දකුණු කොරියාවේ රැඳී සිටිමේ කාලය දීර්ඝ කර ගැනීමේ උපක්‍රමයක් වශයෙන් ශ්‍රී ලංකා, නේපාල හා බුරුම ජාතිකයෝ 21 දෙනෙක් පිටුවහල් කිරීමේ නියෝගයට එරෙහිව සරණාගතයන් ලෙස ඇපෑලක් ඉදිරිපත් කර ඇතැයි එරට මාධ්‍යය කියයි.
එම ඇපෑල ඉදිරිපත් කළ පසු වසරක් දෙකක් එරට රැඳී සිටීමට ඉඩකඩ ලැබේ.
මෙම නීතියෙන් බොහෝ දෙනෙකු අයුතු ප්‍රයෝජන ගන්නා බව කොරියා රජය කියයි.
1997 දී 12 දෙනකු සරණාගත තත්ත්වය පැතූ අතර 2004 දී සියයක් ද, 2011 දී දහසක් ද සරණාගත තත්ත්වය පතා ඇත.
මෙසේ සරණාගත තත්ත්වය පතන බොහෝ දෙනා කියනුයේ සරණාගත තත්ත්වය ප්‍රතික්ෂේප වූ අවස්ථාවන්හිදී උසාවි නොයන බවයි.
ඊට හේතුව වශයෙන් ඔවුන් දක්වනුයේ ඒ වන විට ඕනෑතරම් මුදල් උපයාගෙන ඇති නිසා පිටුවහල් කිරීමට එකඟ වන බවයි.
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප
කොරියාවෙ හොරෙන් ඉන්න ක්‍රමයක් හොයා ගනී
සමන් Thursday, 27 December 2012 05:25 AM
ඉස්සෙල්ලා කරපු සෙල්ලම් දැන් හරියන්නෙ නැහැ. අපේ රට පාවාදෙන්නන්ට අපි කරනවා හොද වැඩක්. (නි)
නිත්‍යා Friday, 28 December 2012 03:55 PM
තමන්ට නියමිත කාලය අවසන් වූ පසු නීත්‍යානුකූල ක්‍රමයට නැවත යනවනම් රටේ නමට කැලලකුත් නෑ තමන්ට කරදරයකුත් නෑ ඒ රටේ බලධාරීන්ට කරදරයකුත් නෑනේ (ස)
ලුම්බිණි Thursday, 27 December 2012 09:31 AM
තමන්ගේ ආත්මය හරි විකුණලා කීයක් හරි හම්බ කරගන්න පුළුවන් නම් ඒකත් කරන මිනිසුන් තමයි අද සමාජයේ දකින්න ලැබෙන්නේ. (නි)
සම්පත් Thursday, 27 December 2012 06:33 PM
අයියෝ සල්ලි
රිස්වාන්-සෞදි Wednesday, 26 December 2012 08:22 PM
අනෙක් රටවල ඉන්න කට්ටියත් මේක තමා කරන්නේ. මමත් හොන්කොන් වල මේක තමයි කළේ. (නි)