කොරියාවේදී දැන් පැවැත්වෙන කොරියානු විවෘත ග්‍රෝන් ප‍්‍රී බැඞ්මින්ටන් තරගාවලියට සහභාගිවී සිටින ශ්‍රී ලංකා බැඞ්මින්ටන් ශූර නිලූක කරුණාරත්න පිරිමි කේවළ ඉසව්වේ අර්ධ අවසන් පුර්ව වටයට සුදුසුකම් ලබා ගැනීමට සමත්ව සිටියි.
නිලූක පළමු තරගයේදී සත්කාරක කොරියාවේ මින් කී කිම් පරදවා 21/18, 21/11 ක් ලෙස පහසු ජයක් ලැබීය. ඉන්දුනීසියානු ක‍්‍රීඩක විස්නු යාලි ප‍්‍රියෙස්ටෝ 21/16, 21/14 කින් පරාජය කළ නිලූක එම ජයග‍්‍රහණයත් සමග අර්ධ අවසන් පුර්ව වටයට සුදුසුකම් ලබා ගත්තේය.
අර්ධ අවසන් පුර්ව වටයේදී සිංගප්පුරු ක‍්‍රීඩක සී ලින්ග් වොන්ග් සමග තරග වැදීමට නිලූක සුදානමින් සිටියි. වත්මන් ලෝක බැඞ්මින්ටන් ශ්‍රේණිගත කිරීම් අනුව ක‍්‍රීඩකයන් අතර 40 වැනි ස්ථානයේ සිටින නිලූක එහි 36 වැනි ස්ථානයේද කලක් පසුවිය.
1
කිඹුලාඇළ ගුණාට යනඑන මං නැතිකළ පොලිස් ප්‍රහාරය
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔබට ජය කොල්ලෝ (ස)