IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


කුරුඳු නිෂ්පාදනයට ඇමැතිගෙන් තල්ලුවක්

කුරුඳු නිෂ්පාදනවලට ලෝක වෙළඳපොළේ ඉහළ ඉල්ලුමක් ඇති කිරීම අරමුණු කර ගනිමින් මෙරට කුරුඳු නිෂ්පාදකයින්ට ගුණාත්මක පුහුණුවක් ලබා දීමට කටයුතු කරන බව ප්‍රාථමික කර්මාන්ත අමාත්‍ය දයා ගමගේ මහතා පැවසීය.

කුරුඳු අපනයනකරුවන්ට ලෝක වෙළඳපොළේ වැඩි මිලක් ගත හැකි පරිදි රජය මැදිහත්වී ප්‍රමිති සහතිකයක් ලබා දීමට ද යන බව ඔහු කීවේය.

මේ අතර, අද පෙරවරුවේ අමාත්‍ය දයා ගමගේ මහතා අම්බලන්ගොඩ, රන්දොඹේ පිහිටි කුරුඳු නිෂ්පාදන කර්මාන්ත ශාලාවක් නිරීක්ෂණයට ද සහභාගී විය. ජාත්‍යන්තර වෙළඳපොළ තුළ ඉහළ ඉල්ලූමක් ඇති වන පරිදි උසස් තත්ත්වයෙන් යුතු කුරුඳු නිෂ්පාදන අපනයනය කිරීමේ දී අනුගමනය කළ යුතු ප්‍රමිතීන් ප්‍රායෝගිකව පවත්වාගෙන යාම සම්බන්ධයෙන් මෙහිදී අමාත්‍යවරයා අවධානය යොමු කළේය.

 



අදහස් (0)

කුරුඳු නිෂ්පාදනයට ඇමැතිගෙන් තල්ලුවක්

තිලක්-ඩුබායි Friday, 13 November 2015 03:35 AM

ලංකාවේ කුරුඳු වලට තිබෙන්නේ හොඳ ඉල්ලුමක්. මිලෙන් වැඩියි.(ඉන්දියාවේ කුරුඳු වල සැර අඩුයි). (නි)

:       0       0

තිලක්-ඩුබායි Friday, 13 November 2015 04:03 AM

මගේ වත්තේ කුරුඳු පැල 7-8 තිබෙනවා. මම ලංකාවෙන් එනකොට මාස 6 කට ඇතිවෙන්න මගේ කුරුඳු ගස් වලින්ම කුරුඳු ගෙනෙන්නේ ලංකාවේ කුරුඳු මෙරට වෙළඳපොලේ නොමැති නිසයි. (නි)

:       0       0

අමල් Thursday, 12 November 2015 11:01 AM

හොඳ වැඩක්. (ර)

:       0       0

තිලක්-ඩුබායි Friday, 13 November 2015 03:30 AM

ලෝකයේ හොඳම කුරුඳු තිබෙන්නේ ලංකාවේ කිවුවොත් ඔබ පුදුම වෙනවා ඇති. එයයි සත්‍යය. (නි)

:       0       0

තිලක්-ඩුබායි Friday, 13 November 2015 03:29 AM

ලංකාවේ වැවෙන කුරුඳු වලට ජාත්‍යන්තර වෙළඳපොළ තුළ ඉහළ ඉල්ලූමක් තිබෙනවා. ඒ රසයෙන්,සැර ගතියෙන් සහ ඖෂධීය ගුණයෙන් සුපිරිම කුරුඳු තිබෙන්නේ ලංකාවේ නිසයි. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 487 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 256 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1050 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site