රේගුවට නොදන්වා ඇමෙරිකා ඩොලර් 22000ක් හෙවත් රුපියල් තිස් ලක්ෂයක් සාක්කුවල දමාගෙන මාලදිවයින් යන්නට ආ හලාවත හා බොරැල්ලේ කරවල වෙළෙඳුන් දෙදෙනෙකුගේ එම මුදල් රාජසන්තක කළ රේගුව තරයේ අවවාද කර ඔවුන් මුදා හැරියේ ය.
ගුවන්යානයට නැගීමට ඔන්න මෙන්න කියා තිබියදී ඔවුහු අත්අඩංගුවට ගනු ලැබූහ. නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂවරුන් වන ස්ටැන්ලි සේනාරත්න හා එ එච් සුනිල් අධිකාරී මහත්වරු පරීක්ෂණ පැවැත්වූහ.
1
මෙට්‍රො බස් සේවාව සහ ප්‍රවාහන ප්‍රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් මේ සල්ලි ටික යන්නේ කොහාටද? (නි)
අයියෝ සල්ලි
ගෙනියන්න පුළුවන් ගාන කිවුවොත් හොද්ද බොර කරගන්නේ කොහොමද? (නි)
අයියෝ සල්ලි
කෙනෙක් පිටරටකට යද්දී ඇමෙරිකන් ඩොලර් 5000කට වැඩිය රැගෙන යා නොහැකියි. (නි)
අපේ රටේ ලොකුම හොරු.... (නි)
ඒක වැරදියි. පවු ඒ මිනිස්සු. (නි)
මේ සල්ලි ඇමතිවරයෙකුගේ සාක්කුවෙ තිබුණා නම්....? (නි)
මේ ලස්සනට හිනාවෙලා ඉන්න කට්ටිය කෝටිපතියන්. (ස)
ලොකු දෙයක් කරලා. නල්ලම රේ. (නි)
මම දන්නේ නැති නිසා අහන්නේ,මෙතෙක් කාලෙකට රේගුව විසින් සෑහෙන්න වටිනාකමකින් යුක්ත දේවල් අල්ලනවා. මේ සල්ලි කොහාටද යන්නේ? මේවා රටේ සංවර්ධනයට යොදවනවා නම් විනිවිද භාවයක් තියෙනවද? (නි)
විදෙස් ගමණක් යද්දී ගෙනියා හැකි, නොහැකි දේවල්, අත්බෑගලයේ නොගෙනිය යුතු දේවල් ගැන ජනතාව දැනුවත් කරන්න. උගත් අයවත් මේවා ගැන හරි හැටි දන්නේ නෑ. (ත)
මේ වගේ ඒවා නම් අල්ලයි. (නි)
මිනිසුන් මේ සම්බන්ධව දැනුවත් කළ යුතුයි. (නි)
අර මැද ඉන්න කෙනා හැම ෆොටෝ එකේම ඉන්නවනේ අනේ (ස)
ඇයි යනකොට කතා කර ගත්ත කෙනා හිටියේ නැද්ද දන්නෙ නැහැ? ලංකාවේ රේගුවේ ඉන්න පගා කාරයෝ අල්ලන්න පුළුවන් ජගතෙක් ඉන්නවා නම් මට කියන්න. මමත් සිංගප්පූරුවේ ව්‍යාපාර කරන්නේ. මම ගාවත් ඔය පගාකාරයෝ ගැන ගොඩාක් විස්තර තියනවා. අඩු තරමේ රජයට බදු මුදල් යනවා නම් අපි කැමැතියි. (නි)
රු. තිස්ලක්‍ෂයක කරවල ගේන සල්ලි වලින් බෝට්ටු හදලා දුන්නා නම් අපේ ධීවරයො මෙහෙ මාලූ අල්ලලා කරවලත් හදලා තමන්ගේ දරු පවුලූත් නඩත්තු කරලා පිටරටට යන සල්ලිත් ඉතුරු කරගන්න පුළුවන්. රාජසන්තක කරන මුදල් මකර කටට නොයවා.................හ්ම්... (නි)
නියමයි. ඉදිරියටම යන්න. (නි)
එහෙනම් කීයක්ද කෙනෙකුට ගෙනියන්න පුළුවන්.?
රේගු මහත්වරුනේ, ඔයාලා අල්ලපු සේරම සල්ලි කොහෙටද යන්නේ? කාටද දෙන්නේ, රජයට ද? (ත)
මන්නාරමට ගියානම් කරවල ගන්න තිබ්බා. වැඩි තන්හාව, අපරාදෙ සල්ලි ටික. (ත)