කාර්මික විදුහල් 25 ක් යුනිවර්සිටි කොලේජ් නමින් වෘත්තීය පුහුණු උපාධිය සදහා පිහිටැවීමේ ගිවිසුමට අද (09) අත්සන් තැබිය.
සෞඛ්‍ය අමාත්‍ය මෛත්‍රීපාල සිරිසේන, යෞවන කටයුතු හා නිපුණතා සංවර්ධන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහත්වරුන් ආරාධිතයෝය.
යෞවන හා නිපුණතා සංවර්ධන අමාත්‍යංශයේ ලේකම් කේ .ඒ තිලකරත්න සහ ශ්‍රී ජයවර්ධනපුර මහ රෝහලේ සභාපති එම් .ඩබ්ලිව්. එන්. ඩී බණ්ඩාර යන මහත්වරු ඊට අත්සන් කළහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇති යන්තම් දැන්වත් මොලේ පෑදුනා. බොහොම ඉස්සර මේ දේ කරන්න තිබුනේ. (නදී)
වැඩකට නැති කලා උපාධි ගොඩගහනවට වඩා මේක මරු (නි)
එන්.ඩී.අයි.සී.ටී. සහතිකය ඇති ළමයෙකුට යුනිවර්සිටි කොලේජ් එකේ උපාධිය කරන්න පුලුවන්ද ? මම දන්නා විදියට එහෙම උපාධිය දුන්නොත් එක එන්.වී.කියු. ලෙවල් 7 වෙනවා. ඒ ගැන සම්පුර්ණ විස්තරයක් ලංකාදීප හරහා හෝ වෙන යම් විදියකින් මට ලබා ගන්න පුලුවන්ද ?ලොකු උදව්වක් වෙයි මට.බොහොම තුති ලංකාදීප මේ ගැන දැනුවත් කළාට. (නි)
මම පිටරට වැඩ කරන්නේ. මේ තාක්ෂනික උපාධියේ තියෙන වටිනාකම අපි හොදට දන්නවා. වැඩි පඩි ගන්න රස්සාවකට පිටරට යන්න මේ වගේ උපාධියක් අනිවාර්යයි. ඉන්දියානු, පාක්ස්ථාන,බංග්ලාදේශ් ඉහල පඩි ගන්න වැඩි දෙනෙකුට තාක්ෂනික උපාධි තියෙනවා.(නදී)
අද රට තුල තියන විශ්වවිද්‍යාල වල ඉඩකඩ මදිකම නිසා දක්ෂ සිසුන් රාශියකට ඉංජිනේරුවකු වීමේ අවස්ථාව අහිමි වෙනවා. එනිසාම රටේ කාරිමික සංවර්දනයට අවශ්‍ය මිනිස් බලය අඩු වෙනවා. ඒකනිසා නවීන තාක්ෂනය සමගම කාර්මික ආයතන විශ්වවිද්‍යාල කොලිජි බවට පත්කිරීම ඉතාමත් හොඳ දෙයක්. මුදලට අධයාපනය විකුණගෙන කන කඩ වලට පහරක්. ගුණාත්මක භාවය වැඩිකරගෙන මෙම ක්‍රමවේදය සාර්ථක කරගැනීමට මේ සඳහා ගොඩක් උත්සහ දැරුවේ ඩලස් ඇමතිතුමා බව පුද්ගලිකව දන්නවා. මෙම වැඩපිළිවල සාර්ථක කරගැනීමට ඔබ සැමට හැකිවෙවා. (නදී)
මේක ඉතාම යහපත් වැඩක්. මෙයට මූලික උන සියලුම දෙනාට මගේ ස්තුතිය පුදකරනවා. සිල්වා මහත්තයෝ, මේ පිළිබඳව මැදහත් සිතින් බලන්න. සමස්තයක් වශයෙන් විශ්ව විද්යාලකට ඇතුලත්කරගන්න දරුවන්ගේ අධ්‍යාපන මට්ටම ඉහල උනත් අපේ රටේ දිස්ත්රික්ක ක්‍රමය අනුව ඉහල අධ්‍යාපන මට්ටමේ දරුවන් ගෙදර සිටිද්දී අඩු අධ්‍යාපන මට්ටමේ දරුවන් විශ්ව විද්යාලකට ඇතුලත් කරගන්නවා. අනෙක විශ්ව විද්යාලවල හැමදාම ප්‍රශ්න නිසා සමහර ඉහල අධ්‍යාපන මට්ටමේ දරුවන් උසස් අධ්‍යාපනය සඳහා වෙනත් උසස් අධ්‍යාපන ආයතන තෝරාගන්නවා. මේ තත්වය යටතේ මේ දක්ෂ දරුවන්ට උපාධියක් ලබාගැනීමට සුදුසුකමක් හෝ හිමිකමක් නැතිද? ඔබ වැනි අය ඇස් ඇර බැලිය යුත්තේ,කලබල විය යුත්තේ වැස්සකටවත් උසස් අධ්‍යාපන ආයතනයකට ගොඩනොවුන අයට ආචාර්ය උපාධි පිරිනැමීම ගැනයි. (නදී)
වැඩේ හොදයි. ඕවා හදනකොට මාටියා ගහන්නෙ නැතුව හරියට හදලා පටන්ගත්තොත් හොදයි. අනික් ප්‍රශ්නේ ඕකට ඇතුල් වෙන එකනේ (නි)
ඉතමත් හොඳ තීරණයක්. මේවට සම හරක් ලෙඩ දාන්ඩ උත්සාහ කරයි. ඒත් කොහොම හරි කෙරුවොත් අපේ කට්ටිය ගොඩ. (නි)
මේකෙන් දැන් වෙන්නේ කාර්මික විද්‍යාලවල නම පුවරුවේ 'යුනිවසිටි කොලේජ්' ලෙස නම මාරු වීම පමණද?(නදී)
කොල්ලෝ ඔය වැඩ ගොඩක් පරක්කුයි. වෙන වැඩත් උගන්වන්න. මෙහෙ ඕනෑතරම් වැඩ තියනවා.(නදී)
අපි රටේ ඉන්දැද්දී නොතිබුණු අවස්ථාවක්.ජාත්‍යන්තරව පිළිගත හැකි 21 වැනි සියවසට අනුචිත ක්‍රමවේදයක් ගැබ් වුනොත් වඩාත් සාර්ථක වේවි. (නි)
ඉතාම හොඳ වැඩක්. කාලීන අවශ්‍යතාවයක්.(නදී)
මෙය වසර 25 පෙර කල යුතුව තිබු දෙයකි. (නදී)
නිපුණතා සංවර්ධනය විය යුත්තේ නවීන තාක්‍ෂණය සමඟ නව ලොවට ගැලපෙන පරිද්දෙන්. ඒත් අපේ කාර්මික විද්‍යාලවල තවම ඒ පහසුකම් නැහැ. එහෙම වෙනකොට විදේශීය ශ්‍රම වෙළඳ පොලේදී අපිව කොන් වෙනවා වගේම අඩු පඩියට වැඩ කරන්නත් වෙනවා. (නි)
ඉතාම හොඳ වැඩක්. එක මහත්තයෙක් කිව්වා වගේ මේවා පටන් ගන්න තිබුනේ මිට ගොඩක් ඉස්සර. මම මොරටුව විශ්ව විද්‍යාලයෙන් යාන්ත්‍රික ඉංජිනේරු උපාධිය ලබා දැනට මැද පෙරදිග සේවය කරන ඉංජිනේරුවරයෙක්. මම දැකපු දෙයක් තමයි මෙහෙ ගොඩක් දක්ෂ ලංකාවේ අය වැඩ කරනවා. නමුත් තමන්ගේ ක්ෂේස්ත්‍රයේ ඉදිරියට යන්න ඔවුන්ට සහතික පත්‍ර සුදුසුකම් නැහැ. එමෙන්ම මෙවැනි වැඩ පිළිවෙලක් මගින් දැනට වල් වදිමින් පවතින තරුණ පරපුරට අරමුණක්, දෙපයින් නැගීමට ශක්තියක් වගේම වගකීම් සහිත පුරවැසියෙක් විදිහට සිතීමේ හැකියාවත් ලැබෙනවා. එය රටේ දියුණුවට අනිවාර්ය රුකුලක් වෙනවා. හැබැයි ඒ හැමදේම වෙන්න මෙම තාක්ෂණික උපාධිය එයට සරිලන ගුණාත්මක බවින් පරිපුර්ණ වෙන්න ඕනෑ. එහෙම නැතුව කාර්මික විද්‍යාල වල බෝර්ඩ් ලෑල්ල විතරක් වෙනස් කරලා ඒවාට වෙන් කරන ප්‍රතිපාදන යටි මඩි ගැහුවොත් මේක තවත් එක් අසාර්ථක ව්‍යාපෘතියක් පමණක් වෙයි. (නි)
දැන් ඔය කොලීජිය පිහිටුවන්නේ කොහේද එතකොට? (නි)
සිල්වා හැර අනිත් හැමෝටම මොලේ තියනවා (නි)
කාර්මික විද්‍යාල සහ විශ්ව විද්‍යාල අතර වෙනස තේරුම්ගත යුතුයි නේද? (නි)
සිල්වා මහත්තයා වගේ තව ටික දෙනෙක් රට තුල හිටියා නම් තරුණ ජනතාව කැරලි ඇති කරනාව වගේම රටට වින්නැහියක් වෙනවා. එම නිසා මේවගේ වැඩ දැක්කම දිරිමත් කර රටට ලැබෙන යෝජනා වැඩිකර උපහාරයක්වත් වෙන්න. වැරදී දෙයක් දැක්කම හොදට විරුද්ධ වෙන්න. මම විශේෂයෙන්ම මේ වගේ දේවල් වලට උපහාර කරමි. ජයවේවා කාර්මික අධ්‍යාපනයට! (නි)
පලවෙනි පන්තියේ වෘතීය පුහුණු මධයස්ථාන හැටියට එදා සිට තිබුනේ කටුබැද්ද, අම්පාරේ හාඩි, ,මරදාන ටෙක්නිකල්, අනෙක් කාර්මික පාසැල් වගේම ජාතික ආදුනිකත්ව මණ්ඩලයේ සේවයද අගයකල යුතුයි. නයිටා ආයතනයේ සේවය මන්දගාමී උනත් ලොකු සේවයක් ඉටුකර තිබෙනවා. කෙසේ වෙතත් මේ සියල්ල විශ්ව විද්‍යාල මට්ටමට ගෙන ඒමට ගත් උත්සාහයට ඇමති තුමාටත් රජයටත් පැසසුම් කලයුතු කාරණයක්.(නදී)
උපාධියත් බාල්දු කරන වැඩක්. එහෙම නමි ඉස්කොලේදිම උපාධිය ගන්න දුන්න නමි ඉවරයි.(නදී)
දැන් ඉංජිනේරු හා දොස්තර ආදී අනෙකුත් කුහක උපාධි සංගම් මේකට 'බාල්දි' දාන්න හදාවි. (නි)
සතුටුයි මෙහෙම දේකට අත ගැහුව එක. (නි)
මෙලෝ දැනුමක් නැති ඉන්දියන් ඉංජිනේරුවො පිටරට (විශේෂයෙන් මැද පෙරදිග) එන්නෙ උපාධි අරගෙන එයාලගේ රාජ්‍ය විශ්ව විද්‍යාල කඩවලින්. එහෙම බලද්දි අපෙ රටේ එන්.සී.ටී. කරපු කෙනෙක්ගෙ තියෙනවා පුදුම දැනුමක්. ඒ දැනුමට ඉංගිරිසි භාෂාවත් ටිකක් ආවා නම් නියම ඉංජිනේරුවෙක්. අන්න ඒ වගේ දෙයක් තමා කරන්න ඕනෑ. මේ කරන වැඩෙන් එහෙම වෙනවා නම් නියමයි. මේව දිහා කුහකත්වයෙන් බලන්න එපා. උගන් දරුවන්ට ලෝකෙට මූන දෙන්න මේවා අවශ්‍යයයි. (නි)
ඉතා හොද වැඩක්. එසේම මෙවන් ක්‍ෂෙත්‍ර වල වසර ගණනාවක් පලපුරුදු වෘත්තිකයන්ට පලපුරුද්ද මත පශ්චාත් උපාධි තත්ත්වය ලබාගැනීමට ද ක්‍රමවේදයක් ඉදිරියේදී සකස් කරන්නේ නම් මැනවි (නි)
අම්පාර හාඩි එකත් කරනවානම් හොදයි. ගොඩක් වටිනවා (නි)
මේ 2013.... දැන්ද ඔය දොර අරින්නේ? මෙච්චර දවසක් වහලා තිබුනා? වෙන්න බැහැ. ලොව උතුම්ම රටේ කොහොමද එහෙම වෙන්නේ? (නි)
අධ්‍යාපන අමාත්‍යංශයේ සම්බන්ධයක් නැත්ද?(නදී)
ඔව් ඉතාම හොද වැඩක්. නමුත් ඔය උපාධියේ ගුණාත්මක කම වැඩි කල යුතුයි. නවීන තාක්ෂනය උපයෝගී කරගන්න ඕනේ. ලෝකෝ තියෙන අනෙක් තාක්ෂණ ආයතන වල සහාය ලබා ගන්න ඕනේ. ඒ වගේම මෙයින් පිටවන විට ලංකාවේ රැකියා අවස්ථා ඇති කරන්න ඕනේ. නැත්නම් මේ ඔක්කොම යන්නේ අනෙක් රටවල රැකියා පුරප්පාඩු පියවන්න.(නදී)
අවුරුදු 25 කට පෙර කරන්න තිබුන දෙයක්. ඇති යන්තම් දැන්වත් කාට කාට හරි බුද්ධිය පහළවීම. මේකටත් පෙළපාලි යන්නට කොටසක් බලාගෙන ඇති. තවත් ලංකාවේ මේ සමගම කලයුතු දෙයක් තිබෙනවා. හෙද හෙදියන්ට උපාධියක් ලබාගතහැකි ලෙස කටයුතු කිරීම. දොස්තරවරු විරුද්ධවේවි. එහෙම උනත් තවත් අවුරුදු 10-15 නොසිට එයත් කරන්නට කාට හෝ ශක්තිය ලැබේවා ! (නදී)