මේ වසරේදී කී‍්‍රඩා නිලධාරීන් හා පුහුණුකරුවන් බොහෝ පිරිසක් සමාචාර පෙළපාලිවලට ටයිකෝට් පැළඳ එක් නොවූයේ ඔවුන්ගේ වැටුප් ප‍්‍රශ්න මුල්කර ගෙනය. ක‍්‍රීඩා නිලධාරීන්ගේ ගැටළුවලට සාර්ථක විසඳුමක් නොමැති හෙයින්, ඔව්හු විසඳුමක් අපේක්ෂාවෙන් විරෝධය දැක්වීමට ජාතික කී‍්‍රඩා උළෙල අවස්ථාවක් කරගත්හ.
ක‍්‍රීඩා නිලධාරීන් ප‍්‍රකාශ කරන්නේ ඔවුන් කම්කරු සුප්රා වැටුප් ශ්‍රේණියේ සිටින බවයි. 6/2006 චක‍්‍රලේඛය තුළින් මෙම විෂමතාව ඇති වූ බවත් කියැවේ. මෙම වැටුප් විෂමතාව විසඳන්න 38 වන ජාතික ක‍්‍රීඩා උළෙල දක්වාම උත්සාහයක් නොගැනීම නිසා කී‍්‍රඩා නිලධාරීන් එකම අරමුණකට ඒකරාශි වූහ.
එක් එක් පළාත් තුළ වැටුප් තළ විවිධාකාරය. එය එකම වැටුප් තලයකට ගැනීමට සියලූම පළාත් සභාවන්ට එක වැඩපිළිවෙළක් අවශ්‍ය වී තිබේ. සැමට සමව නොසැලකීම මත බෙදීම් ඇති විය හැකිය. වත්මන් නිලධාරීන්ට මතක් කර දිය යුතු කරුණක් වන්නේ කීප දෙනෙකු සැනසීමට ගොස් බොහෝ පිරිසක් අමනාප කර ගන්නා බවයි.
මේ සඳහා විසඳුම් සෙවීමට චක‍්‍රලේඛ හරස් වේ නම් තුනෙන් දෙකක රාජ්‍ය බලයක් සහිත රජයකට මේ පිළිබඳව පාර්ලිමේන්තුවේ පනතක් සම්මත කර අලූතින් නීති සම්පාදනය කළ හැකිය.