කුරුණෑගල වෙන්නරුව වැවෙන් ජලය ගෙන යන ප්‍රධාන ඇළේ පැති බැම්ම කැඩී යාමෙන් කැරුණෑගල රෝහලේ බිම් මහලේ වාට්ටු රැසකට ගංවතුර ගලා ආ බව රෝහල් කියයි.
ගැබිණි වාට්ටුව, ළමා වාට්ටුව, අක්ෂි ඒකකය, ශල්‍යාගාරය, තැලසීමියා ජාතික මධ්‍යස්ථානයේ පහත මාලය, වකුගඩු ඒකකය ඇතුළු වාට්ටු රැසක් ජලයෙන් යවූ බව රෝහල් ආරංචි මාර්ග කියයි.
හදිසි රෝගීන් ආසන්නයේ ඇති වෙනත් රෝහල්වටල ද එම රෝහලේ ඉහළ මාලවලට ද බරපතල නොවන රෝගීන් නිවෙස්වලට ද යැවූ බව රෝහලේ නියෝජ්‍ය වෛද්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය දේදුණු ඩයස් මහතා පවසයි. රෝහලේ සියලු සැත්කම් නැවත දැනුම් දෙන තුරු නතර කර ඇත. රෝහලේ උඩ මහල්වල රෝගීන්ට ප්‍රශ්නයක් නැත.





1
මෙට්‍රො බස් සේවාව සහ ප්‍රවාහන ප්‍රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කිසිවෙකුට හෝ කරදරයක් නොවේවා කියලා අපි පතමු. (නි)
නමෝ බුද්ධාය සියලු සත්වයෝ සුවපත් වෙත්වා (ස)
රෝගීන් සියලු දෙනාට දෙවි පිහිටයි (ස)
පුද්ගලික රෝහල් වලට ගංවතුර නැද්ද? (නි)
කාලෙන් කාලෙට බැමි අලුත්වැඩියා කළයුතුයි නේද? (නි)