එක්සත් ජාතික පක්ෂ නායකත්වයට තරග කිරීමේ තත්ත්වය ඇති නොකර සමගියෙන් රැුස්ව සමගියෙන් විසිරයාමේ ලිච්ඡවි රජ පිළිවෙත අනුව යමින් පක්ෂ නායකත්වය කරු ජයසූරිය මහතාට පවරා විපක්ෂ නායක ධුරයේ සිටින්නැයි මහානායක හිමිවරු සිවු නම ඒකාබද්ධ ලිපියකින් විපක්ෂ නායක රනිල් වික‍්‍රමසිංහ මහතාට සිහිපත් කරති. ප‍්‍රබල විපක්ෂයක අවශ්‍යතාවයක් රටට අවශ්‍ය බවත් නායකත්වය සඳහා පක්ෂය දෙපිල බෙදී තරග කිරීම ආදර්ශමත් කි‍්‍රයාවක් නොවන බවත් තිබ්බටුවාවේ සුමංගල මල්වතු මහ නාහිමි, උඩුගම බුද්ධ රක්ඛිත අස්ගිරි මහා නාහිමි, වේවැල්දෙණියේ මේධාලංකාර ශ්‍රී ලංකා රාමඤ්ඤ නිකායේ මහා නායක හිමි හා දවුල්දෙන ඤාණිස්සර අමරපුර නිකායේ මහා නායක හිමි මේ ලිපියට අත්සන් තබා ඇත්තාහ. මල්වතු විහාරයේ වගකිව යුතු පිරිසක් රැගෙන ආ ලිපියට මහා නායක හිමියන් අත්සන් කළ බව වේවැල්දෙණියේ මේධාලංකාර රාමඤ්ඤ නිකායේ මහා නාහිමියන්ගේ ලේකම් සීතා එළියේ චන්දානන්ද හිමියෝ කීහ. ඒ පිරිස කවුදැයි ඒ හිමියන් හෙළිකළේ නැත.
1
Ceylon Green Life Plantation සමාගම Ceylon ECO Resort ව්‍යාපෘතිය අරඹයි

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රනිල් මහත්තයා වැඩිපුරම කැමති ඇත්තේ විපක්ෂනායකකමට වෙන්න ඇති.
කරු නායකත්වයට..
කාටවත් නායක කම් අරන් දෙන්න මැදිහත් නොවන්න.
කරූ ජයසූරිය මහතා විපක්ෂයේ නායක කමට සුදුසුයි
කරු නායකකමට...
මහා නායක හාමුදුරුවනේ ඉස්සලම යන්ත්‍ර, මන්ත්‍ර, ගුරුකම් කරන හාමුදුරුවො ටික පන්නල දාන්න
අනේ හාමුදුරුවනේ ඕක ඒ ගොල්ලන්ටම බේරගන්න ඉඩ දෙමු...
නායක හාමුදුරුවො කළේ බොහොම හොද වැඩක්