ශිරානි බණ්ඩාරනායක අගවිනිසුරුවරියට එරෙහි දෝෂාභියෝගය විභාග කර ඇය වැරදි කාරිය බවට තීන්දු කළ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවේ සාමාජිකයන් හත් දෙනා ස්වාධීන අය නොවේයැයි මහින්ද රාජපක්ෂ ජනපති ප්‍රකාශ කිරීම ගැන කමිටු සාමාජිකයන් කියන්නේ කිමෙක්දැයි ජනතා විමුක්ති පෙරමුණේ අනුර කුමාර දිසානායක මහතා ප්‍රශ්න කරයි. ‘ඔවුනට ජනපති විසින් අලවා තිබෙන ලේබලය ගැන ඔවුන් දැන් කුමක් කියන්නේද? ඔවුන් පාවාදීමකට ලක්වී තිබේ. අපට ඔවුන් ගැන කණගාටුයි. ඔවුන් දිවා රෑ නොබලා කඩේ ගියා. දෝෂාභියෝගය යළි විමසීමට ස්වාධීන කමිටුවක් පත් කිරීමට යාම දෝෂාභියෝග නාඩගමේ තවත් දිගුවක් පමණයි. ‘
1
“නැවෙන් කටට” දැන් හරහට
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් වෙන වැඩ හිතා ගන්න වත් බැහැ (දී)
ආඩි හත් දෙනාගේ කැද හැළියේ කතාව අපි පුංචි කාලේ ඇහුවා මතකයි. (නි)
එදා පාර්ලිමේන්තුවේදි කිව්වේ අගවිනිසුරුවරිය ගැන හොයන්න ඕන නැහැ කියලා එන්.එස්.බී ගණු දෙනුව ගැන.දැං මොකද ඒ ගැන කතා කරන්නේ... 88/89 වැඩ වගේ තමා මෙයාලා තාම කියවන්නේ..!(නු)
දැන් අපේ නීතිඥ මහත්වරුන්ට තියෙන්නේ කමිටුවේ හත් දෙනාට විරුද්ධව නීතියේ පිහිට පතන එකයි. (නි)
දැන් ඉහළින්ම දෝෂාභියෝගයට ලක්වෙලා තියෙන්නේ කමිටුව... (නි)
දැන් හොදයිද? (නි)
එහෙම නොවෙන්න වගබලා ගන්න ඕනේ (දී)
ඇරඹුමම කදුලක් වෙලා (දී)
අහෝ ඛේදයකි! (නි)
ගහපු පදේකුත් නැහැ බෙරේ පලුවකුත් නැහැ... (නි)
කොරහේ කිඹුලා පෙන්නනවා වගේ වැඩක් නේද මේක? (නි)
නියම කතාව... (නි)
රොහාන්, සරත්, අපිට ඕනෑ සාධාරණ විමර්ශනයක්. (නි)
කොහෙන්හරි කොනක් අල්ලගන්නවා වගෙයි. (නි)
කයිවාරු කාරයින්ට මේවා හොද මාතෘකා වේවි. (නි)
දැන් ඉතිං ඉදීවි කසාය බීපු ගොළුවන් වගේ. (නි)
එක අධිකරණයකින් වැරදිකරු වුණ කෙනෙක් තව අධිකරණයකින් නිවැරදිකරු වෙනවා කියන එකෙන් අදහස් වෙන්නේ මොකක්ද? (නි)
ජනතාවට ඉදිරියේ ලැබෙන්නේ අන්ත පරාජයකි. (නි)
අනුර මහත්තයා හරි. එහි යම් තර්කයක් ඇත. (නි)
ඉදිරියට අපි "අර හත් දෙනාගේ වැඩේ වගෙයි" කියලා කියමනක් හදමු. (නි)
කඩ-යීම් ප්‍රශ්නයක්, දෙන්න බලන්න ලෙස්සලා යන්නේ නැති උත්තරයක්! (නි)
අපිට ආසයි නාඩගම් බලන්න. (නි)
හැම දෙනෙක්ම ටික කාලයකට රවටන්න පුළුවන්. ටික දෙනෙක් හැමදාමත් රවටන්න පුළුවන්. ඒත් හැම දෙනාම හැමදාම රවටන්න බැහැ. ඒකයි දැන් වේගන යන්නේ. (නි)
අත්සන් කළ 117 ජනාධිපතිතුමා හිටියද නෑනේ.. කමිටුවට හිටියද නෑනේ..(නු)
කොහොමත් පාවාදීම්වලට මෙයාලා ප්‍රසිද්ධයිනෙ..!(නු)
ජනතාව නම් ඕක අලවලා හුගක් කල්. (නි)
දැන් "අර හත්දෙනා " කියන්නේ මොකක්ද? (නි)
සියල්ලන්ම රූකඩ වගේ අපිට නම් හිතෙන්නේ. (නි)
දැන්නේ මම දන්නේ මේකේ අලුත්ම තත්ත්වය. (නි)
මදෑ දිවා රෑ නොබලා මහන්සි වුණා...? (නි)
කමිටුව අපවිත්‍ර වුණේ පටන්ගන්නත් කලින්. (නි)
තවත් දිගුවක් පමණයි(නු)
මම නම් ඔය කමිටුවේ අයගේ සුදුසුකම් සම්බන්ධයෙන් සෑහීමකට පත්වෙන්නේ නැහැ. (නි)
හොද පටළැවිල්ලක්... (නි)
අපේ ලොක්කො නම් කපටි නෑ පොඩ්ඩක් වත්
එම හත් දෙනාට විරුද්ධව වෙනම නඩුවක් ගොනු කළ යුතුයි. (නි)
දැන් තමයි තේරෙන්නේ කුම්බලා මාලු කාපු බළලාගේ කතාව පැරැණ්නන් කියලා තියෙන්නේ කට තහනවට නෙමෙයි කියලා. (නි)
අනේ අප්පේ! කමිටුවට වෙච්ච දෙයක්? (නි)
බලමු. එයාලට බෙදන්නේ මොන හැන්දෙන්ද කියලා. (නි)
අයියෝ සල්ලි
නිතිය රකින්න හැමෝම කටයුතු කරන්න (දී)
අගක් මුලක් නොදැන වැඩ කරන්න යන කාට කාටත් මේවා හොද පාඩම්. (නි)
අයියෝ සල්ලි (දී)
පාර්ලිමේන්තු කාරක සභාවේ කටයුතු ගැන සැහීමකට පත්විය නොහැකි බව දැන් කියන්නේ ජනපතිතුමාමය. අපි ඕක කලින් කියනකොට අපි වැරදියි කියපු අය දැන් කියන්නේ මොනවද කියා දැනගන්න සතුටුයි. කොහොම වුණත් රෑ නිදි නොබලා තදියමේ හදා පෙන්වූ වාර්තාව පවු ! ඊළඟට එන කමිටු වලට මේවා පාඩම්. (නි)
ගලේ පහරපු බළලා වගේ ..!(නු)