදැවී 60, ඉෂාම් ගවුස් නොදැවී 55)

. පී. සරවනමුත්තු ක‍්‍රීඩාංගණයේදී (ද්‍රවිඩ සංගම් පිලට කඩුලූ 2 ක ජයක්)
බදුරලිය පිල  ඕවර 50 යේදී කඩුලූ 8 ට 188 (පබසර වඩුගේ 56, චාපා බණ්ඩාර නොදැවී 52, රුවින්ද ශාමෙන් 31, තිලාන් තුෂාර 29/3, පුලින තරංග 23/3)
ද්‍රවිඩ සංගම් පිල  ඕවර 39.5 කදී කඩුලූ 8 ට 189 (මහේල උඩවත්ත 76, සචිත‍්‍ර සේරසිංහ 41, තිලකරත්න සම්පත් 29, ළහිරු ගමගේ 37/2, අලංකාර අසංක 42/2, රොෂාන් ලක්සිරි 37/2)

. ආර්. පේ‍්‍රමදාස ක‍්‍රීඩාංගණයේදී (ගුවන් හමුදා පිලට ලකුණු 29 ක ජයක්)
ගුවන් හමුදා පිල  ඕවර 45.5 කදී 156 (ටී. නදීර 29, අචිර එරංග 25, රාජු ගයාෂාන් 27, උමේෂ් කරුණාරත්න 36/2, සචිත් පතිරණ 23/4)
මේරියන්ස් පිල  ඕවර 27.2 කදී 127 (සචිත් පතිරණ 60, ගීත් කුමාර 27, තරංග රවීන් 42/2, ප‍්‍රිෂාන් හේවගේ 27/2, අකිල ඉෂංක 24/5)

. බී. ආර්. සී. ක‍්‍රීඩාංගණයේදී (ලන්කන් පිලට ලකුණු 2 ක ජයක්)
ලන්කන් පිල  ඕවර 43 කදී කඩුලූ 9 ට 200 (තාරක වඩුගේ 33, සජීව සල්ගාදු 27, දේශාන් ඩයස් 59,  ඕෂද ප‍්‍රනාන්දු 39, චරිත් ප‍්‍රනාන්දු නොදැවී 17, රොමේෂ් එරංග 37/3, ඉෂාන් රත්නායක 35/4)
බී. ආර්. සී. පිල  ඕවර 37 කදී කඩුලූ 7 ට 167 (ඩිල්ෂාන් විතාරණ 15, රොස්කෝ තටිල් 28, නිමේෂ් පෙරේරා 16, හරූන් මවුජූඞ් 37, ෂෙහාන් පෙරේරා නොදැවී 35, රුවන් සම්පත් 29/2, අමිල අපෝන්සු 25/2)

. එන්. සී. සී. ක‍්‍රීඩාංගණයේදී (එන්.සී.සී. පිලට ලකුණු 222 ක ජයක්)
එන්.සී.සී. පිල  ඕවර 50 යේදී කඩුලූ 4 ට 343 (ෆර්විස් මහරුෆ් 84, ජෙහාන් මුබාරක් නොදැවී 102, ඇන්ජලෝ පෙරේරා නොදැවී 113, අනුර නිදර්ශන 73/2)
කුරුණෑගල තරුණ පිල  ඕවර 36.3 කදී 121 (මනෝජ් සරත්චන්ද්‍ර 29, උපේෂ් විජේසිරි 23, දර්ශන මහවත්ත 28, සොහාන් බොරලැස්ස 14/3, තරිඳු කෞෂාල් 22/2, ළහිරු මධුසංඛ 13/2)

. බ්ලූම්ෆීල්ඞ් ක‍්‍රීඩාංගණයේදී (රාගම පිලට කඩුලූ 8 ක ජයක්)
බ්ලූම්ෆීල්ඞ් පිල  ඕවර 31.4 කදී 98 (ප‍්‍රිමෝෂ් පෙරේරා 24, නදීර නාවල 19, චේතන ද සිල්වා 19, මධුර ලක්මාල් 14/3, රුෂාන් ජලීල් 19/2, ශාලික කරුණානායක 8/2, මාලිංග බණ්ඩාර 19/2)
රාගම පිල  ඕවර 24.1 කදී කඩුලූ 2 ට 101 (මයිකල් වැන්ඩොට් නොදැවී 40, ඉයන් ඩැනියල් 38)

. වැලිසර නාවික හමුදා ක‍්‍රීඩාංගණයේදී (වරාය අධිකාරියට කඩුලූ 4 ක ජයක්)
සැරසන්ස් පිල  ඕවර 27 කදී 98 (ඩිලාන් සඳගිරිගොඩ 24, ජනුදික ශ‍්‍රියාපාල 20, ශානුක දිසානායක 12/3, චානක කොමසාරු 18/2, මුතුමුදලිගේ පුෂ්පකුමාර 33/2)
වරාය අධිකාරි පිල  ඕවර 20.5 කදී කඩුලූ 6 ට 103 (යොහාන් ද සිල්වා 27, අෂාන් ප‍්‍රියංජන් 42, සමිත් දුෂාන්ත 35/4)

. එස්.එස්.සී. ක‍්‍රීඩාංගණයේදී (එස්.එස්.සී. පිලට ලකුණු 152 ක ජයක්)
එස්.එස්.සී. පිල  ඕවර 50 යේදී කඩුලූ 9 ට 261 (ධනුෂ්ක ගුණතිලක 58, උපුල් බණ්ඩාර 16, කෞෂාල් සිල්වා 50, තිළිණ කණ්ඩම්බි 63, භානුක රාජපක්‍ෂ 15, චරිත් ජයම්පති නොදැවී 15, උමාන් සන්දීප 30/2, හිරන්ත විජේසිංහ 56/5)
ගාල්ල පිල  ඕවර 37.3 කදී 109 (හිරන්ත විජේසිංහ 25, අනිල් රිදීගම්මනගෙදර 30, කෞෂල්‍ය ගජසිංහ 22, සචිත‍්‍ර සේනානායක 18/3, අමිල් ප‍්‍රසාද් 16/3, කෞෂල්‍ය ලොකුආරච්චි 33/3)

. පනාගොඩ යුද හමුදා ක‍්‍රීඩාංගණයේදී (යුද හමුදා පිලට කඩුලූ 9 ක ජයක්)
නාවික හමුදා පිල  ඕවර 38.3 කදී 108 (ධනුෂ්ක ගුරුසිංහ 29, දුලීක තිස්සකුට්ටිගේ 22, යොහාන් කුමාර නොදැවී 27, අජන්ත මෙන්ඩිස් 21/3, සීකුගේ ප‍්‍රසන්න 15/5)
යුද හමුදා පිල  ඕවර 19.3 කදී කඩුලූ 1 ට 111 (රිෂාන් කාවිංග 41, සුලාන් ජයවර්ධන නොදැවී 23, ලක්‍ෂිත මධුෂාන් නොදැවී 43)