කුරුඳු නිෂ්පාදනවලට ලෝක වෙළඳපොළේ ඉහළ ඉල්ලුමක් ඇති කිරීම අරමුණු කර ගනිමින් මෙරට කුරුඳු නිෂ්පාදකයින්ට ගුණාත්මක පුහුණුවක් ලබා දීමට කටයුතු කරන බව ප්‍රාථමික කර්මාන්ත අමාත්‍ය දයා ගමගේ මහතා පැවසීය.
කුරුඳු අපනයනකරුවන්ට ලෝක වෙළඳපොළේ වැඩි මිලක් ගත හැකි පරිදි රජය මැදිහත්වී ප්‍රමිති සහතිකයක් ලබා දීමට ද යන බව ඔහු කීවේය.
මේ අතර, අද පෙරවරුවේ අමාත්‍ය දයා ගමගේ මහතා අම්බලන්ගොඩ, රන්දොඹේ පිහිටි කුරුඳු නිෂ්පාදන කර්මාන්ත ශාලාවක් නිරීක්ෂණයට ද සහභාගී විය. ජාත්‍යන්තර වෙළඳපොළ තුළ ඉහළ ඉල්ලූමක් ඇති වන පරිදි උසස් තත්ත්වයෙන් යුතු කුරුඳු නිෂ්පාදන අපනයනය කිරීමේ දී අනුගමනය කළ යුතු ප්‍රමිතීන් ප්‍රායෝගිකව පවත්වාගෙන යාම සම්බන්ධයෙන් මෙහිදී අමාත්‍යවරයා අවධානය යොමු කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකාවේ කුරුඳු වලට තිබෙන්නේ හොඳ ඉල්ලුමක්. මිලෙන් වැඩියි.(ඉන්දියාවේ කුරුඳු වල සැර අඩුයි). (නි)
මගේ වත්තේ කුරුඳු පැල 7-8 තිබෙනවා. මම ලංකාවෙන් එනකොට මාස 6 කට ඇතිවෙන්න මගේ කුරුඳු ගස් වලින්ම කුරුඳු ගෙනෙන්නේ ලංකාවේ කුරුඳු මෙරට වෙළඳපොලේ නොමැති නිසයි. (නි)
හොඳ වැඩක්. (ර)
ලෝකයේ හොඳම කුරුඳු තිබෙන්නේ ලංකාවේ කිවුවොත් ඔබ පුදුම වෙනවා ඇති. එයයි සත්‍යය. (නි)
ලංකාවේ වැවෙන කුරුඳු වලට ජාත්‍යන්තර වෙළඳපොළ තුළ ඉහළ ඉල්ලූමක් තිබෙනවා. ඒ රසයෙන්,සැර ගතියෙන් සහ ඖෂධීය ගුණයෙන් සුපිරිම කුරුඳු තිබෙන්නේ ලංකාවේ නිසයි. (නි)