කාල්ටන් කුසලාන පැසිපන්දු තරගමාලාවේ ‘ඒ’ කොටසේ අවසන් මහා තරගයෙන් හම්බන්තොට පැසිපන්දු පිල පරදවා ලකුණු 51-50 ක තියුණු ජයක් ලබාගත් කොළඹ පැසිපන්දු ක‍්‍රීඩකයෝ ශූරතාව දිනා ගැනීමට සමත්වුහ. තරගාවලියේ අවසන් තරග පෙරේදා (24) කොළඹ හෙන්රි පේද්‍රිස් පැසිපන්දු ක‍්‍රීඩා සංකීර්ණයේදී පැවැත්විණ.
ජයග‍්‍රාහී කොළඹ පිල රුපියල් ලක්ෂ 2 ක මුදල් ත්‍යාගය සමග කාල්ටන් කුසලානය හිමි කරගත් අතර හම්බන්තොට පිලට රුපියල් 100,000 ක මුදල් ත්‍යාගයක් සමග කුසලානය පිරිනැමිණ.
කොඩුකාර හම්බන්තොට පැසිපන්දු ක‍්‍රීඩකයෝ ජාතික කණ්ඩායමේ ක‍්‍රීඩකයන් කිහිප දෙනකුගෙන්ම සැදුම්ලත් කොළඹ පැසිපන්දු පිලට තරගයේ අවසන් මොහොත දක්වා තියුණු තරගයක් ලබාදුන්හ. එහි ප‍්‍රතිඵලයක් ලෙස කොළඹ පැසිපන්දු පිල තරගය ජය ගත්තේ එක ලකුණකිනි.
තරගයේ පළමු අර්ධය අවසානයේ අත්දැකීම්වලින් සන්නද්ධ කොළඹ ක‍්‍රීඩකයෝ ලකුණු 30-23 ක් ලෙස ඉදිරියෙන් සිටීමට සමත්වුහ. එනමුත් දෙවැනි අර්ධයේදී ලකුණු සම කිරීමට පවා හම්බන්තොට පිල සමත්විය.
රොෂාන් රන්දිම (16), ප‍්‍රනීත් උඩුගම්පොළ (11), හර්ෂදේව යසරත්න (10) සහ සංජීව කළුමිණ (10) කොළඹ පිලේ ජයග‍්‍රාහී ලකුණු ලාභියෝ වුහ. මිතිල අබේනායක (10) හම්බන්තොට පිලේ වැඩිම ලකුණු ලාභියා විය.
හර්ෂදේව යසරත්නගේ නායකත්වයෙන් යුත් කොළඹ පිලේ පුහුණුකරු ලෙස ජාතික පැසිපන්දු පුහුණුකරු අජිත් කුරුප්පු මහතා කටයුතු කළේය.
කොළඹ ජාත්‍යන්තර පාසල පරදවා මොරටුව පැසිපන්දු පිල (ලකුණු 60-55) ‘බී’ කොටසේ ශූරතාව දිනා ගත්තේය.
වයස 14 න් පහළ පාසල් තරගාවලියේ බාලක ශූරතාව දිනා ගැනීම කොළඹ රාජකීය විදුහල සමත්විය. රාජකීයයෝ අවසන් තරගයේදී මරදාන ශාන්ත ජෝශප් විදුහල ලකුණු 24-22 කින් පරාජය කළහ. බාලිකා අවසන් තරගයේ නුගේගොඩ ශාන්ත ජෝශප් බාලිකා විදුහල පරදවා ලයිසියම් ජාත්‍යන්තර පාසල ලකුණු 20-12 ක ජයක් ලැබීය.
තාරණ්‍යයට හෙටක් සංවිධානය සහ හම්බන්තොට පැසිපන්දු ක‍්‍රීඩා සමාජය එක්ව තරගාවලිය සංවිධානය කෙරිණ.
ක‍්‍රීඩා ඇමැති මහින්දානන්ද අලූත්ගමගේ, පාර්ලිමේන්තු මන්ත‍්‍රී නාමල් රාජපක්‍ෂ සහ මධ්‍යම පළාත් මහ ඇමැති සරත් ඒකනායක යන මහත්වරුන්ගේ ප‍්‍රධානත්වයෙන් ත්‍යාග ප‍්‍රදානෝත්සවය පැවැත්විණ.
1
“නැවෙන් කටට” දැන් හරහට
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd