දකුණු කොරියාවේ රැඳී සිටිමේ කාලය දීර්ඝ කර ගැනීමේ උපක්‍රමයක් වශයෙන් ශ්‍රී ලංකා, නේපාල හා බුරුම ජාතිකයෝ 21 දෙනෙක් පිටුවහල් කිරීමේ නියෝගයට එරෙහිව සරණාගතයන් ලෙස ඇපෑලක් ඉදිරිපත් කර ඇතැයි එරට මාධ්‍යය කියයි.
එම ඇපෑල ඉදිරිපත් කළ පසු වසරක් දෙකක් එරට රැඳී සිටීමට ඉඩකඩ ලැබේ.
මෙම නීතියෙන් බොහෝ දෙනෙකු අයුතු ප්‍රයෝජන ගන්නා බව කොරියා රජය කියයි.
1997 දී 12 දෙනකු සරණාගත තත්ත්වය පැතූ අතර 2004 දී සියයක් ද, 2011 දී දහසක් ද සරණාගත තත්ත්වය පතා ඇත.
මෙසේ සරණාගත තත්ත්වය පතන බොහෝ දෙනා කියනුයේ සරණාගත තත්ත්වය ප්‍රතික්ෂේප වූ අවස්ථාවන්හිදී උසාවි නොයන බවයි.
ඊට හේතුව වශයෙන් ඔවුන් දක්වනුයේ ඒ වන විට ඕනෑතරම් මුදල් උපයාගෙන ඇති නිසා පිටුවහල් කිරීමට එකඟ වන බවයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉස්සෙල්ලා කරපු සෙල්ලම් දැන් හරියන්නෙ නැහැ. අපේ රට පාවාදෙන්නන්ට අපි කරනවා හොද වැඩක්. (නි)
තමන්ට නියමිත කාලය අවසන් වූ පසු නීත්‍යානුකූල ක්‍රමයට නැවත යනවනම් රටේ නමට කැලලකුත් නෑ තමන්ට කරදරයකුත් නෑ ඒ රටේ බලධාරීන්ට කරදරයකුත් නෑනේ (ස)
තමන්ගේ ආත්මය හරි විකුණලා කීයක් හරි හම්බ කරගන්න පුළුවන් නම් ඒකත් කරන මිනිසුන් තමයි අද සමාජයේ දකින්න ලැබෙන්නේ. (නි)
අයියෝ සල්ලි
අනෙක් රටවල ඉන්න කට්ටියත් මේක තමා කරන්නේ. මමත් හොන්කොන් වල මේක තමයි කළේ. (නි)